Blog Archive

Monday 9 May 2011

භික්‍ෂු විභංගය

නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස.

1 ඒ කාලයෙහි භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ වේරඤජා නුවර සමීපයෙහි නලේරු යක්‍ෂයා අධිගෘහිත වු කොසඔ ගස සමීපයෙහි පන්සියයක් පමණ මහා භික්‍ෂු සමූහයක් සමග වාසය කරන සේක………..

2 වේරඤජ නම් බ්‍රාහ්මණ තෙමේ .භවත්නි, ශාක්‍ය වංශයෙන් පැවිදිව ශ්‍රමණ ගෞතම තෙම පන්සියයක් පමණ වු මහත් භික්‍ෂු සමුහයක් සමග වේරඤජා නුවර නලේරු නම් යක්‍ෂයා අධිගෘහිත වු කොසඹ ගස සමිපයෙහි වාසය කරන්නේලු.

3 .ඒ භවත් ගෞතමයන් වහන්සේ ඒ (භාග්‍යවතුන් වහන්සේ) මේ කාරණයෙනුදු අර්හත් නම් වන සේක. තමන්ම සියලු ධර්‍මයන් අවබෝධ නරගන්නා ලදී. ත්‍රිවිද්‍යා අෂ්ට විද්‍යා හා පසළොස් චරණ ධර්‍මයන්ගෙන් යුක්තය. යහපත් ගමන් ඇත්තේය. තුන් ලෝකය දන්නේය. දමනය කළ යුතු පුරුෂයන් දමනය කිරීමට මීට වඩා ශ්‍රේෂ්ඨයෙක් නැත . දෙවි මිනිසුන්ගේ අනුශාසකයාය. චතුරාර්‍ය සත්‍ය ධර්‍මයන් අවබෝධ කළසේක. භාග්‍ය ( පින් ) ඇත්තේයයි. මෙසේ යහපත් කීර්ති ශබ්දයක් පැන නැංගේය.

4 .හෙතෙම (1) දෙවියන් සහිත වූ මරුන් සහිත වු බඹුන් සහිත වු ශ්‍රමණබ්‍රාහ්මණයන් සහිත ලෝකයෙහි දෙවි මිනිසුන් සහිත වු (2) සත්ව සමූහය විශිෂ්ට ඥානයෙන් දැන ප්‍රත්‍යක්‍ෂ
ඤ ෆ ු ු රැ %
කොට ප්‍රකාශ කරයි. හෙතෙම මුල යහපත් මැද යහපත් අග යහපත් අත්‍ර්‍ථ සහිත ව්‍යඤජන ඇති දොස් නැති පිරිසිදු වු බ්‍රහ්මචය්‍ර්‍යය ය ප්‍රකාශ කරයි (3) එබඳු රහතුන්ගේ දැකීම ඇත්තේ නම් යහපතැ යි. කීයේය.

5 ඉක්බිති වේරඤජා බ්‍රාහ්මණ තෙමේ භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හිද එහි පැමිණියේය. පැමිණ භාග්‍යවතුන් වහන්සේ සමග ප්‍රීති විය. සතුටු විය යුතුවූ , සිහිපත් කටයුතුවූ, කථාව කොට නිමවා එක පැත්තකට වී හුන්නේය. (2) එක පැත්තකට වී හුන් වේරඤජ බ්‍රාහ්මණ තෙමේ භාග්‍යවතුන් වහන්සේට, .භවත් ගෞතමයන් වහන්ස, ශ්‍රමණ ගෞතමයන් වහන්සේ (3) දිරූ, වැඩි මහළු වූ, බොහෝකල් දත්, කලක් ඉක්ම ගිය, අන්තිම වයසට පැමිණි බමුණන්ට නො වඳියි හෝ අස්නෙන් නො නැගිටී හෝ අසුනක් බාර නො දෙයි,. කියා මාවිසින් එය අසන ලදී. .භවත් ගෞතමයන් වහන්ස, එය එසේමද? භවත් ගෞතමයන් වහන්ස, (මෙහි 3 යොදන්න ) බාර නොදෙයි ද?භවත් ගෞතමයන් වහන්ස, එය අයුතුමය..

6 .බමුණ, ( මෙහි 4 -1 යොදන්න) අතරෙහි මම යමෙකුට වඳින්නෙම් නම් හෝ දැක අස්නෙන් නැගිටින්නේ නම් හෝ අසුන බාර දෙන්නෙම් නම් හෝ ඔහු මම නොදක්නෙමි.. බමුණ, තථාගතයන් වහන්සේ යමෙකුට වඳින්නේ නම් හෝ දැක අස්නෙන් නැගිටින්නේ නම් හෝ අසුනක් බාර දෙන්නේ නම් හෝ ඔහුගේ හිස කැඩී වැටෙන්නේය යි. වදාළසේක.

7 .භවත් ගෞතමයන් වහන්සේ සමගි රස නැති කෙනෙක් වැනිදැයි. ඇසීය. (2) .බමුණ, ශ්‍රමණ ගෞතමයන් වහන්සේ සමගි රස නැත්තෙක් වැනියයි යම් කාරණයකින් මට මනා කොට කියන්නේ නම් බමුණ, ඊට හේතුවක් ඇත්තේය, බමුණ, යම් ඒ රූප රසයෝ ඇත්ද , ශබ්ද රසයෝ ඇත්ද, ගන්‍ධ රසයෝ ඇත්ද, රස රසයෝ ඇත්ද, ස්පර්‍ශ රසයෝ ඇත්ද, ඔව්හු තථාගතයන් වහන්සේට නැත්තාහ.මුල් සිඳින ලද්දාහ.මුදුන සිඳින ලද තල් ගසක් මෙන් කරන ලද්දාහ.

