Blog Archive

Monday 9 May 2011

පදභාජනිය

1 ( 1 පාරාජිකයෙහි සන්ථත බණ වරේ 56-57 ඡෙද යොදන්න )

2 , ගම නම් , එක කුටියක් ඇති ගම, කුටි දෙකක් ඇති ගම,කුටි තුනක් ඇති ගම,කුටි සතරක් ඇති ගම, මිනිසුන් සහිත ගම,මිනිසුන් නැති ගම, තාප්පයකින් වෙන්කළ ගම, තාප්පයකින් වෙන් නොකළ ගම, තැන් තැන්වල ගෙවල් දෙක තුන කළ ගම යනුයි.
යම් කිසි වෙළඳුන් ගේ කරත්ත සමූහයක් සතරමසකට වඩා නැවතී සිටි යම් ගමක් වේද එයද ගම යයි කියනු ලැබේ. ගමේ අවට නම් තාප්පයකින් වට කරන ලද ගමක දොර සවිකරන කණුව ළඟ සිටි මධ්‍යම පුරුෂයෙකු ගැසූ ගලක් වැටෙන දුර ප්‍රමානය වේද එය හෝ තාප්පයකින් වට නොකරන ලද ගමක අන්තිම ගෙවල් ළග සිටි මධ්‍යම පුරුෂයෙකු ගැසූ ගලක් වැටෙන තැනද යනුයි.අරණ්‍යය නම් ගමත් ගම අවටත් හැර ඉන් එපිට වේ.

3 , නො දෙන ලද්ද ,නම් යමක් නො දෙන ලද්දේද, අත නොහරින ලද්දේද,පරිත්‍යාග නොකර ලද්දේද, රක්නා ලද්දේද, ප්‍රවේශම් කරන ලද්දේද,මමත්‍වය කරණ ලද්දේද, අනුන් අයත් වූයේ, මෙය නොදුන් දේ නමි.

සොරකම් යයි කියනලද යන අත්‍ර්‍ථයෙහි සොර සිතය ගන්නා සිතය.

, ගන්නේය, යනු ගන්නේය, ගෙනයන්නේය, යටකොට ගන්නේය, ( ගන්නා දෙයක) ඉරියව්ව වෙනස් කරන්නේය, තැනින් තුරන් කරන්නේය, සලකුණ ඉක්මවන්නේය. යම් බඳු යනු පාදයක් හෝ පාදයක් වටිනාකමක් හෝ පාදයට වඩා වටිනාවූ දෙයක් හෝ යනුයි.

4 ,රජවරු ,නම් මුළු පෘථිවියෙහි රජය, ප්‍රදේශ රජය, පලාත් රජය, ගම් රජය, නොහොත් මහාමාත්‍යය, අණ දෙන්නාය. මොවුහු රජවරු නමි.

5 , සොරා , නම් යමෙක් මසු පසක් හෝ මසු පසකට වඩා හෝ වටිනාකම ඇති නුදුන් දෙයක් සොර සිතින් ගනීද මේ තෙමේ සොරා නමි.

6 ,හිංසා කරන්නාහු, නම් මෙහි අතින් හෝ පයින් හෝ කසයෙන් හෝ වේවැලින් හෝ තුන් හුලස්ව දෙකට පලන ලද දණ්ඩකින් හෝ හිංසා කරන්නේය යනුයි.

7 , බඳින්නාහු, නම් රැහැනින් බැඳීමෙන් හෝ හැකිල්ලෙන් බැඳීමෙන් හෝ ගෙයක සිරකර තැබීමෙන් හෝ නගරයක හෝ ගමක හෝ නියම් ගමක සිරකර තැබීම හෝ පුරුෂයෙකු ආරක්‍ෂාවට තැබීම හෝ කරන්නාහ.

8 , රටින් පිටුවහල් කරන්නාහු , නම් යනු ගමින් හෝ නියම් ගමින් හෝ නුවරින් හෝ ජනපදයෙන් හෝ ජනපද ප්‍රදේශයෙන් හෝ පිටුවහල් කරන්නේය.

9 සොරෙකි, මෝඩයෙකි, නො කියා ගත්තෙකැයි මේ අවනම්බුවයි.එබඳු යන මෙහි පාදයක් හෝ පාදයක් වටිනා දෙයක් හෝ පාදයකට වඩා වටිනා දෙයක් හෝ ගන්නේ යන මෙහි ගනු ලබන්නේ, ගෙනයනු ලබන්නේ, සඟවාගන්නේ, ඉරියව්ව වෙනස් කරන්නේ, ස්ථානයෙන් දුරුකරන්නේ, සලකුණ ඉක්මවන්නේ. මේ තෙමේ යනු මුල් දෙය ගැන කියනු ලැබේ.

