Blog Archive

Monday 21 March 2011

කොම්පෝස්‌ට්‌ නිෂ්පාදනයට ගත යුතු අමුද්‍රව්‍ය මොනවාද?

කොම්පෝස්‌ට්‌ නිෂ්පාදනයට ගත යුතු අමුද්‍රව්‍ය මොනවාද?

කොම්පෝස්‌ට්‌ නිෂ්පාදනයේදී අමුද්‍රව්‍ය තෝරා ගැනීම පිළිබඳව අවබෝධයක්‌ ලබා තිබීම අත්‍යාවශ්‍ය වෙයි. විශේෂයෙන් පහසුවෙන් දිරාපත් වන ශාක සහ සත්ත්ව කොටස්‌. එනම් කාබනික අමු ද්‍රව්‍ය තිබීම අත්‍යාවශ්‍ය වෙයි. විවිධ කාබනික අමු ද්‍රව්‍ය මේ සඳහා යෝග්‍ය වුවත්, වඩාත් සුදුසු වන්නේ ශාක, පත්‍ර හෙවත් ගස්‌වල කොළ අතු බව අමුතුවෙන් කිව යුතු නොවේ. හේතුව මේවා ඉතාමත් ඉක්‌මණින් දිරාපත් වීමයි.

අනෙක්‌ ප්‍රධාන හේතුව ශාක පත්‍රවල සැළකිය යුතු ප්‍රමාණයක්‌ නයිට්‍රජන් අන්තර්ගත වීමයි. මෙහිදී ශාක පත්‍ර ළපටි අවස්‌ථාවේදී හෝ කොළ පැහැයක්‌ ගන්නා අවස්‌ථාවක නම්s නයිට්‍රජන් ප්‍රමාණය ඉහළ අගයක්‌ ගන්නා බැව් කිව යුතු වෙයි.

මොනවාද මේ දිරාපත් වීමට පහසු ද්‍රව්‍ය

කුකුළු පොහොර, ළපටි පත්‍ර හා මදක්‌ මේරූ පත්‍ර, ළපටි දඬු පත්‍ර විශාල ප්‍රමාණයක්‌ ඇති ශාක වර්ග, විශේෂයෙන් රනිල කුලයේ ශාක මේ සඳහා වඩාත් සුදුසු වෙයි. ශාක පත්‍ර මේ සඳහා වඩාත් යෝග්‍ය වන්නේ එමගින් නයිට්‍රජන් විශාල වශයෙන් පොහොරට ලබා දෙන බැවිනි.

තෝරා ගත යුතු කොළ වර්ග මොනවාද?

ග්ලිරිසිඩියා, ඉපිල් ඉපිල්, වල් සූරියකාන්ත, ගංසූරිය, කුකුණ, එරබදු යනාදී ශාක පත්‍ර වඩාත් යෝග්‍ය වෙයි. එහෙත් ඕනෑම ශාක පත්‍රයක්‌ සුදුසු බව අමතක කළ යුතු නැත.

කොළ වර්ග භාවිත කිරීමේ වාසිය

1 ඉක්‌මණින් දිරාපත් වීම

2 කොම්පොස්‌ට්‌වලට වැඩි නයිට්‍රජන් ප්‍රමාණයක්‌ එකතු වීම

3 නිපදවන කොම්පොස්‌ට්‌වලට ප්‍රශස්‌ථ පැහැයක්‌ ලබා ගැනීමට හැකි වීම

බෝග අවශේෂද මේ සඳහා යොදා ගැනීමට පුළුවන. බෝග අවශේෂවල අන්තර් ගත විවිධ රෝග කාරක පවා කොම්පොස්‌ට්‌ නිෂ්පාදනයේදී විනාශ වෙයි. එබැවින් පිදුරු, එළවළු බෝග අවශේෂ, වෙළෙඳ පොළ එළවළු අපද්‍රව්‍ය වැනි හා වෙනත් බෝග අවශේෂ ද යෝග්‍ය වෙයි.

මෙම බෝග අපද්‍රව්‍ය දිරාපත් නොකර එක එල්ලේ වගාවට යෙදීමේදී විවිධ ගැටලු ඇති විය හැකි බැවින්, දිරාපත් වීමට වැඩි කාලයක්‌ ගත වෙයි. එම නිසා මෙවැනි බෝග වගාවට යොදා ගත හැකි සාර්ථක ක්‍රමය නම් මෙම අපද්‍රව්‍ය වලින් කොම්පෝස්‌ට්‌ නිපදවා භාවිත කිරීමයි.