ක්‍රමයෙන් නැති කරන ලදහ.මත්තෙහි නූපදින බවට පමුණුවන ලදහ.ශ්‍රමණ ගෞතමයන් වහන්සේ සමගි රස නැත්තෙකු වැනියයි යමක් කරණ කොටගෙන මට මනා කොට කියන්නාහු කියත්ද, .බමුණ,මේ ඒ කාරණයයි ඔබ යමක් සඳහා කියයිද එය නොවේ.

8 .භවත් ගෞතමයන් වහන්සේ සමගි පරිභෝගයක් නැත්තේදැ.යි ඇසීය. (මෙහි7ඡේදය යෙදිය යුතුයි.) යෙදීමේදී,. රසයන් . වෙනුවට .පරිභොගයෝ. යොදන්න.)

9 . භවත් ගෞතමයන් වහන්සේ වැඳීම ආදී කුසල් නොකරන බැවින් නොකිරීම කියන්නෙක්දැ. යි ඇසීය..බමුණ, ශ.්‍රමණ ගෞතමයන් වහන්සේ නොකිරීම කියන්නෙකැ යි. යම් කාරණයකින් මට මනාකොට කියන්නේ නම් බමුණ ඊට හේතුවක් ඇත්තේය.. බමුණ මම කයින් කරන නරක වැඩ, වචනයෙන් කරන නරක වැඩ, සිතින් කරන නරක වැඩ නො කිරීම කියමි.නානාප්‍රකාර ලාමක අකුශල ධර්‍මයන් නොකිරීම කියමි. .ශ්‍රමණ ගෞතමයන් වහන්සේ නොකිරීම කියන්නේය. යි යම් කාරණයකින් මට මනා කොට කියන්නේද?, .බමුණ. මේ ඒ ක්‍රමයයි. නුඹ යමක් සඳහා කියන්නේද එය නොවේ.

10 .භවත් ගෞතමයන් වහන්සේ වැඳීම් ආදී ලෝක චාරිත්‍ර නැති කරන්නෙක්දැ යි. ඇසීය..බමුණ, ශ්‍රමණ ගෞතමයන් වහන්සේ විනාශය කියන්නෙකැයි. යම් කාරණයකින් මට මනා කොට කියන්නේ නම් .බමුණ, ඊට හේතුවක් ඇත්තේය. .බමුණ මම රාගයාගේ, ද්වේෂයාගේ, මෝහයාගේ, විනාශය කියමි.නානාප්‍රකාර අකුශල ධර්‍මයන්ගේ විනාශය කියමි. ශ්‍රමණ ගෞතමයන් වහන්සේ විනාශය කියන්නේ යයි යම් කාරණයකින් මට මනා කොට කියන්නේ ද .බමුණ, මේ ඒ ක්‍රමයයි.නුඹ යමක් සඳහා කියන්නේ ද එය නොවේ..

11 .භවත් ගෞතමයන් වහන්සේ වැඳීම් ආදිය පිළිකුල් කරන්නේදැ. යි ඇසීය. .බමුණ, ශ්‍රමණ ගෞතමයන් වහන්සේ වැඳීම් ආදිය පිළිකුල් කරන්නෙකැයි. යම් කාරණයෙකින් මට මනාකොට කියන්නේ නම්, .බමුණ, ඊට හේතුවක් ඇත්තේය. .බමුණ, මම ශරිරයෙන් කෙරෙන වැරැදි පිළිකුල් කරමි. වචනයෙන් වන වැරැදි පිළිකුල් කරමි. සිතින් වන වැරැදි පිළිකුල් කරමි.නානාප්‍රකාර ලාමක අකුශල ධර්‍මයන් සමාපත්තියෙන් පිළිකුල් කරමි.ශ්‍රමණ ගෞතමයන් වහන්සේ පිළිකුල් කරන්නෙකැයි (2) යම් කාරණයෙකින් මට මනාකොට කියන්නේද, බමුණ, මේ ඒ කාරණයයි.නුඹ යමක් සඳහා කියයිද එය නොවේ.

12 . භවත් ගෞතමයන් වහන්සේ හික්ම විය යුත්තෙක් නිග්‍රහ කළ යුත්තෙක්දැ. යි ඇසීය. ,බමුණ, ශ්‍රමණ ගෞතමයන් වහන්සේ හික්ම විය යුත්තෙකැයි යම් කාරණයකින් මට මනා කොට කියන්නේද, .බමුණ, මම රාගය ,ද්වේශය, මෝහය, හික්මවීම පිණිස බණ කියමි. නානාප්‍රකාර අකුශල ධර්‍මයන් හික්මවීම පිණිස බණ කියමි. ශ්‍රමණ ගෞතමයන් වහන්සේ හික්මවිය යුත්තෙකැයි, (මෙහි 9 (2) යොදන්න.)