10 ,පැරදුනේ වේ, යනු යම්සේ නම් ඉදුනු කොළය නැට්ටෙන් මිදුනේ නිල්බව පිණිස නුසුදුසු ද, එසේම මහණ තෙම නුදුන් මසු පසක් හෝ මසු පසක් වටිනා දෙයක් හෝ මසු පසකට වඩා වටිනා දෙයක් හෝ සොර සිතින් ගෙන ශ්‍රමණයෙක් නොවේ. ශාක්‍ය පුත්‍රයෙක් නො වේ.එහෙයින් පාරාජිකා වූයේයයි කියනු ලැබේ.

11 , ආශ්‍රයට නුසුදුසු වූයේ , යනු ආශ්‍රය නම් එකට සංඝ කර්‍ම කිරීම, එකට පොත් කීම, එකසමාන හික්මීම, මේ ආශ්‍රය නම් වේ.එය ඔහු සමඟ නැත්නුයි එහෙයින් ආශ්‍රය නැතයි කියනු ලැබේ.

12 බිම පිහිටි, ගොඩ පිහිටි, අහස පිහිටි, හිස් තැන පිහටි, ජලයෙහි පිහිටි, නැවෙහි පිහිටි, වාහනයෙහි පිහිටි, ගෙනයන බරෙක්හි පිහිටි, ආරාමයෙහි පිහිටි, විහාරයෙහි පිහිටි, කුඹුරෙහි පිහිටි, වස්ත්‍රයෙහි පිහිටි, ගමෙහි පිහිටි, කැලයෙහි පිහිටි, ජලය, දැහැටි කුර, වෘක්‍ෂය ගෙනයන ලද්ද ළඟ තබන ලද්ද තීරුබද්ද නොගෙවීම ප්‍රාණයක් පා නැත්තෙක් ඔත්තුකාරයා ආරක්‍ෂකයා නියම කිරීම සලකුණ ඇඟවීම යන මේ පදවල විස්තර දත යුතුය.

13 බිමපිහිටි යනු බඩුව බිම තබන ලදදේවේ.වැලලුවේ වැසුනේවේ. බිම පිහිටි බඩුවක් සොරකම් කරන්නෙමියි සොර සිත් ඇත්තේ දෙවැන්නෙකු සොයයිද උදැල්ලක් හෝ කුඩයක් හෝ සොයයි හෝ යයි දුකුලා ඇවැත් වේ. එහි වු ලියක් හෝ වැලක් හෝ කපයි නම් දුකුලා ඇවැත් වේ. පස් හාරයි හෝ ඉවත් කරයි හෝ ගොඩ දමයි හෝ දුකුලා වේ .බඩු තිබෙන සැලිය අල්ලයි හෝ දුකුලා වේ. සොලවයිද ථුලසි වේ.තැනින් ඉවත් කරයිද පාරාජිකා පාපය වේ.

14 තමන්ගේ් භාජනයක් ඇතුල් කරවා මසුරන් පහක් හෝ මසු පහකට වඩා හෝ වටිනා දෙයක් සොර සිතින් අල්ලයිද දුකුලා ඇවැත් වේ . සොලවයිද ථුලසි ඇවැත් වේ. තමාගේ භාජනයට හෝ දමාගනීද මිට හෝ ගලවයිද පාරාජිකා පාපය වේ.නූලක ඇමුණූ බඩුවක් හෝ හවඩියක් හෝ බෙල්ලේ බඳින නුලක් හෝ ඉඟටියේ බඳින නුලක් හෝ සළුවක් හෝ හිස් වෙළුමක් හෝ සොරසිතින් අල්ලයිද දුකුලා පාපය වේ. සොලවයි ථුලසි පාපය වේ, කොනින් අල්ලාගෙන උඩට ඔසවයි ථුලසි පාපය වේ. හප්පමින් බැහැර කරයි ථුලසි වේ.

15 යටත් පිරිසෙයින් කෙසඟක් පමණකුදු සැලියේ කටින් ඉස්සුනේද පාරාජිකා වේ.ගිතෙල් හෝ තලතෙල් හෝ මීපැණි හෝ උක් පැණි හෝ මසු පසක් හෝ මසු පහකට වඩා හෝ වටිනා තෙල් පැණි ආදියක් සොර සිතින් එක් ප්‍රයෝගයකින් බොයි ද පාරාජිකාපත්ති වේ.එහිම ඒ භාජනය බිඳී නම් හෝ අත්හරියි හෝ දවයි හෝ පාවිච්චි නොකරයි හෝ දුකුලා පාපය වේ.