පිදුරු භාවිතයේ වැදගත් කම

පහසුවෙන් දිරාපත් වීම, පොටෑසියම් බහුලව අඩංගු වීම, ඒකාකාරී සංයුතියක්‌ තිබීම, භාවිත කිරීමේ පහසුව.

ජලජ වල් පැළෑටි

ජලජ වල් පැළෑටි ද කොම්පොස්‌ට්‌ නිපදවන අමුද්‍රව්‍යයක්‌ ලෙස භාවිත කළ හැකිය. මෙම අමුද්‍රව්‍ය භාවිත කරන්නේ නම් ජලාශ ආශ්‍රිතව කොප්පොස්‌ට්‌ නිපදවා ගැනීම සඳහා ස්‌ථානයක්‌ පිළියෙල කර ගැනීම වඩාත් සුදුසුය. මේ සඳහා ජපන් ජබර, සැල්වීනියා වැනි ජලජ ශාක සුදුසු වෙයි. මේවා පහසුවෙන් දිරා පත් වීමද විශේෂ වාසියකි.

ජලජ පැළෑටි භාවිතයේ වාසිය

ඉක්‌මණින් දිරාපත් වීම, ජලාශවලට සිදුවන හානිය අවම වීම, ජලය දූෂණය වීම, වැළකීම. ජලජ වල් පැළෑටි වඳ කිරීමට තිබෙන හැකියාව වැඩිවීම. පහසුවෙන් සපයා ගැනීමට හැකිවීම... කුඩා ප්‍රදේශයකින් වැඩි අමුද්‍රව්‍ය ප්‍රමාණයක්‌ ලබා ගැනීමට හැකියාවක්‌ තිබීම. නිපදවන ලද කොම්පොස්‌ට්‌ උසස්‌ වර්ණයකින් හා උසස්‌ තත්ත්වයකින් යුක්‌ත වීම.

තණ කොළ භාවිතය

ගොඩ බිමේ වැවෙන විවිධ තණ කොළ වර්ග ද කොම්පොස්‌ට්‌ සඳහා සුදුසුය. වල් පැළෑටි ද කොම්පොස්‌ට්‌ නිපදවීම සඳහා ගත හැක. ගිනිතෘණ වැනි ඝනකම් පත්‍ර සහිත තෘණ වර්ග යොදා ගැනීමෙන් සාර්ථක කොප්පොස්‌ට්‌ ප්‍රමාණයක්‌ නිපදවා ගත හැකිය. ගිණිතෘණ වේගවත් වර්ධනයක්‌ පෙන්වන නිසාත්, ඕනෑම පරිසරයක පහසුවෙන් වැවෙන නිසාත් පහසුවෙන් සපයා ගත හැකිය.

තණ කොළ භාවිතයේ වාසිය

පහසුවෙන් දිරා පත් වීම, සැළකිය යුතු පෝෂණ පදාර්ථ ප්‍රමාණයක්‌ අඩංගු වීම, පහසුවෙන් ලාභදායීව සපයා ගැනීමට හැකියාවක්‌ තිබීම, පරිසර දූෂණය අවම කර ගැනීමට හැකියාවක්‌ තිබීම, වල් නාශක යෙදීම නිසා සිදුවන පරිසර දූෂණය අවම වීම.අමල් උඩවත්ත

විශේෂ ස්‌තූතිය පරිසර අමාත්‍යාංශයට


ඔබේ ගෙවත්තටත් කෝටු රාමුවක්‌

ගෙදර දොරේ දිනපතා ඉවත්වන අපද්‍රව්‍යවලින් නිසි ප්‍රයෝජනයක්‌ ගැනීමට බොහෝ ගෘහනියන්ට අවබෝධයක්‌ මෙන්ම උනන්දුවක්‌ නැති බවත් මග එනෙන අප කාහටත් දක්‌නට ලැබේ. උදෑසන යතුරු පැදියෙන් හෝ මෝටර් රථයෙන් රැකියාවට යන බොහෝ අඹු-සැමි යුවළ ගෙදර කුණු සිලි සිලි මල්ලක දමා මහමග අයිනකට හෝ කාගේ හෝ වත්තකට විසිකර දමා පිටුපස නොබලාම වේගයෙන් රැකියාව කරා යන අශෝභන දසුන් නිතර දෙවේලේ ඇස ගැටෙන අයුරකිs.