13 , භවත් ගෞතමයන් වහන්සේ වැඳීම් ආදිය නොකර තපස්වීන් වෙහෙසන කෙනෙක්දැයි. ඇසීය.. බමුණ, ශ්‍රමණ ගෞතමයන් වහන්සේ තපස් ඇත්තෙකැයි . යම් කාරණයකින් මට මනාකොට කියන්නේද .බමුණ මම කාය දුශ්චරිතය, වාග් දුශ්චරිතය, මනෝ දුශ්චරිතය, තැවිය යුතුයයි කියමි. අකුශල ධර්‍මයන් තැවිය යුතුයයි කියමි. .බමුණ, යමෙකුට වනාහි තැවිය යුතු ලාමක අකුශල ධර්‍මයෝ ප්‍රහීන වූවාහු වෙත්ද, මුල් උදුරණ ලද්දාහු වෙත්ද, මුදුන සිඳින ලද තල් ගසක් මෙන් කරන ලද්දාහු වෙත්ද, අභාවයට යවන ලද්දාහු වෙත්ද, නූපදින ස්වභාවයට පමුණුවන ලද්දාහු වෙත්ද, ඔහුට මම තපස් ඇත්තේයයි, කියමි..බමුණ, තථාගතයන් වහන්සේ විසින් තැවීම කටයුතු වූ ලාමක අකුශල ධර්‍මයෝ ප්‍රහීණ කරන ලද්දාහ.සිඳින ලද මුල් ඇත්තාහ. මුදුන සිඳින ලද තල් ගසක් මෙන් කරන ලද්දාහ.අභාවයට යවන ලද්දාහ.

මත්තෙහි නූපදින තත්‍වයට පමුණුවන ලද්දාහ. .බමුණ, ශ්‍රමණ ගෞතම තෙමේ තපස් ඇත්තේයයි යම් ක්‍රමයකින් කියන්නාහු කියත් නම් , මේ ඒ ක්‍රමයයි. ඔබ යමක් සඳහා කියන්නෙහිද එය නො වේ.

14 .භවත් ගෞතමයන් වහන්සේ දෙව්ලොව ඉපදීමෙන් පහවූයේදැ. ඇසීය. .බමූණ, ශ්‍රමණ ගෞතමයන් වහන්සේ දෙව්ලොව ඉපදීමෙන් වෙන්වූයේයයි. යම්හෙයකින් මට මනාකොට කියන්නේද, .බමුණ, මම මත්තෙහි ගර්භයෙහි සයනය කිරීම, නැවත භවයක ඉපදීම නැතිකරන ලදී. සිඳින ලද මුල් ඇත්තාහු වෙත්ද, මුදුන සිඳින ලද තල්ගසක් මෙන් කරණ ලද්දාහු වෙත්ද, අභාවයට යවන ලද්දාහු ද, මත්තෙහි නූපදින තත්‍වයට පමුණුවන ලද්දාහුද, එය මම ඉපදීමෙන් වෙන් වීමයයි කියමි. .බමුණ, තථාගතයන් වහන්සේ මත්තෙහි ගැබක සයනය කිරීම නැවත භවයක ඉපදීම නැතිකරන ලද්දාහ,මුල් උදුරා දමන ලද්දාහ, මුදුන සිඳු තල් ගසක් මෙන් කරන ලද්දාහ, අභාවයට යවන ලද්දාහ,මත්තෙහි නූපදින තත්‍වයට පමුණුවන ලද්දාහ..බමුණ, ශ්‍රමණ ගෞතමයන් වහන්සේ ඉපදීිමෙන් තොර වූයේයයි කියා මට යම් හෙයකින් කියන්නාහු නම්, මේ ඒ ක්‍රමයයි.ඔබ යමක් සඳහා කියන්නේ නම් එය නො වේ.

15 , බමුණ, යම් සේ අටක් හෝ දහයක් හෝ දොළසක් හෝ කිකිළි බිත්තර වෙත්ද, ඒ බිත්තර උඩ කිකිළිය යහපත්සේ නිදනලද්දී ද, යහපත්සේ උනුසුම් කරන ලද්දාහු වෙත් ද කුකුඑ ගඳ ගස්වන ලද්දාහු වෙත් ද ඒ කුකුඑ පැටවුන්ගෙන් යම් කිසිවෙක් පළමුවෙන් පයේ නිය අගින් හෝ හොට අගින් හෝ බිත්තරය බිඳ සැපසේ පිටවන්නේ ද, කිමෙක් ද? හෙතෙම වැඩිමහළුද බාලයයි කිව යුතුදැ.යි ඇසීය, .භවත් ගෞතමයන් වහන්ස, ඔහුට වැඩිමහළුයයි.. කිව යුතුය. හෙතෙම ඔවුන්ගේ වැඩිමලාය..බමුණ එසේම මම හාත්පසින් වැසුන අවිද්‍යාවට ගිය සතුන් අතරෙහි අවිද්‍යාව නමැති බිත්තරය බිඳ තනිව ලෝකයෙහි ශ්‍රේෂ්ඨ බුද්ධත්‍වය ලැබු වෙමි.ඒ මම ලෝකයට ජ්‍යෙෂ්ඨ ය. ශ්‍රේෂ්ඨ ය.,