16 ගොඩ පිහිටි යනු, බඩුවක් ගොඩ තබන ලද්දේ වේ. ගොඩ පිහිටි බඩුව සොරකම් කරමියි, සොර සිත් ඇත්තේ දෙවැන්නෙක් හෝ සොයයිද, යෙයිද දුකුලා පාපය වේ.ස්පර්‍ෂ කරයිද දුකුලා පාපය වේ. සොලවවයි ථුලසි පාපය වේ.තැනින් වෙන් කරයි පාරාජිකා වේ.අහස පිහිටි බඩුවක් නම් අහසට ගියේ වේද, මොණරෙක් හෝ, උකුස්සෙක් හෝ වටුවෙක් හෝ සළුවක් හෝ වෙළුමක් හෝ අමුරණක් හෝ කැඩෙමින් වැටේද, ආකාශයෙහි පිහිටි බඩුව සොරකම් කරන්නෙමියි සොර සිත් ඇත්තේ දෙවැන්නෙක් සොයා යයි, දුකුලා පාපය වේ.ගමන නවතීද දුකුලා පාපය වේ.අල්ලයිද දුකුලා පාපය වේ. සොලවවයි ථුලසි පාපය වේ.තැනින් තුරන් කරයිද පාරාජිකා වේ.

17 හිස් තැන පිහිටි බඩුවක් යනු,බඩුවක් එළිමහනෙහි තිබුනේ වේද, ඇඳේ හෝ පුටුවෙහි හෝ සිවුරු ලීයෙහි හෝ සිවුරු වැලෙහි හෝ බිත්ති ඇණයෙහි හෝ කොක්කෙහි හෝ ගසෙහි හෝ එල්ලන ලද්දේ වේද, යටත් පිරිසෙයින් පාත්‍ර පසුම්බියෙහි හෝ ඇති අවකාශ ස්ථානයෙහි පිහිටි බඩුවක් සොරකම් කෙරෙමියි සොර සිතින් දෙවැන්නෙක් සොයයිද, යෙයිද, දුකුලා ඇවැත් වේ. ආමර්‍ශනය කරයිද දුකුලා ඇවැත් වේ. සොලවයි ථුලසි පාපය වේ. ස්ථානයෙන් පිට කරයි පාරාජිකා ඇවැත වේ.

18 ජලයෙහි පිහිටි බඩුවක් ජලයෙහි දමන ලද්දේ වේද, ජලයෙහි පිහිටි බඩුවක් සොරකම් කරන්නෙමියි සොර සිතින් දෙවැන්නෙක් හෝ , සොයයිද යෙයිද, දුකුලා ඇවැත් වේ.කිමිදෙයි හෝ මතුවෙයි හෝ දුකුලා ඇවැත් වේ.අල්ලයිද දුකුලා වේ.සොලවවයි ථුලසි වේ.තැනින් තොර කරයි පාරාජිකා ඇවැත වේ.එහි පහළ වු උපුල් හෝ රත් පියුම් හෝ සුදු පියුම් හෝ නෙළුම් අල හෝ මසුන් හෝ කැසුබුවන් හෝ යන මසු පසක් හෝ මසු පසට බඩා වැඩිය හෝ වටිනා දෙයක් සොර සිතින් අල්ලාද දුකුලා ඇවැත් වේ. සොලවාද ථුලසි වේ.තිබෙන තැනින් වෙන් කොට ගනීද පාරාජිකා වේ.

19 නැව් නම් යමකින් එගොඩ වෙයිද (2) නැවෙහි තිබුන බඩුවක් නැවෙහි දමන ලද්දේ වේද, නැවෙහි තිබුන බඩුවක් සොර සිතින් ගන්නෙමියි සොර සිත් ඇත්තේ දෙවැන්නෙක් සොයා යයිද, දුකුලා වේ. අල්ලයිද දුකුලා ඇවැත් වේ.සොලවයිද ථුලැසි ඇවැත් වේ.තිබුණු තැනින් සොලවයිද පාරාජිකා වේ.නැව ගෙන යමියි සොර සිතින් දෙවැන්නෙකු හෝ සොයයිද, යයිද, දුකුලා ඇවැත් වේ.අල්ලයිද දුකුලා ඇවැත් වේ.සොලවයිද ථුලසි ඇවැත් වේ.බැම්ම ලිහයිද දුකුලා ඇවැත් වේ.( 3 ) බැම්ම ලිහා අල්ලයිද දුකුලා ඇවැත් වේ.සොලවයිද ථුලසි ඇවැත් වේ.උඩ හෝ යට හෝ සරස හෝ යටත් පිරිසෙයින් කෙසඟක් පමණකුදු සොලවයිද, පාරාජිකාපත්ති වේ.

20 යානය නම් උසුලන වාහනය, රථය, කරත්තය, දෝලා, පැල්ලැක්කියි. වාහනයෙහි (මෙහි 19(2) ( නැවෙහි)යන්නට වාහනයෙහි කියා යොදන්න ) වෙනස් කර තැනින් වෙන්කොට ගනීද පාරාජිකා වේ.

