Blog Archive

Monday 9 May 2011

මිශ්‍ර කථා

1 එකල්හි වනාහි සවග භික්‍ෂුහු රෙදි වනන තැනට ගොස් රෙදි පොට්ටනියක් සොරකම් කළාහුය.භාග්‍යවතුන් වහන්සේ ශික්‍ෂා පදයක් නියම කරන ලදී. කිමෙක්ද ,මම පාරාජිකා ඇවැතට පැමිනියෙම්දැයි , සැකයක් ඇති විය.භාග්‍යවතුන් වහන්සේට මේ කාරණය සැළ කළාහුය., මහණෙනි, තෙපි පාරාජිකා ඇවැතට පැමිණියාහුය.,

2 එකල්හි වනාහි එක්තරා භික්‍ෂුවක් රෙදි වනන තැනට ගොස් වටිනා වස්ත්‍රයක් දැක සොරසිත ඉපදවූයේය. ඔහුට සැකයක් පහළ විය ., කිමෙක්ද මම පාරාජිකා ඇවැතට අසුවූයේදැයි, කියායි. භාග්‍යවතුන් වහන්සේට මේ කාරණය සැළ කළේය.,මහණ, සිත ඇතිවු පමණින් ඇවැත් නොවේ ,

3 එකල්හි වනාහි එක්තරා භික්‍ෂුවක් රෙදි වනන තැනට ගොස් මහත් වටිනා වස්ත්‍රයක් දැක අතින් ඇල්ලු වේය . ඔහුට සැකයක් පහළ විය ., කිමෙක්ද? මම පාරාජිකා ඇවැතට අසුවූයේදැයි , කියායි., මහණ, පාරාජිකා ඇවැත් නොවේ දුකුලා ඇවැත් වේ ,

4 එකල්හි වනාහි එක්තරා භික්‍ෂුවක් රෙදි වනන තැනට පැමිණ වටිනා වස්ත්‍රයක් දැක සොර සිතින් සෙලවීය . ඔහුට සැකයක් පහළ විය ., කිමෙක්ද මම පාරාජිකා ඇවැතට අසුවූයේදැයි , කියායි., මහණ, පාරාජිකා ඇවැත් නොවේ ථුලසි ඇවැත් වේ ,

5 එකල්හි වනාහි එක්තරා භික්‍ෂුවක් රෙදි වනන තැනට පැමිණ වටිනා වස්ත්‍රයක් දැක සොර සිතින් තිබූ තැනින් ඈත් කෙළේය . ඔහුට සැකයක් පහළ විය ., මහණ, ඔබ පාරාජිකා ඇවැතටඅසුවුයෙහිය. ,

6 එකල්හි වනාහි එක්තරා පිණ්ඩපාතයෙහි වඩින භික්‍ෂුවක් මහත් උතුරු සළුවක් දැක සොරසිත ඉපදවීය. සොර සිතින් ඇල්ලුවේය. සොරසිතින් සෙලවුයේය. සොර සිතින් තැනින් ඉවත් කෙළේය. ඔහුට සැකයක් විය ., මහණ, ඔබ පාරාජිකා ඇවැතට අසුවූයෙහිය.,

7 එකල්හි වනාහි එක්තරා භික්‍ෂුවක් දවල් බඩුවක් දැක රාත්‍රී යෙහි සොරකම් කරන්නෙමියි සිහිතබා ගත්තේය. හෙතෙම එය සිතමින් එය සොරෙන් ගත්තේය. එය යයි සිතමින් අනිකක් ගත්තේය. අනිකක්ය සිතා එය ගත්තේය. අනිකක්ය සිතා අනිකක් ගත්තේය. ඔහුට සැකයක් පහළවිය. , මහණ, ඔබ පාරාජිකා ඇවැතට පැමිණියෙහිය,

8 එකල්හි වනාහි එක්තරා භික්‍ෂුවක් බඩුවක් රාත්‍රීයෙහි සොරකම් කරන්නෙමියි දවල් සලකුණක් කර ගියේය. හෙතෙම එයය යන අදහසින් තමන්ගේ බඩුවක් සොරකම් කළේය. ඔහුට සැක පහළවිය , මහණ, පාරාජිකාවට නො පැමිණියෙහිය දුකුලා ඇවැත් වේ.,

9 එකල්හි වනාහි එක්තරා භික්‍ෂුවක් බඩුවක් ගෙන යන්නාවූ අනිකෙකුගේ හිසෙහි වු බර සොර සිතින් ඇල්ලුවේය. සොර සිතින් සෙලවුයේය.සොර සිතින් කරෙහි තැබුයේය.කරෙහි වු බර සොර සිතින් ඇල්වීය.සොර සිතින් සෙලවුයේය.සොර සිතින් උකුලට ගත්තේය. උකුලෙහි බර අතින් ඇල්ලුවේය.සොර සිතින් සෙලවුයේය.සොර සිතින් අතින් අල්වා ගත්තේය.අතෙහි වු බර සොර සිතින් බිම තැබුවේය.සොර සිතින් බිමෙන් අරගත්තේය. ඔහුට සැකයක් පහළ විය. , මහණ, ඔබ පාරාජිකා ඇවැතට පැමිණියෙහිය,.

10 එකල්හි වනාහි එක්තරා භික්‍ෂුවක් අවකාශ ස්ථානයෙහි සිවුරක් එලා විහාරයට ඇතුල් වූයේය.අනික් භික්‍ෂුනමක් මේ සිවුර නැති නොවේවායි ඇකුලුවේය. හෙතෙම පිටවී අවුත් ,ඇවැත්නි, මගේ සිවුර කවුරුන් විසින් සොරකම් කළේදැයි, ඒ භික්‍ෂුවගෙන් ඇසීය. හෙතෙම ,මා විසින් ගෙනෙන ලදැයි, කීයේය., ඔබ ශ්‍රමණයෙක් නොවේයයි , කියා එය ගත්තේය. ඔහුට සැකයක් පහළවිය. භාග්‍යවතුන් වහන්සේට මේ කාරණය සැළකෙළේය. , මහණ, ඔබ කිනම් සිතක් ඇත්තෙහිද? , , භාග්‍යවතුන් වහන්ස, මම ව්‍යවහාර මාත්‍රයක් ඇත්තෙමියි,, මහණ, කථා ව්‍යවාහාරය ලෙසට ඇවැත් නැතයි , වදාළසේක.

