

කාබනික පොහොර භාවිතයෙන්ද ශාකවල වර්ධනය සඳහා අවශ්‍ය පෝෂක ලබාදීමට හැක. කාබනික පොහොර සංයුතිය බොහෝ සෙයින් වෙනස් ස්වභාවයක කාබනික අමුද්‍රව්‍ය වලින්ම නිපදවා ගන්නා පොහොරකි.
මේ මඟින් ශාකවලට අවශ්‍ය ප්‍රධාන හා අංශුමාත්‍ර ශාක පෝෂක සියල්ලම ලබාදිය හැක. කාබනික පොහොර යෙදීම බෝග වගාවේදී ඉතා වැදගත් මේ මඟින් පහත ප්‍රතිඵල ලබාගත හැක.
කොම්පෝස්ට් නිෂ්පාදනය යනු ක්ෂුද්‍ර ජීවීන්ගේ මාර්ගයෙන් ශාක කොටස් හා සත්ව අපද්‍රව්‍ය දිරාපත් කිරීම මඟින් සරළ කාබනික ද්‍රව්‍ය නිපදවා ගැනීමේ ක්‍රියාවලියයි.
වාණිජ වටිනාකමක් ඇති ප්‍රධාන කාබනික පොහොර ලෙස කොම්පෝස්ට් හැඳින්විය හැකිය.
කොම්පෝස්ට් නිෂ්පාදනයේදී උසස් තත්වයේ කොම්පෝස්ට් නිෂ්පාදනය සඳහා අමුද්‍රව්‍ය ගණනාවක් භාවිතා කිරීම වැදගත්ය.
සෙන්ටිග්‍රේඩ් අංශක 70 ට වඩා අධික උෂ්ණත්වය කොම්පෝස්ට් නිෂ්පාදනයට හානිදායකය. අධික උෂ්ණත්ව වලදී ක්ෂුද්‍ර ජිවීන් විනාශ වීම නිසා දිරාපත් වීම අඩු වේ.
වැඩි කාබන් හා නයිට්‍රජන් අනුපාතයක් ඇති අමුද්‍රව්‍ය අධික ලෙස භාවිතා කිරීමෙන් ප්‍රශස්ථ උෂ්ණත්වයක් පවත්වා ගැනීමටද අපහසුවේ. ප්‍රශස්ථ උෂ්ණත්වය සෙන්ටිග්‍රේඩ් අංශක 55 – 60 වේ.
ගොඩ ආවරණය කිරීමෙන් ගොඩේ උෂ්ණත්වය වැඩි කරගත හැකිවේ.
කොම්පෝස්ට් නිපදවීමේදී ගොඩ තුලට ඔක්සිජන් ලැබිය යුතු අතර නිෂ්පාදනය වන කාබන්ඩයොක්සයිඩ් පිටවිය යුතුය.
ගොඩ ක්‍රමයේ කොම්පෝස්ට් නිපදවීමේදි අනුගමනය කළ යුතු වැදගත්ම ක්‍රමය ලෙස සැලකේ. වෙනත් ක්‍රම හා සැසදීමේදි මෙහි ප්‍රයෝජන ගණනාවක් දක්නට ලැබේ.
ගොඩ ක්‍රමෙය් වාසි.
මේ නිසා කොම්පෝස්ට් නිෂ්පාදනෙය් සාර්ථකත්වය සඳහා කරුණු ගණනාවක් නිසා පහසු, ලාභදායී හා සාර්ථක ක්‍රමය වන ගොඩ ක්‍රමය අනුගමනය කිරිම වැදගත්ය.
ගොඩ ක්‍රමයේදි නිපදවන ගොඩේ ප්‍රමාණය අමුද්‍රව්‍ය සුලභතාවය මත වෙනස් කරගත හැකිය.
ගොඩ ක්‍රමෙය්දි දිරාපත් වීම හොඳින් සිදු වීමට ගොඩේ පළල වැඩි කර ගැනීම නොකළ යුතුය. එසේම, ගොඩේ උස වැඩි කර ගැනීමෙන් ගොඩේ විවිධ ක්‍රියාකාරකම් සිදු කිරීමේදී අපහසුතා ඇති වේ. නමුත් ගොඩේ දිග අමුද්‍රව්‍ය සුලභතාවය මත වෙනස් කරගත හැකිය. එය නිෂ්පාදන ක්‍රියාවලියට එතරම් බලනොපානු ඇත.
ග්‍රාමීයව කොම්පෝස්ට් නිපදවා ගැනීමේදි සමහර ගොවීන් මෙම ක්‍රමය අනුගමනය කරනු ලැබේ. එසේම ගෙවතු ආශ්‍රිතව ද බොහෝ විට වල ක්‍රමය උපයෝගී කර ගනු ලබන බව දැකගත හැකි වේ. කෙසේ නමුත්, මෙය ගොඩ ක්‍රමය හා සැසදීමේදී සාර්ථක ක්‍රමයක් ලෙස නොසැලකේ. මෙම ක්‍රමයේ විවිධ ගැටළු දක්නට ලැබේ.
වල ක්‍රමයේ අවාසි
මෙම හේතු නිසා කොම්පෝස්ට් නිපදවීෙම්දී වල ක්‍රමය එතරම් සාර්ථක ක්‍රමයක් ලෙස නොසැලකේ.
බැරල් ක්‍රමය කුඩා පරිමාණයේ ගෙවතුවල කොම්පෝස්ට් නිපදවා ගැනීමට යොදාගත හැකි ක්‍රමයකි. මෙය විශේෂයෙන් නාගරික පරිසරයක සීමිත අමුද්‍රව්‍ය ප්‍රමාණයක් හා ඉඩ ප්‍රමාණයක් ඇති පෙදෙසකට යෝග්‍ය වේ. කෙසේ නමුත් වැඩි ප්‍රමාණ වලින් කොම්පෝස්ට් නිපදවීමට මෙය සුදුසු ක්‍රමයක් නොවේ. මේ සඳහා සිමෙන්ති, යකඩ හා ප්ලාස්ටික් බැරල් භාවිතා කරනු ලැබේ. මෙම ක්‍රමයේ වාතාශ්‍රය සඳහා බැරල්හි බඳේ සිදුරු සාදනු ලබන අතර, එමගින් දිරාපත්වීම ඉක්මන් කළ හැකිය.