21 බර නම් හිස් බරක්, පිටෙහි වු බරක් , උකුලෙහි වු බරක්, එල්වෙන බරක්, යනාත්‍ර්‍ථයි.හිසෙහි වු බරක් සොර සිතින් අල්ලයිද, දුකුලා ඇවැත් වේ.සොලවයිද ථුලසි ඇවැත් වේ.උස්සා කරට ගනීද පාරාජිකා ආපත්තිවේ. කරෙහි වු බර සොර සිතින් අල්ලයිද දුකුලා ඇවැත් වේ.සොලවයිද ථුලසි ඇවැත් වේ.ඉඟටියට ගනී පාරාජිකාපත්තිය වේ.ඉඟටියෙහි බර සොර සිතින් අල්ලයිද දුකුලා ඇවැත් වේ.සොලවයිද ථුලසි ඇවැත් වේ.අතින් ගනීද පාරාජිකාපත්තිවේ.අතෙහි වු බර සොර සිතින් බිමින් ගනීද පාරාජිකාපත්ති වේ.

22 ආරාමය නම් ගෙඩි මල් හටගන්නා ගස් ඇති වතු, ගෙඩි හට ගන්නා ගස් ඇති වතු, යනුයි.ආරාමයෙහි පිහිටි බඩු ආරාමයෙහි හතර පැත්තෙන්ම දමන ලද්දේ වේ.බිම පිහිටි, ගොඩ පිහිටි, අහසෙහි පිහිටි බඩුවක් සොර සිතින් ගන්නෙමැයි සොර සිතින් දෙවැන්නෙකු හෝ සොයයිද යයිද දුකුලා ඇවැත් වේ.අල්වයිද දුකුලා ඇවැත් වේ.සොලවයිද ථුලසි ඇවැත් වේ.තිබු තැනින් ඈත් කරයිද පාරාජිකා වේ.එහි උපන් මුලක් හෝ පොත්තක් හෝ කොළයක් හෝ මලක් හෝ ගෙඩියක් හෝ මසු පසක් වටින්නේද, ඊට වඩා වටින්නේද සොරසිතින් අල්වයිද දුකුලා ඇවැත් වේ.සොලවයිද ථුලසි ඇවැත් වේ.තැනින් ඉවත් කරයිද පාරාජිකාවේ. ආරාමයකට .මට අයත් .යයි වාද කරයිද දුකුලා ඇවැත් වේ.අයිතිකාරයාට සැක උපදවයිද ථුලසි ඇවැත් වේ.හිමියා .මට අයත් නැතයි. ( පසුව )අයිතිය අත්හරියිද පාරාජිකා වේ.නඩු විසඳන්නේ ස්වාමියා පරදීද පාරාජිකාවේ. නඩු කියන්නේ තමන් පරදීද ථුලසි වේ.

23 විහාරයෙහි බඩුවක් විහාරෙහි බිම ,ගොඩ, ආකාශයෙහි හෝ අහස යන සතර තැන දමන ලද්දේ වේද, විහාරයෙහි පිහිටි බඩුවක් සොරකම් කරන්නෙමියි සොර සිතින් දෙවැන්නෙකු හෝ සොයයිද දුකුලා ඇවැත් වේ.අල්වයිද දුකුලා ඇවැත් වේ. සොලවයිද ථුලසි ඇවැත් වේ. තිබූ තැනින් සොලවයිද පාරාජිකා වේ.විහාරයට නඩු කියයිද දුකුලා ඇවැත් වේ. ස්වාමියාට සැක උපදවාද ථුලසි වේ. හිමියා මගේ නොවේයයි (පසුව) අයිතිය අත්හරියිද (අයිතියගත් අය) පාරාජිකාපත්තිය වේ.ධර්‍මයෙහි හැසිරෙන්නේ ( නඩුව ) පරදීද ථුලසි ඇවැත් වේ.

