Blog Archive

Monday, 9 May 2011

2012 ලොක විනාසය / ලොව ආරමිභය හා අවසානය බොදු ඇසින් ලිපියක් ඇසුරින්

බදු දහම යනු සර්වකාලින ධර්මයකි. අන් සැම දෙයක්ම කලින් කලට වෙනස් වුවත් බුදු දහම වෙනස් වන්නේ නැත. එබැවින් එය අකාලික ධර්මයක් යැයි කියනු ලබයි. මෙ කාලයේ බොහෝ දෙනෙක් 2012 දෙසැමිබර් 21 වන දින ලොක විනාශයක් සිදුවන බවට කථා බහ කරන්නට පටන්ගෙන තිබෙයි. මෙ සදහා සාක්ෂි වශයෙන් මොවුන් පාදක කරගන්නේ දැනට වසර 4000 කට පමණ පෙර උසස් ශිෂ්ඨාචාරයක්ව පැවති මායා ශිෂ්ඨාචාරයේ මායාවරැන් විසින් භාවිතා කරණ ලද දිනදර්ශනයයි. මෙම දින දර්ශනය 2012/12/21 වන දිනයෙන් අවසන් වන නිසා එදිනට කුමක් හෝ විශේෂ සිදුවිමක් සිදුවිය හැකි බවට බොහෝ දෙනා සැක කරණවා. ඒත් එක්කම ලොක විනාශය අලලා නිපදවන චිත්‍රපට ගණනාවක්ද මෙ කාල වකවානුව තුල නිකුත්විම මෙ සමිබන්ධයෙන් මිනිසුන්ගේ වැඩි අවධානයක් යොමු විමට හේතුවක් වෙලා තියෙනවා, කෙසේ වුවත් මා‍ මෙතැන් සිට ඉදිරිපත් කිරිමට බලාපොරොත්තු වන ලිපි පෙලෙන් කරැණු දක්වන්න බලාපොරොත්තු වෙන්නේ ලොකයේ උපත හා ලොකයත් වෙනත් ලොකයන් පිළිබදවත් බුදුදහම විස්තර කරල තියෙන්නේ මොනවගේද? බුදු දහම විස්තර කරල තියෙන කරැණු මොනවාද කියන එකයි. ඒවා නුතන විද්‍යාව එක්ක මොනතරමි දුරට ගැලපියා යනවද කියන කරැණුයි. ඊට ප්‍රථම මා වෙත ලැබුණු ඊ ලිපියක 2012 ලොක විනාශය සමිබන්ධයෙන් සදහන්ව තිබුණු කරැණු මම පහතින් දක්වන්නමි,







එහෙනමි ආයෙ බුදු දහම දෙසට හැරෙමු. මෙ ලොකයේ උපතත් මෙ ලොකයේ විනාශ විමත් ගැන කියන්න කලින් මෙ ලොකේ කියන්නේ මොකද්ද කියල බලන එක වටිනවා.