11 එකල්හි වනාහි එක්තරා භික්‍ෂුවක් පුටුවක සිවුරක් දමා, පුටුවක හිඳගන්නා පිරිකරදමා, පුටුවක් උඩ පාත්‍රය දමා විහාරයට ඇතුල් විය. අනික් භික්‍ෂුවක් මේ පාත්‍රය නොනසීවායි තැන්පත් කෙළේය.හෙතෙම නික්මී අවුත් , ඇවැත්නි, මගේ පාත්‍රය ගත්තෙහිදැයි , ඒ භික්‍ෂුවගෙන් ඇසීය. හෙතෙම , මා විසින් ගෙන තබන ලදියි, කීවේය.හෙතෙම , ඔබ ශ්‍රමණයෙක් නොවෙහියයි , ගත්තේය. ඔහුට සැකයක් විය. ,මහණ, කථාවේ හැටියට ඇවැත් නොවේ. ,

12 එකල්හි වනාහි එක්තරා භික්‍ෂුණියක් වැටක සිවුරක් වනා විහාරයට ඇතුල් විය. එක්තරා භික්‍ෂුණියක් මේ සිවුර නැති නොවේවායි අකුලා කැබුවාය. ඕ තොමෝ නික්මී ඒ භික්‍ෂුණිය ගෙන් , ආය්‍ර්‍යාවෙනි, මාගේ සිවුර කවරෙකු විසින් ගත්තේදැයි, ඇසීය.ඕ තොමෝ , මා විසින් ගන්නා ලදැයි, කීවාය., ඔබ භික්‍ෂුණියක් නොවෙහියයි , කියා එය ගත්තීය. ඈට සැකයක් විය. ඉක්බිති භික්‍ෂුණීහු භික්‍ෂුන්ට මේ කාරණය කීවාහුය. භාග්‍යවතුන් වහන්සේ භික්‍ෂුන්ට කථා කළසේක , මහණ, කථාවේ හැටියට ඇවැත් නොවේ ,

13 එකල්හි වනාහි එක්තරා භික්‍ෂුවක් සුළි හුළඟකින් උඩට ඔසවන ලද සළුවක් අයිති කරුවන්ට දෙන්නෙමියි අල්වා ගත්තේය. අයිතිකරුවා , ඔබ ශ්‍රමණයෙක් නොවෙහි යයි , ඒ භික්‍ෂූවට චෝදනා කළාහුය.ඔහුට සැකයක් පහළ විය., මහණ, ඔබ කිනම් සිතක් ඇත්තෙහිදැයි , ඇසීය., භග්‍යවතුන් වහන්ස මම සොර සිත් නැත්තෙමියි ,කීයේය., සොර සිත් නැත්තාහට ඇවැත් නැත.,

14 එකල්හි වනාහි එක්තරා භික්‍ෂුවක් සුළි හුළඟකින් ඔසවන ලද හිස් වෙළුමක් පෙර හිමියෝ දකිත්යයි සොර සිතින් අල්වා ගත්තේය. ස්වාමීහු , ඔබ ශ්‍රමණයෙක් නොවේි යයි, ඒ භික්‍ෂූවට චෝදනා කෙළේය. ඔහුට සැකයක් විය., මහණ, ඔබ පාරාජිකා වුයෙහියයි , වදාළසේක.

15 එකල්හි වනාහි එක්තරා භික්‍ෂුවක් සොහොනට ගොස් සම නො සිඳුන ශරීරයක තිබුන පාංශකූල වස්ත්‍රය ගත්තේය ඒ ශරීරයෙහි ප්‍රේතයෙක් අධිගෘහිත වුයේ වේ. ඉක්බිති ඒ ප්‍රෙත තෙමේ ඒ භික්‍ෂුවට ,ස්වාමිනි, මගේ වස්ත්‍රය නොගන්නැයි, කීවේය. ඒ මහණ තෙම නොගෙන ගියේය. ඉක්බිති ඒ ශරීරය නැඟිට ඒ භික්‍ෂුව පසු පසුපස ගියේය. ඉක්බිති ඒ භික්‍ෂුව විහාරයට ඇතුල් වී දොර වසා ගත්තේය. ඉක්බිති ඒ ශරීරය එහිම වැටුනේය. ඔහුට සැකයක් ඇති විය.,මහණ, පාරාජිකාඇවැත නොවේ. මහණෙනි, සම නො සිඳුන ශරීරය වැසූ වස්ත්‍රය නොගත යුතුයි.යමෙක් ගන්නේ නම් දුකුලා ඇවැත් වේ.,

16 එක් කාලයක එක්තරා භික්‍ෂුවක් සංඝයාගේ සිවුරු බෙදන කල්හි සොර සිතින් සීට්ටුවක් පෙරලා සිවුරක් ගත්තේය. ඔහුට සැකයක් විය., මහණ, ඔබ පාරාජිකා ඇවැතට පැමිණියෙහිය.,

17 එකල්හි වනාහි ආයුෂ්මත් ආනන්‍ද තෙමේ ගිනි තපින ගෙයි එක්තරා භික්‍ෂුවකගේ තනිපටසිවුරක් තමාගේ යයි හඟිමින් හැඳගත්තේය. ඉකබිති ඒ මහණ තෙම ආයුෂ්මත්ආනන්‍දට , ඇවැත්නි, ආනන්‍දය,කුමක් හෙයින් මාගේ තනිපට සිවුරහැන්දෙහිදැයි, ඇසීය. , ඇවැත්නි, මගේයයි කියා සිතුවෙමි, භාග්‍යවතුන් වහන්සේට මේ කාරණය සැළ කළාහුය. , මහණෙනි, තමාගේය යන හැඟිම ඇත්තාට ඇවැත් නොවේ.,

18 එකල්හි වනාහි බොහෝ භික්‍ෂුහු ගිජ්ඣකූට පර්‍වතයෙන් බසින්නාහු සිංහයෙකු විසින් මරණලද මසක් දැක, පිස කෑවාහ. ඔවුන්ට සැකයක් ඇතිවිය. , මහණෙනි, සිංහයන් මැරූ මසෙහි ඇවැත් නැත. ,

19 එකල්හි වනාහි බොහෝ භික්‍ෂුහු ගිජ්ඣකූට පර්‍වතයෙන් බසින්නාහු ව්‍යාඝ්‍රයෙකු විසින් මරණලද මසක් දැක, කොටියෙකු මැරූ මසක් දැක, වලසකු මැරූ මසක් දැක, වෘකයෙකු මැරූ මසක් දැක පිස කෑවාහ.ඔවුන්ට සැකයක් ඇතිවිය. ,මහණෙනි, තිරිසනුන්ට අයත් දෙය ගැන ඇවැත් නැත. ,

20 එකල්හි වනාහි එක්තරා භික්‍ෂුවක් සංඝයාට දානය බෙදන කල්හි අනිකෙකුගේ කොටසක් දෙවයි වඤ්චාකොට ගත්තේය. ඔහුට සැකයක් විය., මහණ,පාරාජිකා නොවේ.දැන දැන බොරු කීමෙහි පචිති ඇවැත වේ.,

21 එකල්හි වනාහි එක්තරා භික්‍ෂුවක් සංඝයාට කැවිලි බෙදන කල්හි, කැවුම් බෙදන කල්හි, උක් බෙදන කල්හි, අනිකෙකුට කොටසක් දෙවයි බොරුවට ගත්තේය. ඔහුට සැකයක් ඇතිවිය., මහණ,පාරාජිකා නොවේ.දැන දැ බොරු කීමෙහි පචිති ඇවැත වේ.,

22 එකල්හි වනාහි එක්තරා භික්‍ෂුවක් දුර්භික්‍ෂයෙහි බත් විකුණන තැනට ගොස් පාත්‍රය පුරා බත් සොරා ගත්තේය.ඔහුට සැකයක් ඇති විය., මහණ, ඔබ පාරාජිකා වුයෙහියි.,