24 කුඹුර නම් යම් තැනෙක්හි සප්තවිධ ධාන්‍ය හෝ මුං මෑ ආදිය හෝ පහළ වේද එය කුඹුර නමි. කුඹුරෙහි පිහිටි බඩුවක් කෙතෙහි අහසේ බිම ගොඩ අවකාශ ස්ථානයෙහි දමන ලද්දේ වේද, කුඹුරෙහි පිහිටි බඩුවක් සොරසිතින් ගන්නෙමැයි දෙවැන්නෙකු හෝ සොයා යයිද, දුකුලා ඇවැත් වේ.අල්වයිද දුකුලා ඇවැත් වේ.සොලවයිද ථුලසි ඇවැත් වේ. තැනින් පිටකරවයිද පාරාජිකා ඇවැත වේ. එහි උපන් මසු පසක් හෝ ඊට සමානව වටිනා ධාන්‍ය හෝ මෑ ආදිය හෝ සොර සිතින් අල්ලයිද, දුකුලා ඇවැත් වේ.සොලවයිද, ථුලසි ඇවැත් වේ.තැනින් අස් කරයිද , පාරාජිකා වේ.කුඹුරට නඩු කියයිද, දුකුලා ඇවැත් වේ. ස්වාමියාට විමති උපදවයිද ථුලසි ඇවැත් වේ.ස්වාමියා .මට නොවේයයි . අයිතිය අත්හරියිද පාරාජිකා වේ.නඩුකියන්නේ අයිතිකාරයා පරදීද පාරාජිකාපත්ති වේ. ධර්‍මයෙහි හැසිරෙන්නේ පරදීද ථුලසි ඇවැත් වේ.උලක් හෝ රැහැනක් හෝ වැටක් හෝ සීමාවක් යොදාද දුකුලා ඇවැත් වේ.එක් ප්‍රයෝගයක් නො ආ කල්හි ථුලසි වේ.ඒ ප්‍රයෝගය ආ කල්හි පාරාජිකා ඇවත වේ.

25 ඉඩම නම් මල් වත්ත හෝ පන්සල් වත්ත යන දෙකයි.වත්තෙහි වූ බඩුවක් වත්තෙහි බිම හෝ ගොඩ අහසෙහි හෝ අවකාශස්ථානයෙහි යන සතර ස්ථානයෙහි තබන ලද්දේ වේ.වත්තෙහි වූ බඩුවක් සොර සිතින් ගන්නෙමියි සොර සිත් ඇත්තේ දෙවැන්නෙක් සොයයිද, යයිද, දුකුලා ඇවැත් වේ. අල්වයිද දුකුලා ඇවැත් වේ. සොලවයිද ථුලසි වේ. තැනින් අස්කරයිද පාරාජිකා වේ.වත්තට නඩු කියයිද දුකුලා ඇවැත් වේ.ස්වාමියාට සැක උපදවයිද ථුලසි ඇවැත්වේ.අයිති කරු මට නොවේයයි අයිතිය අත්හරියිද, පාරාජිකා වේ.නඩු කියන්නේ අයිතිකරු පරදවාද, පාරාජිකාවේ. නඩු කියන්නේ පරදීද, ථුලසි ඇවැත වේ.උලක් හෝ වැලක් හෝ වැටක් හෝ ප්‍රාකාරයක් හෝ යොදාද දුකුලා ඇවැත් වේ.එක් ප්‍රයෝගයක් නා කල්හි ථුලසි ඇවැත්වේ.ඒ ප්‍රයෝගය ආ කල්හි පාරාජිකා ඇවැත වේ.

26 ගමෙහි පිහිටි බඩුවක් බිම හෝ ගොඩ හෝ අහසෙහි හෝ අවකාශස්ථානයක හෝ තබන ලද්දේ වේද,( 2 ) ගමෙහි වු බඩුවක් සොර සිතින් ගන්නෙමියි සොර සිත් ඇත්තේ දෙවැන්නෙක් හෝ සොයයිද, යයිද, දුකුලා ඇවැත් වේ.අල්වයිද දුකුලා ඇවැත් වේ, සොලවයිද ථුලසි ඇවැත් වේ.තිබූ තැනින් අස්කරයිද පාරාජිකා වේ.

27 කැලෑව නම් යමක් මිනිසුන් විසින් අයිති කරගන්නා ලද්දේ වේද එය කැලෑව නම් වේ. කැලයෙහි තිබුන බඩුවක් කැලෑවෙහි බිම හෝ ගොඩ හෝ අහසෙහි හෝ අවකාශස්ථානයක යන සතර තැනින් එකක තබන ලද්දේ වේද, ( මෙහි 20 ( 2 ))ගමෙහි යන්නට කැලයෙහි කියා වෙනස් කොට යොදා ගත යුතුයි) එහි උපන් දර ලීයක් හෝ වැලක් හෝ තෘණ හෝ මසුරන් පසක් හෝ මසුරන් පසකට වැඩියෙන් හෝ වටිනා දෙයක් සොරසිතින් අල්වයිද දුකුලා ඇවැත් වෙ.සොලවයිද ථුලසි ඇවැත් වේ. තැනින් වෙන් කරයිද පාරාජිකා වේ.