16 , බමුණ, මාවිසින් වීය්‍ර්‍යය පටන්ගන්නාලදී. නො සැගවුණේය. සිහිය එළඹ සිටියේය. මුලා නොවීය.ශරීරය සංසිඳුණේය.දාහ නැතිවිය.සිත සමාධිගත විය.එකග වූයේය..බමුණ, ඒ මම (2) කාමයන්ගෙන් වෙන්ව අනුශල ධර්‍මයන්ගෙන් වෙන්ව විතර්‍ක සහිත විචාර සහිත විවේකයෙන් උපන් ප්‍රීතිය හා සැපය ඇති ප්‍රථමධ්‍යානයට පැමිණ වාසය කෙළෙමි.විතර්‍ක විචාරයන්ගේ සංසිඳිමෙන් ඇතුළත පැහැදීම ඇති සිත් හා එකට පහළවීම ඇති විතර්‍ක නැති විචාර නැති සිත එකග කිරීමෙන් උපන් දෙවෙනි ධ්‍යානයට පැමිණ වාසය කරමි.ප්‍රීතිය පහවීමෙන් උපෙක්‍ෂාවෙන් යුක්තව වාසය කෙළෙමි.සිහි ඇතිව යහපත් නුවණින් යුක්තව කයින් සැපයක් වින්දෙමි.යමක් ආය්‍ර්‍යයෝ උපේක්‍ෂා ඇත්තේ සිහි ඇත්තේ සැපසේ වාසය කෙරේයයි තියත්ද, ඒ තුන් වෙනි ධ්‍යානයට පැමිණ වාසය කෙළෙමි.සැප නැතිවීමෙන්ද දුක නැතිවීමෙන්ද පෙරම සොම්නස් දොම්නස් දෙකම අස්තයට යාමෙන් දුක් නැති සැප නැති උපේක්‍ෂාවෙන් උපන් සිහියේ පිරිසිදුකම ඇති සතරවෙනි ධ්‍යානයට පැමිණ වාසය කරමි.

17 .ඒ මම මෙසේ සිත එකග වූ කල්හි පිරිසිදු වූ කල්හි දීප්තිමත් වු කල්හි කිලිටි නැති වූ කල්හි කෙළෙස් නැති වූ කල්හි පහ වු උවදුරු ඇති කල්හි මෘදු වූ කල්හි කර්‍මයට යොග්‍යව සිටි කල්හි නොසෙල්වෙන බවට පැමිණි කල්හි පෙර විසූ කඳ පිළිවෙළ සිහි කරන නුවණ පිණිස සිත නැමුයෙමි. (මෙහි, කෙරෙයි, යන්න, කළෙමි, කියා වෙනස් කොට 1 දීඝනිකායේ 52 ඡේදය යොදන්න) (126 පිට) බමුණ, මේ මාගේ බිජුවටින් කුකුළු පැටියාගේ මෙන් ප්‍රථම පහළවීම වේ..

18 ( මෙහි. .නමයි. යනු .නැමීම. කියා වෙනස් කොට 1 දීඝනිකායේ 76 ඡෙදය යොදන්න´ (128) .බමුණ, මේ මාගේ බිජුවටින් කුකුළු පැටවාගේ මෙන් දෙවෙනි පහළවීම වේ..

19 ( මෙහි. .නමයි. යනු .නැමීම. කියා වෙනස් කොට දීඝනිකායේ 78 ඡෙදය යොදන්න) (130 පිට) .බමුණ, මේ මාගේ බිජුවටින් කුකුළු පැටවාගේ මෙන් තුන්වෙනි පහළවීම වේ.

20 මෙසේ කී කල්හි වේරඤජ බ්‍රාහ්මණ තෙමේ භාග්‍යවතුන් වහන්සේට .භවත් ගෞතමයන් වහන්සේ ජ්‍යෙෂ්ඨය. භවත් ගෞතමයන් වහන්සේ ශ්‍රේෂ්ඨය, (මෙහි 1 දීඝනිකායේ 132 පිටේ .ස්වාමීනි .යන තැන සිට ගනිමි, යන තැනට යොදන්න) භවත් ගෞතමයන් වහන්සේ භික්‍ෂු සංඝයා සමග වේරඤජාවෙහි වස් විසිම ඉවසන සේක්වා.යි කීවේය. භාග්‍යවතුන් වහන්සේ තුෂ්ණීම්භාවයෙන් ඉවසූසේක. ඉක්බිති වේරඤජ බ්‍රාහ්මණ තෙම භාග්‍යවතුන් වහ්සේගේ පිළිගැනීම දැන අස්නෙන් නැගිට, භාග්‍යවතුන් වහන්සේ වටේ කැරකී වැඳ (පැදකුණූ කොට ) ගියේය.

21 එකල්හි වනාහි වේරඤජාවෙහි දුර්භික්‍ෂය ඇත්තේ වෙයි. ජීවත් වේදෝ නොවේදෝ හෝයි යන අදහස් දෙක ඇත්තේ සුදුවූ ධාන්‍ය ඇත්තේ සීට්ටු ක්‍රමයෙන් ජීවත් වීම ඇත්තේ පිඩු සිගීමෙන් ජීවත්වන්ට නොහැක්කේ විය. එකල්හි වනාහි උතුරු දෙශයෙහි වූ අශ්ව වෙළෙන්දෝ අශ්වයන් පන්සියයක් සමග වේරඤජාවෙහි වාසයට පැමිණියාහු වෙත්. ඔවුන් විසින් අශ්වයන් සිටි භුමියේ හුන් භික්‍ෂුන්ට නැළියක් පමණ යව එක් නමකට නියම කරන ලද්දාහු වෙත්.