බැරල් ක්‍රමයේ වාසි
බැරල් ක්‍රමයේ අවාසි
කෝටු රාමු ක්‍රමය බොහෝ විට කුඩා ගොවිපල වල හෝ ගෙවතුවල භාවිතා කරන ක්‍රමයකි. දිනපතා අපද්‍රව්‍ය එකතු වන ගොවිපලවල හෝ ගෙවතු වලට කුඩා ප්‍රමාණයෙන් කොම්පෝස්ට් නිපදවා ගැනීමට පමණක් මෙම ක්‍රමය භාවිතා කල හැකිය.
කෝටු රාමු ක්‍රමයේ වාසි
මෙම ක්‍රමය කුඩා ගොවිපලවලට හා ගෙවතුවලට තම අවශ්‍යතාවය මත කොම්පෝස්ට් නිපදවා ගැනීමට අනුගමනය කළ හැකිය. මෙහි ඇති ප්‍රධාන වාසිය නම් දිනපතා අමුද්‍රව්‍ය ජනිත වන ස්ථාන සඳහා එම අමුද්‍රව්‍ය ඒ ඒ අවස්ථාවේදිම කොම්පෝස්ට් නිෂ්පාදනය සඳහා භාවිතා කිරීමට ඇති හැකියාවයි.
කෝටු රාමු ක්‍රමයේ අවාසි
කොම්පෝස්ට් නිෂ්පාදනයේදී අමුද්‍රව්‍ය ලෙස ශාක කොටස් හා සත්ව අපද්‍රව්‍ය භාවිතා කරනු ලැබේ. විවිධ ශාක කොටස් කොම්පෝස්ට් නිෂ්පාදනයට භාවිතා කළහැකි වුවත්, ශාක පත්‍ර කොම්පෝස්ට් නිෂ්පාදනයට වඩාත් යෝග්‍ය වේ. එයට හේතුව, කොළ වර්ග ඉතා ඉක්මනින් දිරාපත් වීමේ හැකියාවයි. කොළවල සැළකිය යුතු ප්‍රමාණයක් නයිට්‍රිජන් අන්තර්ගත වීම නිසා පහසුවෙන් දිරාපත් වීම සිදුවේ. ශාක පත්‍ර ළපටි හා කොළ පාට අවස්ථාවේදී පහසුවෙන් දිරාපත් කරගැනීමේ හැකියාවක් ඇත. එසේම සමහර සත්ව පොහොර පහසුවෙන් දිරාපත් වන අතර බ්‍රොයිලර් කුකුළු අපද්‍රව්‍ය එහි අන්තර්ගත දහයියා අතුරනුව නිසා දිරාපත් වීමට අපහසු වේ. කෙසේ නමුත් කොම්පෝස්ට් නිෂ්පාදන ක්‍රියාවලිය ක්‍රමවත්ව සිදු කිරීමෙන් දිරාපත් වීමට අපහසු අමුද්‍රව්‍ය පවා දිරාපත් කර ගැනීමේ හැකියාවක් ඇත.
කොළ වර්ග
මේ සඳහා පහත සඳහන් කොළ වර්ග වඩාත් සාර්ථකව භාවිතා කළ හැකිය. පහතරට වියලි කලාපයේ හා පහතරට අතරමැදි කලාපයේ ඇති කොළ පොහොර ලෙස භාවිතා කළ හැකි ශාක
ශාක විශේෂය | ශාක කුලය | දේශීය නම |
Aleurites moluccana | Euphorbiaceac | කැකුණ |
Alstonia macrophylla | Apocynaceae | හවරි නුග |
Barringtonia recemosa | Lecythidaceae | මිදෙල්ල |
Cebera manghas | Apocynaceae | මුදු කදුරු, ගොඩ කදුරු |
Croton lacciferus | Euphorbiaceae (Leguminosae) | කැප්පිටියා |
Curcuma zedoaria | Zingiberaceae | හරන්කහ |
Datura metel | Solanaceae | අත්තන |
Erythrina SP | Fabaceae (Leguminosae) | එරබදු |
Gliricidia sepium | Fabaceae (Leguminosae) | වැටහිර, සෙවන ගස් |
Jatropha curcas | Euphobiaceae | වැටඉදරු |
Manihot glaziovii | Euphobiaceae | ඉන්දියන් රබර් |
Manihot SP | Euphobiaceae | අලි මඤ්ඤොක්කා |
Melia dubia | Meliaceae | ලූනුමිදෙල්ල |
Michelia champaca | Mangokiaceae | සපු, ගිනිසපු |
Micolossa ceylanica | Asteraceae (Composiae) | පුපලා |
Mikania cordata | Asteraceae (Composistae) | වතුපාලු, ගහල වැල් |
Oroxylum indicum | Bigoniaceae | තොටිල්ල |
Pagiantha dichotoma | Apocynaceae | දිවි කදුරු |
Pavatta indica | Rubiaceae | පාවට්ටා |
Pongamia pinnata | Fabaceae (Leguminosae) | කරඳ, මඟුල් කරඳ |
Premna tomentosa | Verbenaceae | සේරු |
Samanea saman | Mimmosaceae (Leguminosae) | මාරා |
Tephrosia purpurea | Favaceae (Leguminosae) | පිල |
Thespesia populnea | Malvaceae | ගංසූරිය, සූරිය |
Tithonia diversifolia | Asteraceae (Composiae) | නත්තසූරිය, තිත්ත |
Wickstroemia canescens | Thymelaeceae | නමහදුනු, මහාපට්ටා |
කෙසේ නමුත්, මේ සඳහා ප්‍රදේශයේ සුලභ ඕනෑම කොළ වර්ගයක් භාවිතා කිරීමේ හැකියාව ඇත.