23 එකල්හි වනාහි දුර්භික්‍ෂයෙහි එක්තරා භික්‍ෂුවක් මස් පිස විකුණන තැනට ගොස් පාත්‍රය පුරා මස් සොරකම් කරගෙන ගියේය. ඔහුට සැකයක් ඇති විය., මහණ, ඔබ පාරාජිකා ඇවැතට අසු වුයෙහයි.,

24 එකල්හි වනාහි එක්තරා භික්‍ෂුවක් දුර්භික්‍ෂ කාලයෙහි කැවිලි විකුණන තැනට ගොස් පාත්‍රය පුරා සොර සිතින් කැවිලි ගත්තේය. පාත්‍රය පුරා සොර සිතින් හකුරු ගෙතාවේය. පාත්‍රය පුරා අග්ගලා සොර සිතින් ගෙනාවේය.ඔහුට සැකයක් පහළ විය.,මහණ, ඔබ පාරාජිකා ඇවැතට පැමිණියෙහිය.,

25 එකල්හි වනාහි එක්තරා භික්‍ෂුවක් දවල් පිරිකරක් දැක රාත්‍රියෙහි සොරකම් කරන්නෙමියි. සලකුණක් කෙළේය.හෙතෙම එය සිහිකරමින් එය ගත්තේය.එය හඟිමින් අනිකක් සොරකම් කෙළේය. අනිකක් සිතමින් එය ගත්තේය. අනිකක් සිතමින් අනිකක් ගත්තේය. ඔහුට සැකයක් පහවිය. , මහණ, ඔබ පාරාජිකා ඇවැතට පැමිණියෙහිය. ,

26 එකල්හි වනාහි එක්තරා භික්‍ෂුවක් දවල් පිරිකරක් දැක රාත්‍රියෙහි සොරකම් කරන්නමෙියි සළකුණක් කළේය. හෙතෙම එයයි හිතන්නේ තමාගේ පිරිකර ගත්තේය.ඔහුට සැකයක් පහළවිය., මහණ පාරාජිකා ඇවැත් නොවේ දුකුලාඇවැත් වේ.,

27 එකල්හි එක්තරා භික්‍ෂූවක් පුටුවෙහි පසුම්බියක් දැක මෙය ගත්තොත් පාරාජිකා වේයයි සිතා පුටුවත් සමඟ මාරු කොට ගත්තේය.ඔහුට සැකයක් පහළවිය. ,මහණ,ඔබ පාරාජිකා ඇවැතට අසුවූයෙහිය.,

28 , එකල්හි වනාහි එක්තරා භික්‍ෂුවක් සංඝයාගේ බුදිරියක් සොර සිතින් ගත්තේය. ඔහුට සැකයක් ඇතිවිය. , මහණ ඔබ පාරාජිකා වුවෙහිය.,

29 , එකල්හි වනාහි එක්තරා භික්‍ෂුවක් සිවුරු දණ්ඩෙහි සිවුරක් සොර සිතින් ගත්තේය. ඔහුට සැකයක් ඇතිවිය. , මහණ ඔබ පාරාජිකා වුවෙහිය.,

30 එකල්හි වනාහි එක්තරා භික්‍ෂුවක් විහාරයෙහි සිවුරක් සොරකම් කොට මෙයින් නික්මෙන්නේ පාරාජිකා වේයයි විහාරයෙන් නො නික්මුනේය භාග්‍යවතුන් වහන්සේටමේ කාරණය සැළකළාහුය., මහණෙනි, ඒ හිස් පුරුෂයා නික්මෙන්නේ හෝ නොනික්මෙන්නේ හෝ පාරාජිකා ඇවැත වේ. ,

31 එකල්හි වනාහි භික්‍ෂුන් දෙනමක් යහළුවො වෙත්. එක් භික්‍ෂුවක් ගමට පිඬු පිණිස නික්මුනේය.දෙවැනි භික්‍ෂුව සංඝයාට කැවිලි බෙදන කල්හි යහළුවාගේ කොටස ගෙන ඔහු විශ්වාස කරන්නේ අනුභව කෙළේය. හෙතෙම දැන ඔහුට ,ඔබ ශ්‍රමණයෙක් නොවෙයි, ,චෝදනා කෙළේය. ඔහුට සැකයක් විය.භාග්‍යවතුන් වහන්සේට මේ කාරණය සැළකෙළේය. ,මහණ ඔබ කිනම් සිතක් ඇත්තෙහිද?, ,භාග්‍යවතුන් වහන්ස, මම විශ්වාසයෙන් ගත්තෙමි, ,මහණ. විශ්වාසයෙන් ගැනීමෙහි ඇවත් නැත.

32 එකල්හි වනාහි බොහෝ භික්‍ෂුහු සිවුරු වැඩ කරත්. සංඝයාට කෑ යුතු දේ බෙදන කල්හි සියල්ලන්ගේ කොටස් තැබුවාහු වෙත්. අන්‍යවු භික්‍ෂුවක් එක්තරා භික්‍ෂූවකගේ කොටස තමන්ගේය කියා සිතමින් අනුභව කෙළේය, හෙතෙම දැන ශ්‍රමණයෙක් නොවේයයි චෝදනා කෙළේය. ඔහුට සැකයක් පහළවිය. භාග්‍යවතුන්හක්සේට මෙය සැළ කළේය. , මහණ, ඔබ කිනම් සිතක් ඇත්තේහිදැයි, ඇසීය. ,භාග්‍යවතුන් වහන්ස මම මගේය යන හැඟිම ඇත්තෙමියයි, , තමන්ගේය යන හැඟිම ඇත්තාට ඇවැත් නැත.,

33 එකල්හි වනාහි බොහෝ භික්‍ෂුහු සිවුරු වැඩ කරත්. සංඝයාට කැවිලි බෙදන කල්හි එක්තරා භික්‍ෂුවක් පාත්‍රයෙන් අනික් භික්‍ෂුවකගේ කොටසක් ගෙන තැබුයේ වේ. පාත්‍රය අයිති භික්‍ෂුව තමාගේයයි සිතමින් අනුභව කෙළේය, හෙතෙම දැන ශ්‍රමණයෙක් නොවේයයි ඔහුට අවමන් කෙළේය. ඔහුට සැකයක් පහළවිය. භාග්‍යවතුන් වහන්සේට මේ කරුණ සැළකළේය. ,මහණ ඔබ කිනම් සිතක් ඇත්තේහිදැයි, ., ,භාග්‍යවතුන් වහන්ස මම මගේය යන හැඟිම ඇත්තෙමියයි, කීයේය., මහණ, තමාගේය යන සැක ඇත්තාට ඇවැත් නොවේ.,