22 භික්‍ෂුහු පෙරවරු වේලෙහි හැඳ පොරවා පාත්‍ර සිවුරු රැගෙන වේරඤජාවට පිඩු පිණිස වැඩ, පිඩු නො ලබන්නාහු අශ්ව භුමීන්හි පිඩු පිණිස හැසිර යව නැළිය ආරාමයට ගෙනවුත් වනේ කොටා අනුභව කරත්. ආයුෂ්මත් ආනන්‍ද ස්ථවිර තෙමේ යව නැළියක් ගලෙක්හි අඹරා භාග්‍යවතුන් වහන්සේට පිළිගැන්වූයේය. භාග්‍යවතුන් වහන්සේ එය වැළඳූසේක.

23 භාග්‍යවතුන් වහන්සේ වංගෙඩි ශබ්දය ඇසූසේක. තථාගතවරයෝ දන්නාහුද විචාරත්, දන්නාහුද නො විචාරත්, කාලය දැන විචාරත්, කාලය දැන නො විචාරත් , තථාගතවරයෝ වැඩක් ඇතිව විචාරත්, වැඩක් නැතිව නො විචාරත් ,වැඩක් නැති දෙය තථාගතයන් විසින් මාර්‍ගයෙන් නසන ලදී, දෙපරිද්දෙකින් භාග්‍යවත් බුදුවරු භික්‍ෂූන් විචාරත්, .බණ හෝ වදාරන්නෙමි, ශ්‍රාවකයන්ට ශික්‍ෂාපද හෝ පනවන්නෙමියි. කියාය

24 ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ ආයුෂ්මත් අනඳ තෙරුන්ට කථා කලසේක. .ආනන්‍දය, ඒ වංගෙඩි ශබ්දය නුමක්දැයි, ඇසූසේක. ඉක්බිති ආයුෂ්මත් ආනන්‍ද සථවිරයන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේට මේ කාරණය සැල කලසේක. .ආනන්‍දය, යහපත, යහපත, ආනන්‍දය, තොප වැනි සත්පුරුෂයන් නිසා දුර්භික්‍ෂය දිනන ලදී. පසුව ඇතිවන අය හැල් බත් හා මස් උසස් කොට නොගන්නාහ. යි වදාළෝය.

25 ඉක්බිති ආයුෂ්මත් මහ මුගලන් ස්ථවිර තෙමේ භාග්‍යවතුන් වහන්සේ යම්තැනෙක්හි ද එහි පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේ වැඳ එක්පැත්තක සිටියේය. එක්පැත්තකට වී හුන් ආයුෂ්මත් මහ මුගලන් තෙමේ භාග්‍යවතුත් වහන්සේට, , ස්වාමීනි, දැන් වේරඤජාවට දුර්භික්‍ෂයකි, අදහස් දෙකකි. සුදු ඇට ඇත්තේය. සීට්ටු ක්‍රමයෙන් ජීවත් වීම ඇත, පිඩු සිගා යාමෙන් ජීවත් වන්නට නොහැක්ක, ස්වාමීනි, මේ පෘථිවියෙහි යට පැත්ත සශ්‍රිකය, කුඩා මැස්සන් විසින් බඳින ලද පිළවුන් නැති මීයක් මෙනි.මෙසේ කෑමට රසවත්ය. සවාමීනි, මම පෘථිවිය පෙරළන්නෙම් නම් යෙහෙක. භික්‍ෂූහු පෘථිවි රසය අනුභව කරන්නාහු නම් යහපත්ය,, යි කීයේය. .මොග්ගල්ලානය යම් ඒ පෘථිවිය ඇසුරු කොට ඇති සත්තු වෙත්ද ඔවුන්ට කුමක් කරන්නෙහිදැ.යි ඇසීය..ස්වාමීනි.මම මහා පෘථිවිය ප්‍රමාන එක් අතක් මවා ගන්නෙමි.පෘථිවිය ඇසුරු කළ සතුන් වෙත්ද, ඔවුන් ඊට මාරු කරන්නෙමි. එක් අතකින් පොළොව පෙරලන්නෙමි.ියි කීයේය. මොග්ගල්ලානය, තොපට පොළොව පෙරළන්ට රුචියක් නොවේවා. සත්‍වයෝ විපය්‍ර්‍යාසයකට පැමිනෙන්නාහුය, .ස්වාමීනි, සියළු භික්‍ෂුහු උතුරුකුරු දිවයිනට පිණ්ඩපාතය පිණිස යන්නාහු නම් යහපතැයි. කීයේය. .මොග්ගල්ලානය, එපා. සියළු භික්‍ෂුන් උතුරුකුරු දිවයිනට පිණ්ඩපාතය නොයේවා..

26 ඉක්බිති රහසිගත වූ හුදකලා වූ ආයුෂ්මත් සැරියුත් තෙරුන්ට ( 11 ) මෙසේ සිතට සැකයක් පහළවිය. කිනම් භාග්‍යවත් බුදුකෙනෙකුන්ගේ ශාසනය බොහෝ කලක් නොපැවැත්වේ ද කිනම් භාග්‍යවත් බුදුවරුන්ගේ ශාසනය බොහෝ කල් පැවැත්වේ ද ?(3) ඉක්බිති ආයුෂ්මත් ශාරිපුත්‍ර ස්ථවිරයන් වහන්සේ සවස් කාලයෙහි පලසමවතින් නැගිට්ටේ භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හි ද එහි පැමිනියේය. පැමිණ භාග්‍යවතුන් වහන්සේ වැඳ එක්පැත්තකට වී සිටියේය. එකත්පසෙක සිටි ආයුෂ්මත් ශාරිපුත්‍ර සථවිරයන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේට .ස්වාමීනි, මෙහි රහසිගත වු විවේකයට ගිය මට (මෙහි (2) යොදන්න) .ශාරිපුත්‍රය, (5 ) විපස්සී බුදුරජාණන් වහන්සේගේ ද, සිඛී බුදුරජාණන් වහන්සේගේ ද, වෙසසභූ බුදුරජාණන් වහන්සේගේ ද, ශාසනය බොහෝ කලක් (5) නො පැවැත්තේය. ශාරිපුත්‍රය, කකුසඳ බුදුරජාණන් වහන්සේගේ ද, කෝනාගම බුදුරජාණන් වහන්සේගේ ද, කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ ද, ශාසනය බෝහෝ කලක් පැවැත්තේ යයි . කීයේය.