28 ජලය නම් භාජනයක තිබුනේ හෝ වේද පොකුණක තිබුනේ හෝ වේද විලක තිබුනේ හෝ වේද , සොරසිතින් අල්වයිද දුකුලා ඇවැත් වේ.තැනින් සොලවයිද ථුලසි ඇවැත් වේ. තැනින් වෙන් කරයිද පාරාජිකා වේ. තමාගේ භාජනයට දමා මසුපසක් වටිනා හෝ මසු පසට වඩා වටිනා හෝ ජලය සොරසිතින් අලවයි නම් දුකුලාඇවැත් වේ. සොලවයිද ථුලසි ඇවැත් වේ. තමාගේ භාජනයට දැමුවේද පාරාජිකාපත්ති වේ. සීමාව සිඳී නම් දුකුලා ඇවැත් වේ. සීමාව සිඳ මසුපසක් හෝ මසු පසට වැඩියෙන් හෝ වටිනාකම ඇති ජලයක් නික්මවයිද පාරාජිකා වේ. මස්සකට වැඩියෙන් හෝ මස්සකට අඩුවෙන් හෝ පිටකරයිද ථුලසි ඇවැත් වේ. මස්සක් හෝ මස්සකට අඩුවෙන් හෝ වටිනා ජලය නික්මවයිද දුකුලා ඇවැත් වේ.

29 දැහැටි නම්ි සිඳින ලද හෝ නො සිඳින ලද හෝ දැහැටි යනුයි. මසුපසක් හෝ මසු පසකට වැඩිවු වටිනාකමක් ඇති දැහැටි සොර සිතින් ගනීද දුකුලා ඇවැත් වේ. සොලවයිද ථුලසි ඇවැත් වේ.තිබූ තැනින් වෙන් කරයිද පාරාජිකා වේ.

30 කැලෑවට ප්‍රධාන වෘක්‍ෂය නම් මනුෂ්‍යයන්ට අයත්වුවක් වේද, පාවිච්චි කරන ගසක් වේද,සොර සිතින් කපාද,පහරක් පහරක් පාසා දුකුලා ඇවැත් වේ.එක් පහරක්වත් නො වැදුන කල්හි ථුලසි වේ .ඒ පහරවල් වැදුන කල්හි පාරාජිකා වේ.

31 වෙන කෙනෙකුට ගෙනයන බඩුවක් සොර සිතින් අල්වයිද, දුකුලා ඇවැත් වේ. සොලවයිද ථුලසි වෙ. තැනික් වෙන් කරයිද පාරාජිකා වේ.බඩු ගෙනයන්නා සමඟ ගෙනයන්නෙමියි පළමුවන පාදය ඉක්මවයිද ථුලසි වේ.දෙවෙනි පාදය ඉක්මවයිද දුකුලා වේ.මසු පසක් හෝ මසු පසකට වඩා හෝ වටිනා වැටුන බඩුව සොර සිතින් අල්වයිද දුකුලා වේ. සොලවයිද ථුලසි වේ. තැනින් තොර කෙරේද පාරාජිකා වේ.

32 සමීපයෙහි දමන ලද බඩුව උපනියි නම් වේ.. මට බඩු දෙවයි කියන්නේ,. .මම නො ගත්තෙමියි. කියයිද දුකුලා වේ. ස්වාමියාට සැක උපදවාද ථුලසිවේ.අයිතිකරු මට නොදෙන්නේය සිතා අයිතිය අත්හරියිද පාරාජිකා වේ. නඩු කියන්නේ ස්වාමියා පරදවයිද පාරාජිකා වේ.නඩු කියන්නේ පරදීද ථුලසි වේ.

33 අය බදු කැඩීම නම් පර්‍වත කොටසක හෝ තොටුපලක හෝ ගම් දොරක හෝ මෙහි ආ තැනත්තාගෙන් අය බදු ගත යුතුයයි රජු විසින් තබන ලද්දේ වේ. එහි මසු පසක් හෝ මසු පසකට වඩා හෝ වටිනා බඩුවක් අයබදු නො ගෙවා සොරසිතින් අල්වයිද දුකුලා ඇවැත් වේ.සොලවයිද ථුලසි ඇවැත් වේ. බදු ගෙවිය යුතු තැන පියවරක් ඉක්මවයිද ථුලසි වේ. දෙවෙනි පාදය ඉක්මවයිද පාරාජිකා වේ.බද්දට අසුවුයේ බද්දෙන් පිටකරයිද පාරාජිකා වේ. බදු බර උසුලයිද දුකුලා ඇවැත් වේ.

34 ප්‍රාණියෙකු නම් මිනිස් ප්‍රාණියෙකු කියනු ලැබේ. සොරසිත් ඇත්තේ අල්ලයිද දුකුලා වේ.සොලවයි ද ථුලසි වේ. තැනින් තොරකරයිද පාරාජිකා වේ. පා නැත්තෝ නම් සර්පයින් හා මත්ස්‍යයෝයි. මසු පසක් හෝ මසු පසකට වඩා වටිනා ඒ සතකු සොර සිතින් අතගාද දුකුලා ඇවැත් වේ. සොලවාද ථුලසි වේ. තැනින් වෙන් කෙරේද පාරාජිකා වේ.