34 එකල්හි වනාහි අඹසොරු අඹ නෙලා පොට්ටනියක් බැඳ රැගෙන ගියාහුය. හිමිවරු ඒ සොරුන් ලුහුබැන්දාහුය. සොරු අයිතිකරුවන් දැක පොදිය හෙළා ගියාහුය. භික්‍ෂුහු පාංශකූල සංඥායෙන් පිළිගෙන වැළඳුවාහුය.අයිතිකරුවෝ ඒ භික්‍ෂුන්ට , තෙපි ශ්‍රමණයෝ නොවෙත් යයි, චෝදනා කළාහුය. ඔවුන්ට සැකයක් පහළවිය. භාග්‍යවතුන් වහන්සේට මේකාරණය සැළ කළාහුය. , මහණෙනි තෙපි කිනම් සිතක් ඇත්තාහුද? , ,භාග්‍යවතුන් වහන්ස, අපි පාංශකූල හැඟිම ඇත්තෝ වෙමු, ,මහණෙනි,පාංශකූලය යන හැඟීම ඇත්තාහට ඇවැත් නොවේ.,

35 එකල්හි වනාහි ජම්බු සොරු,රටදෙල් සොරු, කොස් සොරු, තල්ගෙඩි සොරු, උක් සොරු, තඹිරි සොරු, තිඹිරි කඩා පොදියක් බැඳ ( මෙහි ජම්බු කඩාආදී වශයෙන් යොදන්න.) අයිතිනරුවෝ ඒ සොරු ලුහුබැඳ ගියාහුය. සොරු ස්වාමිවරු දැක බඩු පොදිය හෙළා ගියාහුය. භික්‍ෂුහු පාංශකූල සංඥාවෙන් පිළිගන්වා වැළඳුවාහුය.අයිතිකරුවෝ ඒ භික්‍ෂුන්ට , තෙපි ශ්‍රමණයෝ නොවත්නහු, යයි චෝදනා කළාහුය. ඔවුන්ට සැකයක් වූයේය, , මහණෙනි , පාංශකූ සංඥාවෙන් ගන්නාහට ඇවැත් නොවේ.,

36 එකල්හි වනාහි අඹ සොරු අඹ නෙලා පොට්ටනියක් බැඳ ගෙන ගියාහුය. ස්වාමිවරු ඒ සොරු ලුහුබැඳ ගියාහුය , සොරු අයිතිකරුවන් දැක පොදිය හෙළා ගියාහුය. භික්‍ෂුහු අභිමුඛයෙහි අයිතිකරුවන් දකිත්යයි සොරසිතින් අනුභව කළාහුය. අයිතිකරුවන් ඒ භික්‍ෂුන්ට , තෙපි ශ්‍රමණයෝ නොවෙත් යයි, චෝදනා කළාහුය. ඔවුන්ට සැකයක් ඇතිවිය., මහණෙනි, තොපි පාරාජිකා ඇවැතට පැමිණියාහුය.,

37 එකල්හි වනාහි ( මෙහි 35 වෙනිඡෙදයේ පාංශකූල සංඥාවෙන්. යන්නට . සොර සිතින් . කියාද .පාංශකූල හැඟීම ඇත්තාට ඇවැත් නොවේ. යන්නට, මහණෙනි, තෙපි පාරාජිකා ඇවැතට පත්වූහයි. කියාද වෙනස් කළයුතු)

38 එකල්හි වනාහි එක්තරා භික්‍ෂුවක් සංඝයාගේ අඹ සොර සිතින් ගත්තේය. සංඝයාගේ ජම්බු, සංඝයාගේ රටදෙල්, සංඝයාගේ කොස්, සංඝයාගේ තල් ගෙඩි, සංඝයාගේ උක්, සංඝයාගේ තිඹිරි, සොර සිතින් ගත්තේය. ඔහුට සැකයක් පහළවිය. ,මහණ ඔබ පාරාජිකා ඇවැතට පත්වූයෙහි,

39 එකල්හි වනාහි එක්තරා භික්‍ෂුවක් මල් වත්තට ගොස් මසු පසක් වටිනා කඩන ලද මලක් සොර සිතින් පැහැර ගත්තේය.ඔහුට සැකයක් පහළවිය., මහණ, ඔබ පාරාජිකා වුයෙහිය ,

40 එකල්හි වනාහි එක්තරා භික්‍ෂුවක් ( මෙහි 39 යේ ,කඩන ලද මලක්, යන්නට , මලක් කඩා , කියා වෙස්කර යොදා ගත යුතු.)

41 එකල්හි වනාහි එක්තරා භික්‍ෂුවුක් ගමට යන්නේ අන්‍යවු භික්‍ෂුවකට ,ඇවැත්නි, තොපගේ උපස්ථායක කුලයට ගොස් ඔබ කීවාසේ කියන්නෙමියි , කීයේය.හෙතෙම ගොස් එක් සළුවක් ගෙන්වා ගෙන තමන් වැළඳගත්තේය.( දැන ඔහුට ඔබ ශ්‍රමණයෙක් නොවෙහියයි චෝදනා කෙළේය. ඔහුට සැකයක් පහළවිය. ,මහණ, පාරාජිකා නොවූයෙහිය. , ,මහණෙනි, ඔබ කීවාසේ කියන්නෙමියි , නොකිවයුතුය. යමෙක් කියා නම් දුකුලා ඇවැත්වේ. ,

42 එකල්හි වනාහි එක්තරා භික්‍ෂුවක් ගමට යයි. අනික් භික්‍ෂුවක් ඒ භික්‍ෂූවට ,ඇවැත්නි, මාගේ උපස්ථායක කුලයට මා විසින් කියනලද්දේයයි යනු මැනවැයි , කීවේය.හෙතෙම ගොස් සළු දකෙක් ගෙන්වා එකක් තමා විසින් පාවිච්චි කළේය. එකක් ඒ භික්‍ෂුවට දුන්නේය. හෙතෙම දැන ඔහුට, ඔබ ශ්‍රමණයෙක් නොවෙහි,යි චෝදනා කෙළේය. ඔහුට කුකුසක් විය. ,මහණ, පාරාජිකා ඇවැත් නොවේ. , ,මහණෙනි, කියනලද්දේ යයි නොකිවයුතුය. යමෙක් කියා නම් දුකුලා ඇවැත්වේ.,

43 එකල්හි වනාහි එක්තරා භික්‍ෂුවක් ගමට යන්නේ.එක්තරා භික්‍ෂුවකට,ඇවැත්නි, තොපගේ උපස්ථායක කුලයට ගොස් ඔබ විසින් කියනලද්දේ යයි කියමියි , කීයේය. හෙතෙමේද , මා විසින් කියන ලද්දේ යයි කියනු මැනවයි, කීයේය.හෙතෙම ගොස් ලාහක් පමණ ගිතෙල්ද, තලගුලිද, සහල්ද, ගෙන්වා ගෙන තමන් අනුභව කළේය. හෙතෙම දැන ඔහුට, ඔබ ශ්‍රමණයෙක් නොවෙහියයි, චෝදනා කෙළේය. ඔහුට සැකයක් ඇති විය. ,මහණ, පාරාජිකා ඇවැත් නොවේ. , ,මහණෙනි,යමෙකු විසින් කියන ලද්දේයයි නො කිවයුතුය. යමෙක් කියා නම් දුකුලා ඇවැත්වේ.