කොළ වර්ග භාවිතා කිරීමේ වැදගත්කම
බෝග අවශේෂ
විවිධ බෝග අවශේෂ වුවද සුලභතාවය මත කොම්පෝස්ට් නිපදවා ගැනිමේදී අමුද්‍රව්‍ය ලෙස භාවිතා කළහැකිය. විශේෂයෙන් විවිධ බෝග අවශේෂ කාබනික පොහොර ලෙස භාවිතා කිරීමේදී කොම්පෝස්ටි නිෂ්පාදනය කර භාවිතා කිරීම වැදගත්ය. එයට හේතුව, බෝග අවශේෂවල දක්නට ලැබෙන විවිධ රෝගකාරක පවා විනාශ වීම කොම්පෝස්ට් නිෂ්පාදනයේදී සිදු වීමයි. බෝග අවශේෂ ලෙස පහත සඳහන් දෑ භාවිතා කළහැකිය.
මෙම බෝග අවශේෂ දිරාපත් නොකර එක එල්ලේ වගාවට යෙදීමේදී විවිධ ගැටළු ඇතිවන අතර, දිරාපත් වීමට සැලකිය යුතු කාලයක් ගත වේ. මෙවැනි බෝග අවශේෂ බෝග වගාවට සාර්ථකව භාවිතා කළහැකි ක්‍රමය නම්, ඒවා උපයෝගී කර ගැනීමෙන් කොම්පෝස්ට් නිෂ්පාදනය කර භාවිතා කිරීමයි.
පිදුරු භාවිතා කිරීමේ වැදගත්කම
ජලජ වල් පැළෑටි
විවිධ ජලජ වල් පැළෑටි පවා කොම්පෝස්ට් නිෂ්පාදනයේදී අමුද්‍රව්‍ය ලෙස භාවිතා කළහැකිය. මෙම අමුද්‍රව්‍ය භාවිතා කිරීමේදී වැව් හා ජලාශ ආශ්‍රිතව කොම්පෝස්ට් නිපදවා ගැනීමට යොදාගැනීම වඩාත් වැදගත්ය. මක්නිසාද යත්, සමහර ජලජ වල් පැළෑටි ප්‍රවාහනය කිරීම තහනම්කර ඇති බැවිනි. මේ සඳහා සැල්වීනියා, ජපන් ජබර වැනි දෑ කොම්පෝස්ට් නිෂ්පාදනයේදී පහසුවෙන් දිරාපත් කරගත හැකි බව පෙනී ගොස් ඇත.
ජලජ වල් පැළෑටි භාවිතා කිරීමේ වැදගත්කම
තණකොළ
ගොඩබිම්හි දක්නට ලැබෙන විවිධ තණකොළ වර්ග කොම්පෝස්ට් නිෂ්පාදනයේදී අමුද්‍රව්‍ය ලෙස භාවිතා කළහැකිය. බොහෝවිට තණකොළ පහසුවෙන් දිරාපත් කරගැනීමේ හැකියාවක් ඇත. මෙසේ වල් පැළෑටි කොම්පෝස්ට් නිපදවා ගැනීමට යොදා ගැනීමෙන් වල්නාශක යෙදීම නිසා සිදුවන පරිසර දූෂණය අවම කරගැනීමටත්, එසේම වල් නාශක සඳහා වියදම් වන මුදල් අවම කරගැනීමටත් අවස්ථාවක් උදා වේ. මේ සඳහා ගිනි තණ වැනි රළු ස්භාවයක් ඇති තණකොළ වර්ගවලින් පවා සාර්ථකව කොම්පෝස්ට් නිෂ්පාදනය කරගත හැකි බව පෙනී ගොස් ඇත. ගිනි තණ සීඝ්‍රයෙන් වර්ධනය වන නිසා මෙන්ම ලංකාවේ බොහෝ ප්‍රදේශවල දක්නට ලැබෙන නිසා එය කොම්පෝස්ට් නිෂ්පාදනයට භාවිතා කිරීම වැදගත්ය.
තණකොළ භාවිතා කිරීමේ වැදගත්කම
තෝරාගත් කොළ පොහොර හා පිදුරු වල අන්තර්ගත ප්‍රධාන ශාක පෝෂක ප්‍රමාණයන්
ශාක වර්ගය | වියළි බර අනුව % |
නයිට්‍රජන් | පොස්පරස් | පොටෑසියම් | |
ග්ලිරිසීඩියා | 4.2 | 0.3 | 2.1 |
එරබදු | 4.0 | 0.3 | 2.4 |
වල් සූරියකාන්ත | 4.7 | 0.4 | 3.2 |
ගංසූරිය | 3.4 | 0.3 | 2.2 |
සන් හෙම් | 2.9 | 0.3 | 0.7 |
ඉපිල් ඉපිල් | 1.5 | 0.2 | 1.2 |
පිදුරු | 0.6 | 0.2 | 2.2 |
කොම්පොස්ට් නිෂ්පාදනයේදී ශාක කොටස්වලට අමතරව සත්ව අපද්‍රව්‍ය භාවිතා කිරීමද වැදගත්ය. මෙහිදී සත්ව මල හා මූත්‍රා භාවිතා කරනු ලැබේ. කොම්පෝස්ට් නිෂ්පාදනයේ සාර්ථකත්වයට සත්ව පොහොරවල දායකත්වය ඉමහත්ය.
මේ නිසා කොම්පෝස්ට් නිෂ්පාදනයේදී ශාක කොටස්වලට අමතරව හැකි සෑම අවස්ථාවකම සත්ව පොහොර භාවිතා කිරීම වැදගත්ය. එමඟින් තත්වයෙන් උසස් කොම්පෝස්ට් නිෂ්පාදනය කරගැනීමට හැකි වේ.