35 දෙපා ඇත්තෝ නම් මනුෂ්‍යයන් හා පියාපත් ඇත්තෝය. සොරසිතින් අල්ලයිද දුකුලා වේ. සොලවයි ද ථුලසි වේ. තැනින් තොරකරයිද පාරාජිකා වේ. පයින් ගෙනයන්නෙමියි පළමුවෙනි පාදය ඉක්මයිද ථුලසි වේ. දෙවෙනි පාදය ඉක්මවයිද පාරාජිකා වේ.

36 සිවුපා ඇත්තෝ නම් ඇත්, අස්,ඔටු, ගෝන්නු, කොටළු ආදී සෙසු සියළු සිවුපා ජාතීහුය. සොරසිතින් අල්ලයිද දුකුලා වේ. සොලවයි ද ථුලසි වේ. තැනින් වෙන් කරයිද පාරාජිකා වේ. පයින් ගෙනයන්නෙමියි පළමුවෙනි පාදය ඉක්මයිද ථුලසිවේ.දෙවෙනි පාදය ඉක්මවයිද ථුලසි වේ.තුන්වෙනි පාදය ඉක්මවත්ද ථුලුසි වේ. සතර වෙනි පාදය ඉක්මවයිද පාරාජිකා වේ.

37 බොහෝ පා ඇත්තෝ නම් ගෝනුසු , පත්තෑ, දළඹු, ආදීහුය.මසු පසක් හෝ මසු පසකට හෝ වඩා වටිනා ඒ සතෙකු සොර සිතින් අල්වයිද දුකුලා වේ.
සොලවයි ද ථුලසි වේ. තැනින් වෙන් කරයිද පාරාජිකා වේ. පයින් ගෙනයන්නෙමියි ඈත් කරයිද පියක් පියක් පාසා ථුලසි වේ. අන්තිම පාදය ඉක්මවාද පාරාජිතා වේ.

38 ඔත්තුකාරයා නම් බඩුවක් රහසින් හොයයිද ඔහුයි. යම්කිසි නමක් ඇත්තෙකුට ඒ බඩුව සොරකම් කරවයි කියයිද දුකුලා වේ. හෙතෙම ඒ බඩුව සොරකම් කරයිද දෙදෙනාටම පාරාජිකා වේ.

39 ප්‍රවේශමට තැබූ බඩුවක් ප්‍රවේශම් කරන්නේ මස්සක් හෝ මස්සකට වඩා හෝ වටින්නේ සොර සිතින් අල්වයිද දුකුලාවේ. සොලවයිද ථුලසිවේ. තුබූ කැනින් ඉවත් කරයිද පාරාජිකා වේ.

40 ඇඟවීමෙන් කරන සොරකම නම් බොහෝ දෙනා එක්කොට එකෙක් බඩුවක් සොරකම් කරයි සියළුදෙනාට පාරාජිකා ඇවැත වේ.

41 ලකුණු කිරීම නම් පෙරබත ,පසු බත, රෑ දවල්දැයි කියා වේලා අඳුන්වා දීමයි. ඒ සලකුනින් ඒ බඩුව සොරකම් කරවයි කියයි නම් දුකුලාවේ. ඒ සලකුණින් ඒ බඩුව සොරකම් කරයි ද දෙදෙනාටම පාරාජිකා ඇවැත වේ. ඒ වේලාවට කලින් හෝ පසුව ඒ බඩුව සොරකම් කරයිද පළමුවැන්නාට ඇවැත් නොවේ. සොරකම් කළහුට පාරාජිකාවේ.

42 ලකුණක් කීම ඇස හෝ කසත්නෙමි, බැම හෝ ඔසවත්නෙමි, හිස හෝ ඔසවන්නෙමි, ඒ සලකුනින් ඒ බඩුව සොරා ගනුවයි සලකුණක් කියයි, දුකුලාවේ. ඒ සලකුණින් ඒ බඩුව සොරකම් කරයි ද දෙදෙනාටම පාරාජිකා වේ.ඒ නිමිත්තට පෙර හෝ පසුව හෝ ඒ බඩුව සොරකම් කරයිද පළමුවැන්නාට ඇවැත් නොවේ. සොරකම් කළහුට පාරාජිකාවේ.