44 එකල්හි වනාහි එක්තරා පුරුෂයෙක් වටිනා මැණිකක් රැගෙන එක්තරා භික්‍ෂුවක් සමඟ මහ මාර්‍ගයට බැස්සේ වේ.ඉක්බිති ඒ පුරුෂතෙම බදු අයකරන තැන දැක ඒ භික්‍ෂුව නො දැනුවත්වම පසුම්බියේ මැණිකක් දමා බදු අයකරන තැන ඉක්මවා ගොස් ගත්තේය.ඔහුට සැකයක් පහළවිය , මහණ,ඔබට කිනම් සිතක් ඇතිවූ යෙහිදැයි ,ඇසීය. ,භාග්‍යවතුන්වහන්ස,මම නො දන්නෙමියි,පිළිතුරු දුන්නේය.,මහණ, නො දන්නාහට ඇවැත් නැත.
( පෙළ හා සසඳන්න.

45 එකල්හි වනාහි එක්තරා පුරුෂයෙක් වටිනා මැණිකක් ගෙන එක්තරා මහණෙකු සමඟ මහා මාර්‍ගයට බැස්සේවේ.ඉක්බිති ඒ පුරුෂ තෙම බදු ගෙවන තැන් දැක ලෙඩවූ බවක් අඟවා තමාගේ බඩු ඒ භික්‍ෂුවටදුන්නේය.ඉක්බිති ඒ පුරුෂ තෙම බදු අය කරන තැන ඉක්මවා ඒ භික්‍ෂූවට , ස්වාමීනි, මට අසනීපයක් නැත, මගේ බඩු පොදිය දෙනුමැනවයි, කීයේය. ,ඇවැත්නි, තෙපි කුමක් හෙයින් මෙබන්දක් කෙළෙහිදැයි, ඇසීය.ඉක්බිති ඒ පුරුෂතෙම ඒ භික්‍ෂුවට මේ කාරණය සැළ කළේය.ඔහුට සැකයක් පහළවිය., මහණ, නොදන්කාහට ඇවැත් නැතයි , කීවේය.

46 එකල්හි වනාහි එක්තරා භික්‍ෂුවක් වෙළඳ සමුහයක් සමග මහා මාර්‍ගයට බැස්සේ වේ. එක්තරා පුරුෂයෙක් ඒ භික්‍ෂුවට කෑම් බීම්වලින් සංග්‍රහ කොට බදු ගන්නා තැන දැක වටිනා මැණිකක් ඒ භික්‍ෂුවට දුන්නේය., ස්වාමීනි, මේ මැණික ඛදු අයකරන තැනින් ඉක්මවනු මැනවයි, කියායි. ඉක්බිති ඒ මහණ තෙම ඒ මැණික බදු ගන්නා තැන ඉක්කමවුයේය. ඔහුට සැක විය., මහණ, ඔබ පාරාජිකා වූවෙහිය.,

47 එකල්හි වනාහි එක්තරා භික්‍ෂුවක් තොන්ඩුවක අසුවූ ඌරකු කලින් අයිති කරුවෝ දකිත්යයි කරුණා සිතින් මුදා හැරියේය.ඔහුට සැකයක් ඇතිවිය , , මහණ, පාරාජිකා වූයෙහිය.,

48 එකල්හි වනාහි එක්තරා භික්‍ෂුවක් තොන්ඩුවක බැඳුනු මුවෙකු කරුණාවෙන් මුදා හැරියේය.ඔහුට සැකයක් ඇතිවිය,, මහණ, ඔබ පාරාජිකා ඇවැතට අසුවූයෙහිය.,

49 එකල්හි වනාහි එක්තරා භික්‍ෂුවක් තොන්ඩුවෙහි බැඳුන මුවෙකු .පූර්‍වයෙහි අයිතිකරුවෝ දකිත්වායි.සොරසිතින් මුදා හැරියේය. ඔහුට සැකයක් විය. , මහණ, ඔබ පාරාජිකා ඇවැතට අසුවූයෙහිය.,කෙමනෙහි බැඳුන මසුන් පෙර අයිතිකරුවෝ දකිත්වායි කරුණාවෙන් මුදා හැරියේය. ඔහුට සැකයක් පහළ විය., මහණ, ඔබ පාරාජිකා ඇවැතට අසුවූයෙහිය.,

50 එකල්හි වනාහි එක්තරා භික්‍ෂුවක් රථයෙක්හි බඩුවක් දැක මෙයින් ගන්නේ පාරාජිකා වන්නෙමියි තැන වෙනස් කොට පෙරලා දමාගත්තේය. ඔහුට සැකයක් ඇතිවිය. , මහණ, ඔබ පාරාජිකා වූයෙහියයි, වදාළසේක.

51 එකල්හි වනාහි එක්තරා භික්‍ෂුවක් උකුස්සෙකු විසින් ඔසවා ගත් මස් වැදැල්ලක් අයිතිකරුවන්ට දෙන්නෙමියි අල්වා ගත්තේය. හිමියෝ ඒ භික්‍ෂුවට , ඔබ ශ්‍රමණයෙක් නොවෙහියි, චොදනා කළාහුය.ඔහුට සැකයක් ඇතිවිය., මහණෙනි, සොර සිතක් නැත්තාහට ඇවැත් නැත.,

52 එකල්හි වනාහි එක්තරා භික්‍ෂුවක් උකුස්සෙකු විසින් ඔසවන ලද මස් වැදැල්ලක් පෙර අයිතිකරුවෝ දකිත්යයි සොර සිතින් ගත්තේය. අයිතිකරුවෝ ඒ භික්‍ෂුවට , ඔබ ශ්‍රමණයෙක් නොවෙහියි, චොදනා කළාහුය. ඔහුට සැකයක් ඇතිවිය.,මහණ,ඔබ පාරාජිකා වූවෙහිය.,

53 එකල්හි වනාහි මනුෂ්‍යයෝ පහුරක් බැඳ අචිරවතී ගඟෙන් එගොඩ වෙති. බැම්ම සිඳුන කල්හි ලී විසුරුනාහුය. භික්‍ෂුහු පාංශකූල සංඥාවෙන් එගොඩට ගත්හ. අයිතිකරුවෝ ඒ භික්‍ෂුන්ට තෙපි පැවිද්දෝ නොවවුහයි චොදනා කළාහුය.ඔවුන්ට සැකයක් ඇති විය. ,මහණෙනි, පාංශකූල සංඥා ඇත්තාහට ඇවැත් නැත.,

54 එකල්හි මනුෂ්‍යයෝ පහුරක් බැඳ අචිරවතී ගඟෙන් එතෙර වෙති. බැමි කැඩුන කල්හි ලී විසුරුනාහුය.භික්‍ෂුහු පෙර හිමියෝ දකිත්යයි සොර සිත් ඇත්තාහු එගොඩට ගත්හ. අයිතිකරුවෝ ඒ භික්‍ෂුන්ට ,තෙපි ශ්‍රමණයෝ නොවවුහයි චොදනා කළාහුය.ඔවුන්ට සැකයක් පහළ විය. , මහණෙනි, තෙපි පාරාජිකා ඇවැතට පැමිණියාහුය.,