27 ,ස්වාමීනි, යම් කරුණකින් භාග්‍යවත් ( මෙහි 4 (4) යොදන්න ) නොපැවැත්තේදැ, යි ඇසීය. , ශාරිපුත්‍රය. විපස්සී භාග්‍යවතුන් වහන්සේ ද, සිඛී භාග්‍යවතුන් වහන්සේ ද, වෙස්සභු භාග්‍යවතුන් වහන්සේ ද, ශ්‍රාවකයන්ට විස්තර වශයෙන් ධර්‍මදේශනා කරන්ට වෙහෙසුනාහුය. උන්වහන්සේලාගේ (2) සූත්‍ර නමින් යුත් බණ, වාසගම් දෙකින් මිශ්‍ර බණ . ගාථා, ප්‍රීති වාක්‍ය, මෙසේ කීයේය යන ධර්‍ම, ජාතක විෂ්මය ජනක ධර්‍ම, බලවත ්ප්‍රීතිවාක්‍ය යන අංග නවයකින් යුත් ධර්‍ම ස්වල්පය, ශ්‍රාවකයන්ට ශික්‍ෂාපද නොපනවන ලදී. ප්‍රාතිමොක්‍ෂය නොදෙසන ලදී, ඒ භාග්‍යවත් බුදුවරුන්ගේ පිරිනිවීමෙන් බුදුන්ගෙන් අසා අවබෝධ කරගත් ශ්‍රාවකයන්ගේ අතුරුදහන් වීමෙන්, යම් ඒ, පසුව සිටි ශ්‍රාවකකෙනෙක් ඇත් ද නොයෙක් නම් ඇත්තාහු. නොයෙක් ගෝත්‍ර ඇත්තාහු, නොයෙක් ජාති ඇත්තාහු,නොයෙක් වංශවලින් පැවිදිවූවාහු ඒ ධර්‍මය වහා අතුරුදහන් කළාහුය. .ශාරිපුත්‍රය, යම්සේ නොයෙක් මල්. තැටියෙක්හි දමන ලද්දාහු නූලකින් නො අමුනන ලද්දාහු වාතය විසුරුවයිද. පිඹහරියිද , වනසයිද,
ඊට හේතු කවරේද? යම්සේ නූලකින් එකතු නො කරනලද්දාහු ද එමෙනි,, .ශාරිපුත්‍රය, එසේම ඒ භාග්‍යවත් බුදුවරුන්ගේ නැතිවීමෙන් නොයෙක් නම් ඇති, නොයෙක් ගෝත්‍ර ඇති. නොයෙක් ජාති ඇති, නොයෙක් වංශවලින් පැවිදි වූ ඒ ශ්‍රාවකයෝ ඒ ශාසනය වහා නැති කළාහුය. ඒ බුදුවරුද සිතින් සිත දැන ශ්‍රාවකයන්ට අවවාද කරන්නට නො වෙහෙසුනාහුය.

28 ,ශාරීපුත්‍රය, පෙර වූ දෙයක් කියමි .අර්‍හත් සම්‍යක් සම්බුදධ වූ වෙස්සභු භාග්‍යවතුන් වහන්සේ එක්තරා භයජනක වනලැහැබෙක්හි දහසක් භික්‍ෂු සංඝයා සිතින් සිත දැන අවවාද කරයි. අනුශාසනා කරයි. මෙසේ සිතව්. මෙසේ නො සිතව්. මෙසේ මෙනෙහි කරව් මෙසේ මෙනෙහි නොකරව්. මෙය අත්හරිව්. මීට පැමිණ වාසය කරව්ය,යි කියායි .ශාරීපුත්‍රය, ඉක්බිති ඒ භික්‍ෂූන් දහසට වෙස්සභු භාග්‍යවතුන් වහන්සේ විසින් අවවාද කරන්නේ අනුශාසනා කරන්නේ රාගාදී වශයෙන් නොගෙන කෙළෙසුන්ගෙන් සිත මිදුනේය. ශාරිපුත්‍රය, එහි භයජනක වනලැහැබේ භයජනක බව වේ. යම්ිකිසි කෙළෙස් නැසූ කෙනෙක් ඒ වන ලැහැබට පැමිණේද රෑ බොහෝසෙයින් ලොම් කෙළින් සිටින්නේය. ශාරීපුත්‍රය, විපසසී සිඛි වෙසසභු බුදුවරුන්ගේ ශාසනය බොහෝ කල් නො පැවතීමට මේ හේතුවකි..