සත්ව පොහොර භාවිතයේ වාසි
කොම්පෝස්ට් නිෂ්පාදනයට විවිධ ප්‍රදේශවල වැඩි වශයෙන් භාවිතා කරන සත්ව පොහොරය වේ. ගොමවල අන්තර්ගත වල් ඇට විනාශ වීමටද කොම්පෝස්ට් නිෂ්පාදනයේදී සිදු වේ. ගොම සමඟ හැකි සෑම අවස්ථාවකදීම ගව මූත්‍රාද භාවිතා කළහැකි නම්, දිරාපත් වීම තවදුරටත් ඉක්මන්කළ හැකි අතර නිෂ්පාදනය කරනු ලබන කොම්පෝස්ට්වලට සැලකිය යුතු ප්‍රමාණයක් නයිට්‍රිජන් ලබා දීමේ හැකියාවද ඇත.
ගොම භාවිතා කිරීමේ වැදගත්කම
මේ සඳහා වඩාත් වැදගත් ලේයර් කුකුල් පොහොර වේ. බ්‍රොයිලර් කුකුල් පොහොරවල අන්තර්ගත දහයියා හෝ ලී කුඩු දිරාපත් වීමට අපහසුය. නමුත් බ්‍රොයිලර් අතුරණුව කොම්පෝස්ට් නිෂ්පාදනයට භාවිතා කරන අවස්ථාවලදී ඒ සඳහා විශේෂ ක්‍රියාමාර්ග අනුගමනය කිරීම තුළින් බ්‍රොයිලර් අතුරණුවද දිරාපත් කරගත හැකිවේ. ලේයර් කුකුල් පොහොර හොඳින් දිරාපත් වී ඇති නිසා කොම්පෝස්ට් නිෂ්පාදනයට පහසුවෙන් භාවිතා කළහැකිය.
කුකුල් පොහොර භාවිතා කිරීමේ වැදගත්කම
ෙබ්‍රායිලර් අපද්‍රව්‍ය යනු බ්‍රොයිලර් කුකුල් කුඩුවලින් ඉවත් කරනු ලබන අපද්‍රව්‍ය සහිත ආස්තරණය වේ. බෝහෝවිට මෙම ආස්තරණය ලෙස දහයියා හෝ ලී කුඩු භාවිතා කරනු ලැබේ. බ්‍රෙයිලර් අපද්‍රව්‍යවල දහයියා හෝ ලී කුඩු, කුකුලන්ගේ අපද්‍රව්‍ය කුකුල් කෑම වැනි දෑ අන්තර්ගත වේ. ලංකාවේ අද සුලභව දැකිය හැකි නමුත් නිසි පරිදි භාවිතයට නොගන්නා අපතේ යන කාබනික ද්‍රව්‍යයක් ලෙස බ්‍රොයිලර් අපද්‍රව්‍ය හැඳින්විය හැකිය. මෙම අපද්‍රව්‍ය දින 40 – 45 ක් වැනි ඉතා කෙටි කාලයකදී ලබාගත හැකිය. මෙය වැඳගත් කාබනික පොහොරක්ද වේ.
බ්‍රොයිලර් අපද්‍රව්‍යවල සැලකිය යුතු ප්‍රමාණයක් ශාක පෝෂක අන්තර්ගත වේ. මේ නිසා ලංකාවේ කාබනික පොහොර හිඟයට පිළියමක් ලෙස භාවිතා කළ හැකි සාර්ථක කාබනික පොහොරක් ලෙස බ්‍රොයිලර් අපද්‍රව්‍ය සැලකිය හැකිය. මෙම අපද්‍රව්‍ය සාමාන්‍ය ව්‍යවහාරයේ බ්‍රොයිලර් කුකුල් පොහොර ලෙස හඳුන්වනු ලැබේ. ෙබ්‍රායිලර් කුකුල් පොහොර භෝග වර්ධනයට අත්‍යවශ්‍ය ශාක පෝෂක සියල්ලම අන්තර්ගත කාබනික පෙහොරකි. විශේෂයෙන්ම වෙනත් කාබනික ද්‍රව්‍ය හා සසඳා බැලීමේදී බ්‍රොයිලර් අපද්‍රව්‍යයේ සැලකිය යුතු පෝෂ්‍ය පදාර්ථ ප්‍රමාණයක් අන්තර්ගත වේ. මේ නිසා බ්‍රොයිලර් ආස්තරණය අපතේ නොයවා කාබනික පොහොරක් ලෙස භාවිතා කිරීම වැදගත්ය.
බ්‍රොයිලර් ආස්තරණයේ ඇති අධික කාබන් හා නයිට්‍රජන් අතර අනුපාතය දිරාපත්‍වීමේ ක්‍රියාවලිය පමා කෙරේ. මේ නිසා බ්‍රොයිලර් අපද්‍රව්‍ය මඟින් කොම්පෝස්ට් නිපදවීමේදී කාබන් හා නයිට්‍රජන් අතර අනුපාතය අඩුකර ගැනීමට ක්‍රියාමාර්ග ගැනීම කාර්ය කාර්යක්‍ෂම කොම්පොස්ට් නිපදවීමට හේතුවේ.
මේ සඳහා ප්‍රදේශයේ හෝ ගෙවත්තේ සොයා ගත හැකි ශාකවල අමු තණ කොළ රොඩු භාවිතා කිරීම වෙනත් සත්ව පෙහොර භාවිතා කිරීම, යුරියා ස්වල්පයක් එක් කිරීම, තම ගෙවත්තේ හෝ ප්‍රදේශයේ ගවයින් ඇත්නම් ගව මුත්‍රා හෝ ගව ආස්තරණය භාවිතා කිරීම වැනි ක්‍රම කොම්පොස්ට් නිපදවීමේදී අනුමගමනය කළ හැකිය.