55 එකල්හි වනාහි ගොපල්ලෙක් ගසෙක්හි සළුවක් එල්ලා මළ පහ කරන්ට ගියේය.එක්තරා භික්‍ෂුවක් පාංශකූල සංඥාවෙන් ගත්තේය.ඉකබිති ඒ ගව පාලක තෙමේ .ඔබ ශ්‍රමණයෙක් නොවෙහියයි. චොදනා කළාහුය.ඔහුට සැකයක් පහළවිය., මහණ, පාංශකූල සංඥා ඇත්තාහට ඇවැත් නොවේ.,

56 එකල්හි වනාහි ගඟකින් එගොඩ වෙන එක්තරා භික්‍ෂූවකගේ කකුලෙහි රදවුන්ගේ අතින් මිදුන සළුවක් පැටලැවුනේ වේ. ඒ මහණතෙමේ අයිතිකරුවන්ට දෙමියි යන සිතින් ගත්තේය. අයිතිකරුවෝ ඔබ ශ්‍රමණයෙක් නො වෙහියයි ඒ භික්‍ෂුවට චොදනා කළාහුය. ඔහුට සැකයක් විය., මහණ, සොර සිතක් නැත්තාහට ඇවැත් නැත.,

57 එකල්හි වනාහි ගඟකින් එගොඩ වෙන එක්තරා භික්‍ෂූවකගේ කකුලෙහි රදවුන්ගේ අතින් මිදී ගිය වස්ත්‍රයක් පැටලැවුනේ වේ. ඒ මහණ තෙමේ පෙර අයිතිකරුවෝ දකිත්යයි සොර සිතින් අල්වා ගත්තේය. අයිතිකරුවෝ . ඔබ ශ්‍රමණයෙක් නො වෙහි . යයි චොදනා කළාහුය. ඔහුට සැකයක් පහළ විය., මහණ, ඔබ පාරාජිකා ඇවැතට පැමිණියෙහිය,

58 එකල්හි වනාහි එක්තරා භික්‍ෂුවක් ගිතෙල් කළයක් දැක ටික ටික පානය කළේය.ඔහුට සැකයක් ඇති විය., මහණ, පාරාජිකා නොවේ. දුකුලා ඇවැත් වේ.,

59 එකල්හි වනාහි බොහෝ භික්‍ෂූහු බඩුවක් සොරකම් කරන්නෙමියි නිශ්චය කොට ගියාහුය. එක් නමක් බඩුව සොරකම් කෙළේය. ඔව්හු , අපි පාරාජිකාවූවෝ නොවෙමු. යමෙක් සොරකම් කෙළේද හෙතෙම පාරාජිකා වූයේයයි, කීවාහුය.භාග්‍යවතුන්වන්සේට මේ කාරණය සැළ කළාහුය., මහණෙනි, තෙපි පාරාජිකාවූවහුය.,

60 එකල්හි වනාහි බොහෝ භික්‍ෂුහු භික්‍ෂුවකට නියම කොට බඩුවක් සොරකම් කොට බෙදුවාහුය. ඔවුන් විසින් බෙදනු ලබන කල්හි එක් කොටසකට මසු පසක් සම්පුර්‍ණ විය.ඔව්හු මෙසේ කීවාහුය. ,අපි පාරාජිකා නො වීමු, කියායි. භාග්‍යවතුන්වහන්සේට මේ කාරණය සැළ කළාහුය., මහණෙනි, තෙපි පාරාජිකා වූවහුය.,

61 එකල්හි වනාහි එක්තරා භික්‍ෂුවක් සැවත් නුවර දුර්භික්‍ෂයකදී වෙළෙන්දෙකුගේ සහල් මිටක් සොරසිතින් ගත්තේය. ඔහුට සැකයක් පහළ විය.,මහණ, ඔබ පාරාජිකා ඇවැතට පැමිණියෙහිය,

62 එකල්හි වනාහි එක්තරා භික්‍ෂුවක් සැවත් නුවර දුර්භික්‍ෂයකදී වෙළෙන්දෙකුගේ මුං මිටක්, මෑ මිටක්, තල මිටක්, සොරසිත් ඇත්තේ් සොරකම් කෙළේය . ඔහුට සැකයක් පහළ විය.,මහණ, ඔබ පාරාජිකා වූවෙහිය.,

63 එකල්හි වනාහි සැවැත් නුවර අත්‍ධ වනෙහි සොරු දෙනෙකු මරා මස් කා ඉතිරි හරිය සඟවා ගියාහුය.භික්‍ෂුහු පාංශකූල සංඥාවෙන් ගෙන්වාගෙන වැළඳුහ.සොරු , තෙපි පැවිද්දෝ නොවහුයයි, චෝදනා කළාහුය.ඔවුන්ට සැකයක් ඇති විය.,මහණෙනි පාංශුකූල සංඥාව ඇත්තාහට ඇවැත් නෙවේ.,

64 ( මෙහි 63 ඡේදයේ . දෙනෙකු. යන්නට.ඌරෙකු . කියා වෙනස්කර යොදා ගත යුතුය.)

65 එකල්හි වනාහි එක්තරා භික්‍ෂුවක් තණකොළ වත්තට ගොස් කපන ලද මසු පසක් වටිනා තණ කොළ සොර සිතින් ගත්තේය.ඔහුට සැකයක් ඇති විය. , මහණ, ඔබ පාරාජිකා ඇවැතට පැමිණියෙහිය.,

66 එකල්හි වනාහි එක්තරා භික්‍ෂුවක් තණ කොළ වත්තට ගොස් මසු පසක් වටිනා තණ කොළ කපා සොර සිතින් ගත්තේය.ඔහුට සැකයක් ඇති විය. , මහණ, ඔබ පාරාජිකා ඇවැතට පැමිණියෙහිය.,

67 එකල්හි වනාහි ආගන්තුන භික්‍ෂුහු සංඝයාගේ අඹ බෙදා අනුභව කළාහුය. ආවාසයෙහි වූ භික්‍ෂුහු ,තෙපි ශ්‍රමණයෝ නොවහුයයි, ඒ භික්‍ෂුන්ට චොදනා කළාහුය. ඔවුන්ට සැකයක් ඇති විය.,භාග්‍යවතුන් වහන්සේට මෙය සැළ කළාහුය., මහණෙනි, තෙපි කිනම් සිතක් ඇත්තහුදැයි,ඇසූසේක. , භාග්‍යවතුන් වහන්ස, අපි අනුභවය පිණිස ගත්තෙමු, ,මහණෙනි,අනුභවය පිණිස ගැනීමේදී ඇවැත් නැත.,

68 එකල්හි වනාහි ආගන්තුක භික්‍ෂූහූ සංඝයාගේ ජම්බු, සංඝයාගේ රට දෙල්, සංඝයාගේ කොස්, සංඝයාගේ තල් , සංඝයාගේ උක්, සංඝයාගේ තිඹිරි, බෙදා අනුභව කළාහුය. ආවාසයෙහි වූ භික්‍ෂුහු ඒ භික්‍ෂුන්ට ,තෙපි ශ්‍රමණයෝ නොවහුයයි, චොදනා කළාහුය. ඔවුන්ට සැකයක් විය., ,මහණෙනි,අනුභවයට ගැනීමේදී ඇවැත් නැත.,