ගෙවත්තේ ඉඩක්‌ කඩක්‌ නොමැති වීම එයට හේතුවක්‌ විය හැකිය. එහෙත් අනුන්ගේ ඉඩමක්‌, කුඹුරු යායක්‌, වගුරුබිමක්‌ කුණු දැමීම සඳහා තෝරාගැනීම මිනිස්‌කමක්‌a නොවන බව ද මෙහිදී සඳහන් කළ යුතුව ඇත.

රැකියාවට ගියත් නොගියත් ගෘහනියක්‌ වශයෙන් නිවසේ මුළුතැන්ගෙයින් ඉවත ලන දිරාපත්වන කසලවලින් කොම්පෝස්‌ට්‌ නිපදවීමේ සරල ක්‍රම දෙකක්‌ මෙම ලිපියෙන් විග්‍රහ කෙරෙයි.

මින් පෙර ගොඩ ක්‍රමයන් හා වල ක්‍රමයන් යන ක්‍රම දෙකක්‌ පිළිබඳව කතා කළෙමු. මෙම ක්‍රම දෙකට කිසියම් ඉඩ ප්‍රමාණයක්‌ අවශ්‍ය වුවත්, කොටු රාමු ක්‍රමය සහ බැරල් ක්‍රමය යනුවෙන් හැඳින්වෙන මෙම ක්‍රම දෙකටම එතරම් ඉඩ ප්‍රමාණයක්‌ අවශ්‍ය නැත. ඉතා කුඩා ඉඩ ප්‍රමාණයක්‌ වුව ද සෑහෙනු ඇත.

කොටු රාමු ක්‍රමය

ගොවිපොළක හෝ ගෙවත්තක සවිකරන ක්‍රමයක්‌ වෙයි. දිනපතා අපද්‍රව්‍ය එකතුවන ගොවිපොළක හෝ ගෙවත්තක කුඩා ප්‍රමාණයෙන් කොම්පෝස්‌ට්‌ නිපදවා ගැනීමට මෙම ක්‍රමය භාවිත කරයි.

කෝටු ක්‍රමයේද තමන්ගේ ඉඩ ප්‍රමාණය අනුව හරි හතරැස්‌ ආකාරයට හෝ රවුම් ආකාරයට හෝ ඉඩ තිබෙන ප්‍රමාණයක කෝටු සිටුවා හරස්‌ අතටත් කෝටු බැඳ කොටුවක්‌ ආකාරයට සාදා ගත හැකිය. මේ සඳහා කෙලින් සිටුවීමට ග්ලිරිසිරියා හෙවත් මල් ඉණි, දඬු යොදාගත හැකි අතර හරස්‌ අතට බැඳීම සඳහා සිහින් උණ පතුරු හෝ එවැනි සිහින් දිගු දැව කෝටු යොදාගත හැකිය. මෙසේ ශක්‌තිමත් ලෙස සාදාගත් කොටුවට දිරාපත්වන ද්‍රව්‍ය දමන්න.

මෙහිදී ගොවිපොළක නම් ගවයින් හෝ එළුවන් සඳහා ආහාර වශයෙන් දී ඉතිරි වුණු තණකොළ, ගොම වැනි ද්‍රව්‍ය මෙන්ම දිරාපත්වන ඕනෑම ද්‍රව්‍යයක්‌ මෙම ක්‍රමයෙන් කොම්පෝස්‌ට්‌වලට පරිවර්තනය කර ගත හැකිය.

කෝටු රාමු ක්‍රමයේ වාසි

දිරාපත්වන ද්‍රව්‍යවලට හොඳින් වාතාශ්‍රය ලැබෙන බැවින් දුඟඳක්‌ ඇති විමක්‌a හෝ මැස්‌සන් ඇති විමක්‌a සිදු නොවේ.

මෙහි ඇති ප්‍රධාන වාසිය වන්නේ දිනපතා නිපදවන අමු අපද්‍රව්‍යය එම අවස්‌ථාවේදීම කොම්පොස්‌ට්‌ නිෂ්පාදනය සඳහා භාවිත කළ හැකි වීමයි.