බ්‍රොයිලර් අපද්‍රව්‍ය බොහෝදුරට එකාකාරී සංයුතියකින් යුක්තය. මේ නිසා බ්‍රොයිලර් අපද්‍රව්‍ය භාවිතා කර නිපදවන කොම්පෝස්ට්වල සංයුතිය බෝහෝදුරට එකාකාරිව පවත්වා ගැනීමට පහසු වේ. මෙය විශේෂයෙන් වාණිජ කොම්පෝස්ට් නිෂ්පාදනයේ වැදගත් ලක්‍ෂණයකි.
එසේම මෙම ආස්තරණයේ නගරබද කුණු කසලවල මෙන් පොලිතීන්, වීදුරු, ලී, යකඩ, හා බෙලෙක් කැබලි වැනි අපද්‍රව්‍ය අන්තර්ගත නොවේ. බ්‍රොයිලර් ආස්තරණයේ දක්නට ලැබෙන අපද්‍රව්‍ය කුඩා කැබලි ලෙස තිබීම නිසා කැබලි කිරීමේ අවශ්‍යතාවයක්ද පැන නොනගී. මේ නිසා බ්‍රොයිලර් ආස්තරණය පහසුවෙන් හා ලාභදායීව කොම්පෝස්ට් නිපදවීමට භාවිතා කළ හැකිය. බ්‍රොයිලර් අපද්‍රව්‍ය ක්‍ෂුද්‍ර ජීවීන් සැලකිය යුතු ප්‍රමාණයක් අන්තර් ගතවන මාධ්‍යයකි. එයට හේතුව දින 40 සිට 45 දක්වා කුකුලන්ගේ අපද්‍රව්‍ය, ආහාර අවශේෂ ආදිය දහයියා සමඟ එකතු වීමයි. එහි අන්තර්ගත ක්‍ෂුද්‍ර ජීවීන්ගේ ක්‍රියාරීත්වය නිසා කොම්පෝස්ට් නිෂ්පාදනයේදී අමුද්‍රව්‍ය පහසුවෙන් දිරාපත්වීමට ද හැකියාවක් ඇත.
ෙබ්‍රායිලර් අපද්‍රව්‍ය නිසි පරිදි කළමනාකරණය කර ගත නොහැකිවීම වරතමානෙය් එම කර්මාන්තයේ යෙදී සිටින්නන් මුහුණ පා ඇති ප්‍රධාන ගැටළුවකි. මේ හේතුව නිසා පාරිසරික ගැටළු පවා ඇති වී ඇත. බ්‍රොයිලර් අපද්‍රව්‍ය විවිධ ස්ථානවල දැමීමෙන් පරිසරය හා ජලය අපවිත්‍රවීම් බොහෝවිට වාර්තා වී ඇත.
බ්‍රොයිලර් අපද්‍රව්‍ය නිසි පරිදි කළමනාකරණය නොකිරීමෙන් කුකුල් පාලනයේ “ගම්බෝරෝ” වැනි රෝග පැතිරීම නිසා ද ගැටළු ඇති වී ඇත. මෙම රෝග පාලනය කිරීමට අධික ලෙස මුදල් වැය කිරීමට සිදුවන අතර ඒ නිසා බොහෝ කුකුල් කොටු පාඩුදායක තත්වයකට පවා පත්වී ඇත. කෙසේ නමුත් බ්‍රොයිලර් අපද්‍රව්‍ය මඟින් කොම්පොස්ට් නිපදවීමේදි ඇතිවන අධික උෂ්ණත්වය නිසා බෝහෝ රෝගකාරකයින් විනාශවීම සිදු වේ. මේ නිසා කුකුල් කර්මාන්තයේ විවිධ රෝග අවම කර ගැනීමට පවා බ්‍රොයිලර් අපද්‍රව්‍ය ප්‍රතිචක්‍රීකරණය හේතුවේ.
බොහෝ බ්‍රොයිලර් කර්මාන්තකරුවන්හට තම අපද්‍රව්‍යය බැහැර කර ගැනීම පිළිබඳව ගැටළු මතු වී ඇත. එබැවින් මෙම අපද්‍රව්‍ය ප්‍රතිචක්‍රීයකරණය කර කොම්පෝස්ට් පොහොර නිපදවා ගැනීම තුළින් අතිරේක ආදායම් මාර්ගයක් ඇති කර ගැනීමටද හැකිවේ.
අද ලංකාවේ කෘෂිකර්මානතයේ සාර්ථක අස්වැන්නක් ලබා ගැනීමට ඇති ප්‍රධාන ගැටළුවක් ලෙස පසේ අඩු සාරවත් බව සැලකිය හැකිය. මෙයට ප්‍රධාන ගැටළුවක් ලෙස පසේ අඩු සාරවත් බව සැලකිය හැකිය. මෙයට ප්‍රධාන හේතුව වී ඇත්තේ පසේ අන්තර්ගත අඩු කාබනික ද්‍රව්‍ය ප්‍රමාණයයි. මේ සඳහා කළයුත්තේ පසට කාබනික ද්‍රව්‍ය එක් කිරීමයි. කෙසේ නමුත් අද එලෙස යෙදිය හැකි සුදුසු කාබනික පොහොර වර්ග හා ප්‍රමාණ සීමාසහිත වන අතර මිලද සැලකිය යුතු ෙලස අධික වේ. මේ නිසා සුලභව දක්නට ලැබෙන බ්‍රොයිලර් අපද්‍රව්‍ය මඟින් කොම්පොස්ට් නිෂ්පාදනය කර කාබනික පොහොරක් ලෙස භාවිතා කිරීම පසේ සාරවත් බව වැඩි කිරීමට හේතු වේ. එය භෝග වගාවේ සාර්ථකත්වයට හා පසේ දිගුකාලීන සාරවත් බව ආරක්‍ෂා කර ගැනීමට ද උපකාරී වේ.