69 එකල්හි වනාහි අඹ රකින්නෝ භික්‍ෂුන්ට අඹ ගෙඩි දෙත් (2) භික්‍ෂුූහු මේ අධිපතියෝ ආරක්‍ෂාකරන්ට සුදුස්සෝය. දෙන්ට නො සුදුස්සෝයයයි සැක කරමින් නො පිළිගනිත්. භාග්‍යවතුන්වහන්සේට මෙය සැළ කළාහුය.,මහණෙනි, රකින්නා දීමෙහි ඇවැත් නැත.,

70 එකල්හි වනාහි ජම්බු රකින්නෝ, රට දෙල් රකින්නෝ,කොස් රකින්නෝ ,තල් රකින්නෝ, උක් රකින්නෝ ,තිඹිරි රකින්නෝ, භික්‍ෂුන්ට ජම්බු, රට දෙල් ,කොස්, තල්, උක් තිඹිරිදෙත්.( මෙහි 69 ( 2 ) )

71 එකල්හි වනාහි එක්තරා භික්‍ෂුවක් සංඝයාගේ ලී තාවකාලිකව රැගෙන තමන්ගේ කාමරයෙහි බිත්තියට තැබුවේය.භික්‍ෂුහු, ඔබ ශ්‍රමණයෙක් නොවෙහියයි , ඒ භික්‍ෂුවට චෝදනා කළාහුය.ඔහුට සැකයක් ඇති විය.භාග්‍යතුන් වහන්සේට මේ කාරණය සැළ කළේය.,මහණ, ඔබ කිනම් සිතක් ඇත්තේදැයි, ඇසීය., භාග්‍යවතුන් වහන්ස, මම තාවකාලික හැඟීම ඇත්තෙමි, , තාවකාලිකයෙහි ඇවැත් නැත,.

72 එකල්හි වනාහි එක්තරා භික්‍ෂුවක් සංඝයාගේ ජලය සොර සිතින් ගත්තේය. සංඝයාගේ මැටි සොර සිතින් ගත්තේය. සංඝයාගේ රැස්කළ තණකොළ සොර සිතින් ගත්තේය. (2) ඔහුට සැකයක් පහළ විය., මහණ, ඔබ පාරාජිකා ඇවැතට පැමිණියෙහිය.,

73 එකල වනාහි එක්තරා භික්‍ෂුවක් සංඝයාගේ රැස්කළ තණකොළ සොර සිතින් දැවූයේය. ඔහුට සැකයක් ඇතිවිය.,මහණ, පාරාජිකා ඇවැත නොවේ දුකුලා ඇවැත් වේ.,

74 එකල වනාහි එක්තරා භික්‍ෂුවක් සංඝයාගේ ඇඳක් සොර සිතින් ගත්තේය. (මෙහි 72 (2´) )

75 එකල වනාහි එක්තරා භික්‍ෂුවක් සංඝයාගේ පුටුවක්, සංඝයාගේ ගුදිරියක්, සංඝයාගේ මෙට්ටයක්,සංඝයාගේ දොර පලුවක්, සංඝයාගේ ජනෙලයක්, සංඝයාගේ වක්වූ වහලේ ලීයක්, සොර සිත් ඇත්තේ ගත්තේය.( මෙහි 72 ( 2 ) )

76 එකල වනාහි භික්‍ෂුහු එක්තරා උපාසකයෙකුගේ විහාරයෙහි පාවිච්චියට තිබුනු සෙනසුනක් අන්තැනක තබා පාවිච්චි කරත්.ඉක්බිති ඒ උපාසක තෙමේ කෙසේ නම් පින්වතුන් වහන්සේලා අන් තැනෙක්හි පාවිච්චිය පිණිස වූවක් අන්තැනෙක පාවිච්චි කරත්දැයි බනීයි,දොස් කියයි,නොසතුටු බස් කියයි,භාග්‍යවතුන්වහන්සේට මේ කාරණය සැළ කළාහුය. ,මහණෙනි, අන් තැනෙක්හි පාවිච්චියට ගතයුතු දෙය අන් තැනකදී පාවිච්චි නො කළ යුතුය යමෙක් පාවිච්චි කෙළේ නම් දුකුලා ඇවැත් වේ ,.

77 එකල වනාහි භික්‍ෂුහු පොහොය ගෙයි වාඩි වෙන නිසීදනය ගෙන යන්නට සැක කරන්නාහු බිම හිඳිත්.අවයවද, සිවුරුද පස් තැවරුණාහු වෙත්.භාග්‍යවතුන් වහන්සේට මේ කාරණය සැළ කළාහුය.,මහණෙනි, තාවකාලිකව ගෙන යන්නට අවසර දෙමි,.

78 එකල වනාහි චම්පා නුවර ථුල්ල නන්දා භික්‍ෂුණියගේ අතවැසි භික්‍ෂුණිය ථුල්ල නන්දා භික්‍ෂණියගේ උපසථායක ගෙදරට ගොස් , අපේ ආය්‍යර්‍ාව තෙකටුල යාගුවක් බොන්නට කැමැතියයි, පිසවාගෙන ගොස් ඈ එය පාවිච්චි කළාය, ඕ තොමෝ දැන, ඔබ ශ්‍රමණියක් නොවෙහියයි , ඈට චෝදනා කළාය, ඇයට සැකයක් පහළ විය, ඉක්බිති ඒ භික්‍ෂුණිය භික්‍ෂුන්ට මේ කාරණය සැළ කළාය.භික්‍ෂුණීහු භික්‍ෂූන්ට සැළ කළාහුය.භික්‍ෂුහු භාග්‍යවතුන් වහන්සේට මේ කාරණය සැළ කළාහුය., මහණෙනි, පාරාජිකා ඇවැත නොවේ දැන දැන බොරු කී බැවින් පචිති ඇවැත වේ.,

79 එකල වනාහි රජගහ නුවර ථුල්ල නන්දා භික්‍ෂුණියගේ අතවැසි භික්‍ෂුණියක් ථුල්ල නන්දා භික්‍ෂුණියගේ උපස්ථායක ගෙදරට ගොස් , අපේ ආය්‍ර්‍යව ඉතා රස කැවුමක් කන්නට කැමැතියයි, පිසවාගෙන විත් ඇය අනුභව කළාය. ඕ තෙමෝ දැන ඇයට , ඔබ ශ්‍රමණියක් නොවෙහියයි, චෝදනා කළාය. ඈට සැකයක් පහළ විය., මහණෙනි,පාරාජිකා ඇවැත නොවේ දැන දැන බොරු කීමෙහි පචිති ඇවැතවේ.,