ඇත්තට ලොකය කියන්නේ මොකද්ද? එක එක අය මෙකට එක එක උත්තර දෙවි. කෙනෙක් කියයි ලොකේ කියන්නේ අපි මෙ ජිවත් වෙලා ඉන්න ග්‍රහ ලොකයට කියල‍. තව කෙනෙක් කියයි ලොකේ කියන්නේ මෙ ගස්වැල් සත්තු මිනිස්සු ගෙවල් දොරවල් කියන මෙ හැම දේම එකට ගත්තහම ලොකයයි කියල. මෙවත් හරි තමයි දැන් බලමු බුදු දහමෙ ලොකේ කියන්නේ මොකක් කියලද දක්වලා තියෙන්නේ කියල? එක්තරා අවස්ථාවක තැනැත්තෙක් ඇවිල්ල බදු රජානන්වහන්සේගෙන් අහනවා"ස්වාමිනි භාග්‍යවතානන් වහන්ස මිනිස්සු ලොකය ලොකය යැයි කියල කියනවා, ඇත්තටම මොකද්ද මෙ ලොකය කියල කියන්නේ" කියල එතකොට බුදුරජානන් වහන්සේ ඒකට දෙන උත්තරය තමයි මෙ බබයක් විතර විශාල ශරිරයට තමයි ලොකය කියල කියන්නේ, මෙ ලොකයේ ඇතිවිමත් නැතිවිමත් එහියි කියල. මෙක ලෙකු ගැඹුරක් තියෙන දේශනයක් ඒ ගැන මෙතන සදහන් කරනවාට වඩා මට වුවමනා කරන්නේ සරල හැදින්විමක් කරන්න. ඒක නිසා ලොකය කියන දෙයට සරලව දෙන්න පුළුවන් උත්තරේ තමයි, අපි පණ තියෙනවා යැයි කියන සත්ත්වයන්ගෙන් හා පණ නැතැයි කියන ගස් ගල් පර්වත ආදියත්, ධාතු හා ගුණ වශයෙන් ඇති දේවල් සියල්ල ලෝකය කියායි.

එහෙනමි මෙ ලොකය කියන දේ හැදිල තියෙන්නේ මොනා වලින්ද?
මෙකට එකම උත්තරය එක එක අයට තේරැමි යන විදියට 04 විදියකින් දෙන්න පුළුවන්. පළවෙනි උත්තරය තමයි
01)නාම රැප කියන එක.

02)පංචස්කන්ධය (රෑප, වෙදනා, සංඥා, සංස්කාර, විඥාන)

03)ද්වදශාආයතන (චක්ෂුප්‍රාසාදය,රෑප , සෝතප්‍රාසාදය, ශබිධය, ඝාන ප්‍රාසාදය, ඝන්ධය, ජිවිහා ප්‍රාසාදය, රස, කායප්‍රාසාදය, ස්පර්ශය, මනායතනය, ධර්ම) මෙහි දක්වා ඇති චක්ෂුප්‍රාසාදය අදියට ඇස/චක්කායතනය, කණ/සෝතායතනය, නාසය/ඝන්ධායතනය, දිව/ජිවිහායතනය, ශරිරය/පොටිඨබිබායතනය, සිත/මනායතනය වශයෙන්ද සමහර තැන් වල දක්වා ඇත. චක්ෂුප්‍රාසාදය /ඇස/චක්කායතනය මෙ කුමන වදන විවිධ ස්ථානයන්හි යෙදි තිබුනද මෙ සියල්ල එකමය.

04)අනිත් ක්‍රමය අටලොස් ධාතුන්ය. (ඇස,රෑප,චක්කු විඥානය/කණ,ශබිධය,සෝත විඥානය/නාසය,ඝන්ධය,ගාණ විඥානය/දිව,රසය,ජිවිහා විඥානය/ කය,ස්පර්ශය,කාය විඥානය/ සිත, ආරමිමන,මනෝ විඥානය)
මෙ ගැන මෙතනින් කියවන්න
අවසන් ආකාරය වඩා විස්තරාත්මක ආකාරයයි. මෙ පිළිබදව විස්තරයක් සපයනවා නමි, මෙ සියල්ල පසකින් තබා එයම ලිවිමට සිදුවන බැවින් ඒ පිළිබදව පසුව සලකා බලමු. කෙසේ වුවත් ලොකය යනුවෙන් හදුන්වන්නේ මෙ නාම රැපයන්ගේ එකතුවටයි.