එළු පොහොර සපයා ගතහැකි ප්‍රදේශවල කොම්පෝස්ට් නිෂ්පාදනයට මෙම සත්ව පොහොර වර්ගයද සාර්ථකව භාවිතා කළහැකිය. විශේෂයෙන් බෙටි ආකාරයට දක්නට ලැබෙන එළු පොහොර කොම්පෝස්ට් නිෂ්පාදනයේදී හොඳින් කුඩු වී විනාශ වීම සිදුවේ.
එළු පොහොර භාවිතා කිරීමේ වැදගත්කම
කොම්පෝස්ට් නිෂ්පාදනයට ඒ ඒ ප්‍රදේශවල සුලභව දක්නට ලැබෙන ඕනෑම සත්ව පොහොරක් භාවිතා කළහැකිය. මේ සඳහා ඉහත සඳහන්කළ සත්ව පොහොරවලට අමතරව ඌරු පොහොර, වවුල් පොහොර හා වෙනත් ඕනෑම සත්ව පොහොරක් භාවිතා කළහැකිය. ප්‍රදේශයේ සුලභතාව මත ඒවා තෝරා ගැනීම වඩාත් වැදගත්ය.
විවිධ සත්ව පොහොරවල අන්තර්ගත ප්‍රධාන ශාක පෝෂක ප්‍රමාණයන්
සත්ව පොහොර | වියළි බර අනුව % |
නයිට්‍රජන් | පොස්පරස් | පොටෑසියම් | |
ගොම | 1.7 | 0.7 | 0.8 |
ලේයර් කුකුල් පොහොර | 2.3 | 1.2 | 2.2 |
බ්‍රොයිලර් කුකුල් පොහොර | 2.2 | 0.8 | 1.9 |
එළු පොහොර | 2.2 | 0.7 | 1.2 |
ඌරු පොහොර | 1.5 | 0.8 | 0.7 |
කොම්පෝස්ට් නිෂ්පාදනයේදී අමුද්‍රව්‍ය තෝරා ගැනීම පිළිබඳව අවබෝධයක් ලබා තිබීම අත්‍යාවශ්‍ය වෙයි. විශේෂයෙන් පහසුවෙන් දිරාපත් වන ශාක සහ සත්ත්ව කොටස්. එනම් කාබනික අමු ද්‍රව්‍ය තිබීම අත්‍යාවශ්‍ය වෙයි. විවිධ කාබනික අමු ද්‍රව්‍ය මේ සඳහා යෝග්‍ය වුවත්, වඩාත් සුදුසු වන්නේ ශාක, පත්‍ර හෙවත් ගස්‌වල කොළ අතු බව අමුතුවෙන් කිව යුතු නොවේ. හේතුව මේවා ඉතාමත් ඉක්‌මණින් දිරාපත් වීමයි.
අනෙක් ප්‍රධාන හේතුව ශාක පත්‍රවල සැළකිය යුතු ප්‍රමාණයක් නයිට්‍රජන් අන්තර්ගත වීමයි. මෙහිදී ශාක පත්‍ර ළපටි අවස්‌ථාවේදී හෝ කොළ පැහැයක් ගන්නා අවස්‌ථාවක නම්s නයිට්‍රජන් ප්‍රමාණය ඉහළ අගයක් ගන්නා බැව් කිව යුතු වෙයි.
මොනවාද මේ දිරාපත් වීමට පහසු ද්‍රව්‍ය
කුකුළු පොහොර, ළපටි පත්‍ර හා මදක් මේරූ පත්‍ර, ළපටි දඬු පත්‍ර විශාල ප්‍රමාණයක් ඇති ශාක වර්ග, විශේෂයෙන් රනිල කුලයේ ශාක මේ සඳහා වඩාත් සුදුසු වෙයි. ශාක පත්‍ර මේ සඳහා වඩාත් යෝග්‍ය වන්නේ එමගින් නයිට්‍රජන් විශාල වශයෙන් පොහොරට ලබා දෙන බැවිනි.
තෝරා ගත යුතු කොළ වර්ග මොනවාද?
ග්ලිරිසිඩියා, ඉපිල් ඉපිල්, වල් සූරියකාන්ත, ගංසූරිය, කුකුණ, එරබදු යනාදී ශාක පත්‍ර වඩාත් යෝග්‍ය වෙයි. එහෙත් ඕනෑම ශාක පත්‍රයක් සුදුසු බව අමතක කළ යුතු නැත.
කොළ වර්ග භාවිත කිරීමේ වාසිය
1 ඉක්‌මණින් දිරාපත් වීම
2 කොම්පොස්‌ට්‌වලට වැඩි නයිට්‍රජන් ප්‍රමාණයක් එකතු වීම
3 නිපදවන කොම්පොස්‌ට්‌වලට ප්‍රශස්‌ථ පැහැයක් ලබා ගැනීමට හැකි වීම
බෝග අවශේෂද මේ සඳහා යොදා ගැනීමට පුළුවන. බෝග අවශේෂවල අන්තර් ගත විවිධ රෝග කාරක පවා කොම්පොස්‌ට් නිෂ්පාදනයේදී විනාශ වෙයි. එබැවින් පිදුරු, එළවළු බෝග අවශේෂ, වෙළෙඳ පොළ එළවළු අපද්‍රව්‍ය වැනි හා වෙනත් බෝග අවශේෂ ද යෝග්‍ය වෙයි.
මෙම බෝග අපද්‍රව්‍ය දිරාපත් නොකර එක එල්ලේ වගාවට යෙදීමේදී විවිධ ගැටලු ඇති විය හැකි බැවින්, දිරාපත් වීමට වැඩි කාලයක් ගත වෙයි. එම නිසා මෙවැනි බෝග වගාවට යොදා ගත හැකි සාර්ථක ක්‍රමය නම් මෙම අපද්‍රව්‍ය වලින් කොම්පෝස්‌ට් නිපදවා භාවිත කිරීමයි.
පිදුරු භාවිතයේ වැදගත් කම
පහසුවෙන් දිරාපත් වීම, පොටෑසියම් බහුලව අඩංගු වීම, ඒකාකාරී සංයුතියක් තිබීම, භාවිත කිරීමේ පහසුව.