80 එකල්හි වනාහි විශාලා නුවර ආයුෂ්මත් අජ්ජුකගේ උපස්ථායක වූ ගෘහපතියෙකුට දරුවන් දෙදෙනෙක් වෙත්. පුත්‍රයා ද, නැඟණිගේ පුත්‍රයාද යන දෙදෙනයි.ඉක්බිති ඒ ගෘහපති තෙම ආයුෂ්මත් අජ්ජුකට , මේ දරුවන් දෙදෙනා අතුරෙන් යමෙක් ශ්‍රද්ධාවත්ද, පැහැදුනේ වේද, ස්වාමීනි, මේ ඉඩම ඔහුටයයි කියවයි, කීයේය.එකල්හි වනාහි ඒ ගෘහපතිගේ නැඟණියගේ පුත්‍රයා ශ්‍රද්ධාවත් වේ. පැහැදුනේ වේ. ඉක්බිති ආයුෂ්මත් අජ්ජුක තෙමේ , ඒ ඉඩම ඒ දරුවන්ටයයි, කීයේය. හෙතෙම ඒ වස්තුවෙන් ගෘහ ජීවිතය පටන් ගත්තේය. දන් දීමටද පළියෙල කෙළේය. ඉක්බිති ඒ ගෘහපතියාගේ පුත්‍ර තෙමේ ආයුෂ්මත් ආනන්ද තෙරුන්ට ,ස්වාමීනි, ආන්ද ස්ථවිරයන් වහන්ස, කිමෙක්ද, පියාගේ දායාදය පුතාද බෑනාදැයි , ඇසීය. ,ඇවැත්නි, පියාගේ දායාදය, පුතායයි, කීයේය., ස්වාමීනි, මේ ආය්‍ර්‍ය වු අජ්ජුක තෙමේ අපගේ වස්තුව අප දෙදෙනාගෙන් කෙනෙකුටයයි , කියයි. , ඇවැත් ආයුෂ්මත් අජ්ජුක තෙමේ ශ්‍රමණයෙක් නොවෙයි.ඉක්බිති ආයුෂ්මත් අජ්ජුක තෙමේ ආයුෂ්මත් ආනන්ද ස්ථවිරයන්ට , ආයුෂ්මත් ආනන්ද, මට නීන්දුවක් දෙවයි , කීයේය. එකල්හි වනාහි ආයුෂ්මත් උපාලි ද ආයුෂ්මත් අර්ජුකගේ පක්‍ෂයෙහි විය. ඉක්බිති ආයුෂ්මත් උපාලී ආයුෂ්මත් ආනන්දට ,ආනන්දය, යම් ස්වාමියෙකු විසින් මේ අවකාශය අසවලාටයයි, කියන ලද්දේද, එය ඔහුට කියයි නම් හෙතෙම කිමෙක් ද වරදකට පැමිණේද?, , ස්වාමීනි, කිසි වරදකට නො පැමිනෙයි යටත් පිරිසෙයින් දුකුලාවක්වත් නොවෙයි. ඇවැත්නි, මේ ආයුෂ්මත් අජ්ජුක තෙමේ ස්වාමියා විසින් මේ අවකාශය මෙනම් තැනත්තාටයයි කියනලද්දේ ,ඔහුට කීයේය., ඇවැත්නි, ආයුෂ්මත් අජ්ජුකට ඇවැත් නොවේ.,

81 එකල්හි බරණැස් නුවර ආයුෂ්මත් පිළින්දිවච්චගේ උපස්ථායක කුලයක් සොරුන් විසින් නසන ලද්දේ වේ. දරුවන් දෙදෙනෙක් ද ගෙන ගියාහු වෙත් ඉක්බිති ආයුෂ්මත් පිළින්දිවච්ච තෙමේ ඒ දරුවන් සෘද්ධියෙන් ගෙනවිත් ප්‍රාසාදයෙහි තැබුයේ වේ. මිනිස්සු ඒ දරුවන් දැක පිළින්දිවච්ච ආය්‍ර්‍යයන්ගේ මෙබඳු ආනුභාව ඇති සෘද්ධියකැයි ආයුෂ්මත් පිළින්දිවච්ච කෙරෙහි පැහැදුනාහ. භික්‍ෂුහු කෙසේ හෙයින් පිළින්දිවච්ච තෙමේ සොරුන් විසින් ගෙනයන ලද දරුවන් ගෙන එන්නේදැයි දොස් නගත්. අවනම්බු කරත් භාග්‍යවතුන් වහන්සේට මේ කාරණය සැළකළාහුය., මහණෙනි, සෘද්ධිමතුන්ගේ සෘද්ධිබලයෙහි ඇවැත් නොවේ.,

82 එකල්හි වනාහි පණ්ඩුක ද කපිල ද යන භික්‍ෂු දෙනමක් යහළු වෙත් ,එක් නමක් ගාමකයෙහි වාසය කරත්, එක් නමක් කොසඹෑවෙහි වාසය කරත් .ඉක්බිති ගාමකයෙන් කොසඹෑවට යන අතරමඟ භික්‍ෂුව ගඟින් එතරවන කල්හි ඌරන් මරන්නන්ගේ අතින් ගැලවී ගිය මස් තෙල් ගුලියක් පයෙහි පටලැවුණේය.ඒ භික්‍ෂුව අයිතිකරුවන්ට දෙන්නෙමියි අල්වා ගතතේය. අයිතිකරුවෝ ඒ භික්‍ෂුවට , ඔබ ශ්‍රමණයෙක් නොවෙහි යයි,චෝදනා කළාහ. එතරවූ එක්තරා ගොපළු ස්ත්‍රියක් එය දැක,ස්වාමීනි, එන්න, මෛථුන ධර්‍මයෙහි යෙදෙවයි, කීවාය. හෙතෙම ස්වභාවයෙන්ම මම ශ්‍රමණයෙක් නොවෙමියි ඈ හා මෛථුනධර්‍මයෙහි යෙදී කෙසඹෑ නුවරට ගොස් භික්‍ෂුන්ට මේ කාරණය සැළ කළේය. භික්‍ෂුහු භාග්‍යවතුන් වහන්සේට මේ කාරණය සැළ කළාහුය. , මහණෙනි,නුදුන්දේ ගැනීමේ පාරාජිකාවට ඇවැත් නැත . මෛථුන ධර්‍මයෙහි යෙදීම නිසා පාරාජිකා ඇවැත වේ.,

83 එකල්හි වනාහි සාගල නුවර ආයුෂ්මත් දල්හික තෙරුන්ගේ ශිෂ්‍යවු භික්‍ෂුවක් සිවුරුහරින්නට ආශාවුයේ වෙළෙන්දෙකුගේ හිස්වෙළුමක් සොරකම් කොට ආයුෂ්මත් දල්හික තෙරුන්ට , ස්වාමීනි, මම ශ්‍රමණයෙක් නොවෙමි. සිවුරු හරින්නෙමියි, කීයේය. ,ඇවැත්නි,තොප විසින් කුමක් කරන ලද්දේදැයි , ඇසීය. හෙතෙම ඒ කාරණය සැළ කෙළේ ගෙන්වා ගෙන තක්සේරු කෙළේය.එය තක්සේරු කරත්දී මසු පසක වටිනාකමක් නොවීය., ඇවැත්නි, පාරාජිකා ඇවත නොවේයයි, ධර්‍ම කථාව කළසෙක්. ඒ මහණ තෙම සස්නෙහි ඇළුනේය.

( දෙවැනි පාරාජිකාව නිමි. )


ප්‍රධාන වෙබි අඩවියට පිවිසෙන්න ලංකාට්‍රොනික්



No comments:

Post a Comment