29 .ස්වාමීනි, යම්කරුණකින් (2) කකුසඳ, කෝනාගම, කාශ්‍යප බුදුවරුන්ගේ ශාසනය බොහෝ කල් පැවැත්තේද ඊට හේතු ප්‍රත්‍යය කවරේද? (3) .ශාරීපුත්‍රය, කකුසඳ, කෝනාගම, කාශ්‍යප යන බුදුවරු ශ්‍රාවකයන්ට විස්තර වශයෙන් ධර්‍මදෙශනා කරන්නට වෙහෙස නො වූවාහුද, උන්වහන්සේලාගේ (මෙහි27 (2)) යෙදීමේදී, .ස්වල්ප. වෙනුවට .බොහෝ . .වහාම අතුරුදහන් කළාහුය.යන්නට .බොහෝ කලක් රෑක්කාහුය. කියාද, .නූලකින් එකතු නො කරන ලද්දාහුය. යන්නට .නූලකින් එකතු කරන ලද්දාහු. කියාද, .නො විසුරුවයි, පිඹ නො හරියි, නොම නසයි, බොහෝ චිරස්ථායි වීයයි. කියා වෙනස්කර යොදා ගත යුතුයි.)

30 ඉක්බිති ආයුෂ්මත් ශාරිපුත්‍ර තෙමේ අස්නෙන් නැගිට තනිපට සිවුර ඒකාංශ කොටපෙරවා, භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හිද එතන්හි දොහොත් මුදු දී භාග්‍යවතුන් වහන්සේට .භාග්‍යවතුන් වහන්ස, මෙය කල්ය, සුගතයන් වහන්ස, එයට කාලයයි. යම්හෙයකින් භාග්‍යවතුන් වහන්සේ ශ්‍රාවකයන්ට ශික්‍ෂාපද පණවන්නේද, පාමොක් උදෙසන්නේද, යම්සේ මේ බ්‍රහ්මචය්‍ර්‍යය බොහෝකල් පවත්නේ වේ.බොහෝ කල් සිටින්නේ වේයයි. මෙසේ කීවේය. ,ශාරිපුත්‍රය, ඔබ නවතින්න. ශාරිපුත්‍රය, ඔබ නවතින්න. තථාගතයන් වහන්සේම ඊට කාලය දන්නේය. ශාරිපුත්‍රය, තවම ශ්‍රාවකයන්ට ශික්‍ෂාපද නො පණවයි.පාමොක් නො උදෙසයි. යම්තාක් මෙහි කෙළෙස් ඇතිවන ඇතම් කාරණයෝ සංඝයා කෙරෙහි පහළ නොවෙත්ද ඒතාක්ය. ශාරිපුත්‍රය, සංඝයා කෙරෙහි කෙළෙස්වලට හේතු ධර්‍මයන් පහලවෙත්ද ඒ කෙළෙසුන්ට හේතු ධර්‍ම නැසීමට එකල ශාසතෘන් වහන්සේ ශ්‍රාවකයන්ට ශික්‍ෂාපද පණවයි. ප්‍රාතිමොක්‍ෂය දේශනා කරයි. ශාරීපුත්‍රය, මේතාක් ලෝකයෙහි වූ ඇතම් ක්ලෙශ ධර්‍ම කෙනෙක් සංඝයා කෙරෙහි පහළ නොවෙත්.,

31 ,යම් තැනක සිට සංඝයා වස් ගණනින් මහත් බවට පැමිණියේද, (2) එකල මේ් ලෝකයෙහි කෙළෙසුන්ට හේතු කරුණු සංඝයා කෙරෙහි පහළවෙත්. එකල ශාසතෘන් වහන්සේ ශ්‍රාවකයන්ට ශික්‍ෂාපද පණවනසේක. ඒ කෙළෙසුන්ට හේතු ධර්‍ම නැසීම පිණිස ප්‍රාතිමොක්‍ෂය දේශනා කරනසේක.ශාරිපුත්‍රය, මේතාක් සංඝයා කෙරෙහි සමහර කෙලෙසුන්ට හේතු ධර්‍ම පහළ නොවෙත්.,

32 , යම් තැනක සිට සංඝයා පිරිස් වශයෙන් මහත් බවට පැමිණියේද, (මෙහි31 (2 ) යොදන්න. )

33 , යම් තැනක සිට සංඝයා ලාභයෙන් මහත් බවට පැමිණියේද, (මෙහි 31 (2) යොදන්න)

34 , යම් තැනක සිට සංඝයා උගත් කමින් මහත් බවට පැමිණියේද( 31(2) යොදන්න) ශාරිපුත්‍රය, භික්‍ෂු

සංඝ තෙමේ දුශ්ශීලයන්ගෙන් තොරය. උවදුරුවලින් තොරය. විපතින් බැහැරය. පහවූ දුශ්ශීලයන් ඇත්තේය. පිරිසිදුය. හර ගුණධර්‍මවලින් යුක්තය. ශාරිපුත්‍රය, මේ භික්‍ෂූණ පන්සියය අතරින් යමෙක් බාලද හෙතෙම සෝවාන්ය. අපායෙහි නො වැටෙන ස්වභාව ඇත්තේය. නිවනට නියමය. අවබෝධය. ශ්‍රේෂ්ඨ පිහිට කොට ඇත්තේය.,

35 ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ ආයුෂ්මත් ආනන්ද සථවිරයන් වහන්සේ ඇමතුසේක. , ආනන්දය, යමෙකු විසින් ආරාධනා කරනු ලැබ වස් වසත්ද, ඔවුන් නොවිචාරා ඇවිදීමට යාම තථාගතවරුන් විසින් පුරුදු නොකරන ලදී. යමු, වේරඤජ බ්‍රාහ්මණයා විචාරමුයයි, වදාළසේක. ආයුෂ්මත් ආනන්ද සථවිරයන් වහන්සේ .එසේය, ස්වාමීනි.යි භාග්‍යවතුන් වහන්සේට පිළිතුරු දුන්හ. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ හැඳ පොරවා පාත්‍රය හා සිවුරු ගෙන ආයුෂ්මත් ආනන්ද තෙරුන්ට පෙරටුව වේරඤජ බ්‍රාහ්මණයාගේ නිවසට වැඩිසේක. වැඩ පනවන ලද අස්නෙහි වැඩසිටිසේක.