ජලජ වල් පැළෑටි
ජලජ වල් පැළෑටි ද කොම්පොස්‌ට් නිපදවන අමුද්‍රව්‍යයක් ලෙස භාවිත කළ හැකිය. මෙම අමුද්‍රව්‍ය භාවිත කරන්නේ නම් ජලාශ ආශ්‍රිතව කොප්පොස්‌ට් නිපදවා ගැනීම සඳහා ස්‌ථානයක් පිළියෙල කර ගැනීම වඩාත් සුදුසුය. මේ සඳහා ජපන් ජබර, සැල්වීනියා වැනි ජලජ ශාක සුදුසු වෙයි. මේවා පහසුවෙන් දිරා පත් වීමද විශේෂ වාසියකි.
ජලජ පැළෑටි භාවිතයේ වාසිය
ඉක්‌මණින් දිරාපත් වීම, ජලාශවලට සිදුවන හානිය අවම වීම, ජලය දූෂණය වීම, වැළකීම. ජලජ වල් පැළෑටි වඳ කිරීමට තිබෙන හැකියාව වැඩිවීම. පහසුවෙන් සපයා ගැනීමට හැකිවීම... කුඩා ප්‍රදේශයකින් වැඩි අමුද්‍රව්‍ය ප්‍රමාණයක් ලබා ගැනීමට හැකියාවක් තිබීම. නිපදවන ලද කොම්පොස්‌ට් උසස් වර්ණයකින් හා උසස් තත්ත්වයකින් යුක්‌ත වීම.
තණ කොළ භාවිතය
ගොඩ බිමේ වැවෙන විවිධ තණ කොළ වර්ග ද කොම්පොස්‌ට් සඳහා සුදුසුය. වල් පැළෑටි ද කොම්පොස්‌ට් නිපදවීම සඳහා ගත හැක. ගිනිතෘණ වැනි ඝනකම් පත්‍ර සහිත තෘණ වර්ග යොදා ගැනීමෙන් සාර්ථක කොප්පොස්‌ට් ප්‍රමාණයක් නිපදවා ගත හැකිය. ගිණිතෘණ වේගවත් වර්ධනයක් පෙන්වන නිසාත්, ඕනෑම පරිසරයක පහසුවෙන් වැවෙන නිසාත් පහසුවෙන් සපයා ගත හැකිය.
තණ කොළ භාවිතයේ වාසිය
පහසුවෙන් දිරා පත් වීම, සැළකිය යුතු පෝෂණ පදාර්ථ ප්‍රමාණයක් අඩංගු වීම, පහසුවෙන් ලාභදායීව සපයා ගැනීමට හැකියාවක් තිබීම, පරිසර දූෂණය අවම කර ගැනීමට හැකියාවක් තිබීම, වල් නාශක යෙදීම නිසා සිදුවන පරිසර දූෂණය අවම වීම.අමල් උඩවත්ත
විශේෂ ස්‌තූතිය පරිසර අමාත්‍යාංශයට
ඔබේ ගෙවත්තටත් කෝටු රාමුවක්
ගෙදර දොරේ දිනපතා ඉවත්වන අපද්‍රව්‍යවලින් නිසි ප්‍රයෝජනයක් ගැනීමට බොහෝ ගෘහනියන්ට අවබෝධයක් මෙන්ම උනන්දුවක් නැති බවත් මග එනෙන අප කාහටත් දක්‌නට ලැබේ. උදෑසන යතුරු පැදියෙන් හෝ මෝටර් රථයෙන් රැකියාවට යන බොහෝ අඹු-සැමි යුවළ ගෙදර කුණු සිලි සිලි මල්ලක දමා මහමග අයිනකට හෝ කාගේ හෝ වත්තකට විසිකර දමා පිටුපස නොබලාම වේගයෙන් රැකියාව කරා යන අශෝභන දසුන් නිතර දෙවේලේ ඇස ගැටෙන අයුරකිs.
ගෙවත්තේ ඉඩක් කඩක් නොමැති වීම එයට හේතුවක් විය හැකිය. එහෙත් අනුන්ගේ ඉඩමක්, කුඹුරු යායක්, වගුරුබිමක් කුණු දැමීම සඳහා තෝරාගැනීම මිනිස්‌කමක්a නොවන බව ද මෙහිදී සඳහන් කළ යුතුව ඇත.
රැකියාවට ගියත් නොගියත් ගෘහනියක් වශයෙන් නිවසේ මුළුතැන්ගෙයින් ඉවත ලන දිරාපත්වන කසලවලින් කොම්පෝස්‌ට් නිපදවීමේ සරල ක්‍රම දෙකක් මෙම ලිපියෙන් විග්‍රහ කෙරෙයි.
මින් පෙර ගොඩ ක්‍රමයන් හා වල ක්‍රමයන් යන ක්‍රම දෙකක් පිළිබඳව කතා කළෙමු. මෙම ක්‍රම දෙකට කිසියම් ඉඩ ප්‍රමාණයක් අවශ්‍ය වුවත්, කොටු රාමු ක්‍රමය සහ බැරල් ක්‍රමය යනුවෙන් හැඳින්වෙන මෙම ක්‍රම දෙකටම එතරම් ඉඩ ප්‍රමාණයක් අවශ්‍ය නැත. ඉතා කුඩා ඉඩ ප්‍රමාණයක් වුව ද සෑහෙනු ඇත.
කොටු රාමු ක්‍රමය
ගොවිපොළක හෝ ගෙවත්තක සවිකරන ක්‍රමයක් වෙයි. දිනපතා අපද්‍රව්‍ය එකතුවන ගොවිපොළක හෝ ගෙවත්තක කුඩා ප්‍රමාණයෙන් කොම්පෝස්ට් නිපදවා ගැනීමට මෙම ක්‍රමය භාවිත කරයි.