කෝටු රාමු ක්‍රමයේ අවාසි

මහා පරිමාණයේ කොම්පොස්‌ට්‌ නිපදවා ගැනීමට හැකියාවක්‌ නැතත්, ගෙවත්තට හා ගොවිපොළට අවශ්‍ය පමණට කොම්පෝස්‌ට්‌ නිපදවා ගැනීමට පුළුවන.

කෝටු වලින් රාමුව සෑදීමට ශ්‍රමය වැයවෙයි.

නිෂ්පාදනය කළ හැක්‌කේ කොම්පොස්‌ට්‌ සීමාසහිත ප්‍රමාණයක්‌ වීම.

නිරන්තරයෙන් වාතයට නිරාවරණය වී ඇති නිසා වර්ෂාවට හසුවීමත්, වියළීමත් නිතරම සිදුවේ.

කොම්පෝස්‌ට්‌ නිපදවීමට අධික කාලයක්‌ ගතවීම.

ක්‍රමාණුකූලව තට්‌ටු වශයෙන් අපද්‍රව්‍ය තැන්පත් නොකිරීම නිසා දිරාපත් හොඳින් සිදු නොවේ.

තෙතමනය ආරක්‌ෂා කර ගැනීමට අපහසු වීම

ගොඩ ක්‍රමයේදී මෙන් අපද්‍රව්‍ය පෙරළීම සිදු නොකරන නිසා දිරාපත්වීමට වැඩි කලක්‌ ගතවීම.

කල් ගතවන විට කෝටු දිරාපත් වන නිසා අලූත් වැඩියා කිරීමට සිදුවීම.

මෙවැනි අපහසුතා තිබුණ ද ගෙවත්තක කඩා ඉඩ ප්‍රමාණයක කොම්පොස්‌ට්‌ පහසුවෙන් නිපදවා ගැනීම සඳහා මෙම කොටු රාමු ක්‍රමය වඩාත් සුදුසු වෙයි.

බැරල් ක්‍රමය

ගෙවතු වල කුඩා ප්‍රමාණයේ කොම්පෝස්‌ට්‌ නිපදවා ගැනීම සඳහා වඩාත්ම සුදුසු ක්‍රමය බැරල් ක්‍රමයයි. නාගරික පරිසරයක ඉතා සීමිත ඉඩකඩකට වඩාත් උචිත වන්නේ මෙම ක්‍රමයයි. මේ සඳහා සිමෙන්ති යකඩ හෝ ප්ලාස්‌ටික්‌ බැරල භාවිත කළ හැකියි.

මෙම ක්‍රමයේදී ද්‍රව්‍ය දිරාපත් වීමට අවශ්‍ය වාතය බැරලයේ ඇති සිදුරුවලින් ලැබෙන නිසා ද්‍රව්‍ය දිරාපත්වීම ඉක්‌මන් වෙයි.

බැරල් ක්‍රමයේ වාසි

දිනපතා ගෙදර දොරේ එකතු වන අපද්‍රව්‍ය කළමනාකරණයට අවස්‌ථා උදාවීම.

ගෙවත්තේ අප ද්‍රව්‍ය පවා දමා මෙම ක්‍රමයෙන් කොම්පෝස්‌ට්‌ නිපදවා ගැනීමට හැකිවීම

වාතාශ්‍රය හොඳින් ලැබෙන නිසා තෙතමනය මැනවින් ආරක්‌ෂා වීම.

බැරල් ක්‍රමයේ අවාසි

අමුද්‍රව්‍ය සීමිත ප්‍රමාණයක්‌ පමණක්‌ භාවිත කළ හැකිවීම.

බැරලය හැදවීමට වියදමක්‌ දැරීමට සිදුවීම.

අපද්‍රව්‍ය පෙරලීමකට ලක්‌ නොකරන නිසා දිරාපත් වීමට කලක්‌ ගතවීම.

නිපදවා ගත හැකි කොම්පෝස්‌ට්‌ ප්‍රමාණය සීමාසහිත වීම.

මධ්‍ය පරිමාණ මහා පරිමාණයෙන් කොම්පොස්‌ට්‌ නිපදවා ගැනීමට නොහැකි වීම.


Main Site

http://lankatronic.blogspot.com/2011/03/blog-post_21.html

No comments:

Post a Comment