36 ඉක්බිති වේරඤ්ඡ බ්‍රාහමණ තේම් භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත් පසෙක සිටියේය .එකත් පසෙක සිටි වේරඤ්ඡ බ්‍රාහ්මණයාට භාග්‍යවතුන් වහන්සේ ,බමුණ, ඔබ විසින් අපි ආරාධනා කරණ ලද්දෙමු. වස් වුසූමු. ඔබගෙන් අපි දනවු සැරිසැරීමට යාමට අවසර ගනිමු. අපි දනවු සැරිසැරීමට යාමට කැමැත්තෙමුයි, කීවාහ. ,භවත් ගෞතමයන් වහන්ස, ඇත්තය, ආරාධනය කෙළේ වෙමු. අපි වස් වසවන ලද්දෝ වෙමු. එතකුදුවුවත් යම් දිය යුතු දෙයක් ඇත්ද, එය නො දෙන ලදී. එයද නැතිව නො වේ. නොදෙනු කැමැත්තෙන්ද නොවේ. ගිහි ගෙයි වාසයෙන් බොහෝ වැඩ කටයුතු ඇත්තේය. ඊට කොයින් අවකාශ ලබම්ද? භවත් ගෞතමයන් වහන්සේ හෙට දවස පිණිස භික්‍ෂු සංඝයා සමග මාගේ දානය පිළිගනු මැනවයි, කීයේය. භා්‍යවතුන් වහන්සේ නිශ්ශබ්දව ඉවසූ සේක. ඉක්බිති
භාග්‍යවතුන් වහන්සේ වේරඤ්ජ බ්‍රාහ්මණයා දැහැමි කථාවෙන් කරුණු සහිතව පෙන්වා සමාදන් කරවා තෙද ගන්වා සතුටු කරවා අස්නෙන් නැගිට වැඩිසේක.

37 ඉක්බිති වේරඤජ බ්‍රාහ්මණ තෙම ඒ රාත්‍රිය ඇවෑමෙන් සිය ගෘහයෙහි රසවත් කෑයුතු බුදිය යුතු දෙය පිළියෙල කරවා ,භවත් ගෞතමයන් වහන්ස, දානයට කල් පැමිණියේය. සූදානම් කර අවසානයයි, කීය. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ පෙරවරු වේලෙහි හැඳ පොරවා පාත්‍ර සිවුරු ගෙන වේරඤජ බ්‍රාහ්මණයාගේ ගෘහය යම් තැනෙක්හිද, එහි පැමිණියේය. පැමිණ පනවන ලද අස්නෙහි භික්‍ෂු සංඝයා සමග හිඳගත් සේක. ඉක්බිති වේරඤ්ජ බ්‍රාහ්මණ තෙම බුදුන් ප්‍රධාන කොට ඇති භික්‍ෂූ සංඝයා රසවත් කෑ යුතු බුදිය යුතු දෙයින්ම සියතින්ම වළඳවා අවසන් කරවා වැළඳු පාත්‍රයෙන් ඉවතට ගත් අත් ඇති භාග්‍යවතුන් වහන්සේ තුන් සිවුරෙන් ඇන්දවු සේක. එක් එක් භික්‍ෂුව එක් එක් වස්ත්‍ර දෙකකින් ඇන්දවූයේය.

38 ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ වේරඤ්ජ බ්‍රාහ්මණයා දැහැමි කථාවෙන් උදාහරන සහිතව පෙන්වා සමාදන් කරවා උත්සාහවත් කරවා සතුටු කරවා අස්නෙන් නැගිට වැඩිසේක.ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ වේරඤජා නුවර කැමැතිතාක් කල් වාසය කොට සෝරෙය්‍ය, සංකස්ස, කාන්‍යකුබ්ජයන්ට පිළිවෙලින් පැමිණ ප්‍රයාග ප්‍රතිෂ්ඨාන නම් තොටුපලින් ගංගා නම් ගඟින් එගොඩ වී බරණැස් නුවර යම් තැනෙක්හිද එහි විසූ සේක. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ බරණැස් නුවර කැමැතිතාක් වාසය කොට විශාලා මහනුවර යම් තැනෙක්හිද එහි වැඩිසේක. පිළිවෙලින් චාරිකාවෙහි හැසිරෙන්නේ විශාලා මහනුවර වාසය කළසේක.භාග්‍යවතුන් වහන්සේ එහි මහා වනයෙහි කූටාගාර ශාලාවෙහි වාසය කරනසේක.

වේරඤජ කොටස නිමි .


ප්‍රධාන වෙබි අඩවියට පිවිසෙන්න ලංකාට්‍රොනික්



No comments:

Post a Comment