ලො‍කයේ උපත කෙසේ සිදුවිද?
ලොකයේ උපත කෙසේ සිදුවිද යන්න සමිබන්ධයෙන් අනාදිමත් කාලයක සිට මිනිසා ප්‍රශ්ණකරන්ට වු දෙයකි. මෙ පිළිබදව කල්පනා කල සමහරැන්
පුටු, මෙස, නිවාස ආදිය ඉබෙ පහල වන දෙවල් නොව මිනිසුන් විසින් සාදනු ලබන දේවල්ය. එපරිද්දෙන්ම මෙ ලොකයත් කවරකු හෝ මවන ලද්දක් බව සිතන්නට විය. ලොකයක් මැවිමට තරමි බලගතු අයෙකු මෙ පෘතුවිය මත්තේ සොයාගත නොහැකි වු නිසා එබදු තැනැත්තකු ආකාශයේ හො ඇති ලෙස සිතන්නට විය. ඔහු ඊශ්වර හෝ දෙවියන්වහන්සේ හෝ ලෙස හදුන්වනු ලැබිය. එය එසේ වුවත් ඒ මැවුමිකරැ මැවිවේ කවුද යන්න පිළිබදව ඔවුන් කල්පනා නොකලෝය.මෙ ලොව එක් අයෙකුට පමණක් එලෙස මැවිමි කිරිමට විශේෂ බලයක් ලැබි අන් අයට එසේ නොලැබි යාමට හේතුව කුමක්දැයි කල්පනා කල බැලිය යුත්තකි.එබැවින් මැවිම බුදු සමය විසින් බැහැර කරණු ලැබුවකි.



මැවිම පිළිබද වැඩිදුර තොරතුරැ මෙතනින්
එම නිසා බුදු දහම මැවුමිවාදය ප්‍රතික්ෂෙප කරණු ලබයි. යමක් ඇත්නමි එහි ආරමිභයක්ද තිබිය යුතුයැයි යන න්‍යාය සැමටම අදාල වන්නේ නැත. මෙ අප වාසය කරන සැම තැනකම අවකාශයක් ඇත. අපි චලනය වන්නේත් අන්වස්තු පිහිටා ඇත්තේත්, අපි ඔබමොබ යන්නේත්, මෙ අවකාශය තුලය. එමනිසා අවකාශය කියා දෙයක්සත්‍ය ලෙසම ඇත. එසේ වුවත් කවුරැ හරි ඔබලගන් ඇසුවහොත් මෙ අවකාශයේ ආරමිභය කොතනද කියා එයට පිළිතුරැ දිමට හැකියාවක්ද නැත. නමුත් අවකාශ යන දෙය ඇති දෙයකි.මෙ ලොව පැවතිම පිළිබද යථා අවබොධයක් යමි තරමකට හෝ ලැබිමට නමි හේතුඵල දහම (පටිඡ්ච සමුපාදය) උගත යුතුයි මවන්නෙක් හෝ ඇතිකරන්නෙක් නොමැතිව මෙ ස්කන්ධ පරමිපරාවන් නොසිදි පවතින ආකාරය බුදුදහමෙ උගන්වා ඇත්තේ එහිය.

බුදුරජානන් වහන්සේගෙන් වරක් ලොව හෙවත් සසරේ පටන් ගැන්ම පිළිබදව ප්‍රශ්ණ කල විට බුදුපියාණන් වහන්සේ කියා සිටියේ "අනමතග්ගොයං භික්කවෙ සංසාරෝ පුබිබා කොටින පඤ්ඤායති" යනුවෙනි. එහි තේරැම වන්නේ මහණෙනි සංසාරය නොපෙනෙන කොනක් ඇතියෙකි. එහි පෙර කොන නොපෙන් යන්න වෙ. මෙහි පෙර කොන නොපෙනේ යනුවෙන් බුදුපියානන් වහන්සේ දේශනා කර ඇත්තේ
උන්වහන්සේට එහි ආරමිභය නොපෙනෙන නිසා නොව එහි ආරමිභයක් නොමැති නිසාය. මෙය අනමතග්ග සංයුක්තයේ දි වදාරා ඇත.

ඒ ලොකයේ ආරමිභය පිළිබදව කථාවය. දැන් සලකා බැලිය යුත්තේ ලොකය විනාශ වන්නේ කෙසේද යන්නය.
මතු සමිබන්ධයි

No comments:

Post a Comment