කෝටු ක්‍රමයේද තමන්ගේ ඉඩ ප්‍රමාණය අනුව හරි හතරැස් ආකාරයට හෝ රවුම් ආකාරයට හෝ ඉඩ තිබෙන ප්‍රමාණයක කෝටු සිටුවා හරස් අතටත් කෝටු බැඳ කොටුවක් ආකාරයට සාදා ගත හැකිය. මේ සඳහා කෙලින් සිටුවීමට ග්ලිරිසිරියා හෙවත් මල් ඉණි, දඬු යොදාගත හැකි අතර හරස් අතට බැඳීම සඳහා සිහින් උණ පතුරු හෝ එවැනි සිහින් දිගු දැව කෝටු යොදාගත හැකිය. මෙසේ ශක්‌තිමත් ලෙස සාදාගත් කොටුවට දිරාපත්වන ද්‍රව්‍ය දමන්න.
මෙහිදී ගොවිපොළක නම් ගවයින් හෝ එළුවන් සඳහා ආහාර වශයෙන් දී ඉතිරි වුණු තණකොළ, ගොම වැනි ද්‍රව්‍ය මෙන්ම දිරාපත්වන ඕනෑම ද්‍රව්‍යයක් මෙම ක්‍රමයෙන් කොම්පෝස්‌ට්‌වලට පරිවර්තනය කර ගත හැකිය.
කෝටු රාමු ක්‍රමයේ වාසි
දිරාපත්වන ද්‍රව්‍යවලට හොඳින් වාතාශ්‍රය ලැබෙන බැවින් දුඟඳක් ඇති විමක්a හෝ මැස්‌සන් ඇති විමක්a සිදු නොවේ.
මෙහි ඇති ප්‍රධාන වාසිය වන්නේ දිනපතා නිපදවන අමු අපද්‍රව්‍යය එම අවස්‌ථාවේදීම කොම්පොස්‌ට් නිෂ්පාදනය සඳහා භාවිත කළ හැකි වීමයි.
කෝටු රාමු ක්‍රමයේ අවාසි
මහා පරිමාණයේ කොම්පොස්‌ට් නිපදවා ගැනීමට හැකියාවක් නැතත්, ගෙවත්තට හා ගොවිපොළට අවශ්‍ය පමණට කොම්පෝස්‌ට් නිපදවා ගැනීමට පුළුවන.
කෝටු වලින් රාමුව සෑදීමට ශ්‍රමය වැයවෙයි.
නිෂ්පාදනය කළ හැක්‌කේ කොම්පොස්‌ට් සීමාසහිත ප්‍රමාණයක් වීම.
නිරන්තරයෙන් වාතයට නිරාවරණය වී ඇති නිසා වර්ෂාවට හසුවීමත්, වියළීමත් නිතරම සිදුවේ.
කොම්පෝස්‌ට් නිපදවීමට අධික කාලයක් ගතවීම.
ක්‍රමාණුකූලව තට්‌ටු වශයෙන් අපද්‍රව්‍ය තැන්පත් නොකිරීම නිසා දිරාපත් හොඳින් සිදු නොවේ.
තෙතමනය ආරක්ෂා කර ගැනීමට අපහසු වීම
ගොඩ ක්‍රමයේදී මෙන් අපද්‍රව්‍ය පෙරළීම සිදු නොකරන නිසා දිරාපත්වීමට වැඩි කලක් ගතවීම.
කල් ගතවන විට කෝටු දිරාපත් වන නිසා අලූත් වැඩියා කිරීමට සිදුවීම.
මෙවැනි අපහසුතා තිබුණ ද ගෙවත්තක කඩා ඉඩ ප්‍රමාණයක කොම්පොස්‌ට් පහසුවෙන් නිපදවා ගැනීම සඳහා මෙම කොටු රාමු ක්‍රමය වඩාත් සුදුසු වෙයි.
බැරල් ක්‍රමය
ගෙවතු වල කුඩා ප්‍රමාණයේ කොම්පෝස්‌ට් නිපදවා ගැනීම සඳහා වඩාත්ම සුදුසු ක්‍රමය බැරල් ක්‍රමයයි. නාගරික පරිසරයක ඉතා සීමිත ඉඩකඩකට වඩාත් උචිත වන්නේ මෙම ක්‍රමයයි. මේ සඳහා සිමෙන්ති යකඩ හෝ ප්ලාස්‌ටික් බැරල භාවිත කළ හැකියි.
මෙම ක්‍රමයේදී ද්‍රව්‍ය දිරාපත් වීමට අවශ්‍ය වාතය බැරලයේ ඇති සිදුරුවලින් ලැබෙන නිසා ද්‍රව්‍ය දිරාපත්වීම ඉක්‌මන් වෙයි.
බැරල් ක්‍රමයේ වාසි
දිනපතා ගෙදර දොරේ එකතු වන අපද්‍රව්‍ය කළමනාකරණයට අවස්‌ථා උදාවීම.
ගෙවත්තේ අප ද්‍රව්‍ය පවා දමා මෙම ක්‍රමයෙන් කොම්පෝස්‌ට් නිපදවා ගැනීමට හැකිවීම
වාතාශ්‍රය හොඳින් ලැබෙන නිසා තෙතමනය මැනවින් ආරක්‌ෂා වීම.
බැරල් ක්‍රමයේ අවාසි
අමුද්‍රව්‍ය සීමිත ප්‍රමාණයක් පමණක් භාවිත කළ හැකිවීම.
බැරලය හැදවීමට වියදමක් දැරීමට සිදුවීම.
අපද්‍රව්‍ය පෙරලීමකට ලක් නොකරන නිසා දිරාපත් වීමට කලක් ගතවීම.
නිපදවා ගත හැකි කොම්පෝස්ට් ප්‍රමාණය සීමාසහිත වීම.
මධ්‍ය පරිමාණ මහා පරිමාණයෙන් කොම්පොස්‌ට් නිපදවා ගැනීමට නොහැකි වීම.
Main Site