43 මෙනම් බඩුවක් සොරකම් කරවයි භික්‍ෂුවක් භික්‍ෂුවකට අණකරයි, දුකුලා වේ. ඔහු එය සිතමින් එය සොරකම් කරයි, දෙදෙනාටම පාරාජිකා වේ. මෙනම් බඩුවක් සොරකම් කරවයි භික්‍ෂුවක් භික්‍ෂුවකට අණකරය, දුකුලා වේ. ඔහු එය සිතමින් අනිකක් සොරකම් කරයි, පළමුවැන්නාට ඇවැත් නොවේ. සොරකම් කළහුට පාරාජිකා ඇවැත වේ. මෙනම් බඩුවක් සොරකම් කරවයි භික්‍ෂුවක් භික්‍ෂුවකට අණකරයි, දුකුලා වේ. ඔහු අනිකක්ය සිතමින් එය සොරා ගනියි, දෙදෙනාටම පාරාජිකා ඇවැත වේ. භික්‍ෂුවක් භික්‍ෂුවක්හට මෙනම් බඩුවක් සොරකම් කරවයි අණකරයි, හෙතෙම අනිකක් කියාගනිමින් අනිකක් සොරකම් කරයි.පළමුවැන්නාට ඇවැත් නොවේ. සොරාට පාරාජිතා වේ.

44 (1) භික්‍ෂුවක් අසවල් තැනත්තාට කියව, ඒ අසවල් තැනැත්තේ අසවල් තැනත්තාට කියාවා, අසවල් තැනත්තේ අසවල් බඩුව සොරකම් කරාවායි භික්‍ෂුවකට අණකරයි, දුකුලාවේ.( 2) හෙතෙම අන්‍යයාට කියයි දුකුලාවේ. සොරකම කරන්නා පිළිගනී, පළමුවැන්නාට ථුලැසි ඇවැත් වේ. හෙතෙමේ ඒ බඩුව සොරකම් කරයි, සියල්ලන්ට පාරාජික ඇවැත වේ.( මෙහි ( 1 ) හෙතෙම අනිකෙකු අණවයි දුකුලා වේ. සොරා පිළිගනී දුකුලාවේ. හෙතෙම ඒ බඩුව සොරකම් කරයි පළමුවැන්නාට ඇවැත් නොවේ. නියම කළහුටද සොරාටද පාරාජිකා ඇවැත් වේ.

45 මෙනම් බඩුවක් සොරකම් කරවයි භික්‍ෂුවක් භික්‍ෂුවකට අණකරයි, දුකුලාවේ.හෙතෙම ගොස් නැවත ආපසු එයි. ඒ බඩුව සොරකම් කරන්ට මට නොහැකැයි කියයි. හෙතෙම යම් දවසක හැකිවේ නම් එදා ගනුවයි පසුව අණකරයි, දුකුලාවේ. හෙතෙම ඒ බඩු සොරකම් කරයි, දෙදෙනාටම පාරාජිකා ඇවැත වේ. මෙනම් බඩුවක් සොරකම් කරවයි භික්‍ෂුවක් භික්‍ෂුවක්හට අණකරයි දුකුලාවේ. හෙතෙම අණකොට පසුතැවුනේ සොරකම් නොකරවයි. නොකියයි, හෙතෙම ඒ බඩුව සොරකම් කරයි , දෙදෙනාටම පාරාජිකා වේ. භික්‍ෂුවක් භික්‍ෂුවක්හට මෙනම් බඩුවක් සොරකම් කරවයි නියම කරයි, දුකුලාවේ. හෙතෙම අණවා පසුතැවුනේ එපායයි කියයි. හෙතෙම මම ඔබ විසින් අණ ලද්දෙමියි ඒ බඩුව සොරෙකම් කරයි. පළමුවැන්නාට ඇවැත් නොවේ.සොරාට පාරාජිකා ඇවැත්වේ. අසවල් බඩුව සොරකම් කරවයි භික්‍ෂුවක් භික්‍ෂුවක්හට නියම කරයි. දුකුලාවේ. හෙතෙම අණකර පසුතැවුනේ සොරකම් නොකරවයි කියයි. හෙතෙම යහපතැයි ඈත් වෙයි.දෙදෙනාටම ඇවැත් නැත.

46 පස් ආකාරයකින් නුදුන් දේ ගන්නාහට පාරාජිකා ඇවැත් වේ. අනුන් අයත්ද, අනුන් අයත්ය යන දැනුම, මස්සක් හෝ මස්සකට වැඩි වටිනා බඩුවක් වීම, සොර සිතක් එළඹසිටීම, අල්වයි දුකුලා වේ. සොලවයි ථුලසි වේ. තැනින් ඉවත් කරයි පාරාජිකා වේ.

47 ක්‍රම පසකින් නුදුන් දේ ගන්නාහට ථුලැසි ඇවැත් වේ. අනුන්ට අයත්ය යන හැඟීම ඇත්තේද, මස්සකට වඩා හෝ මස්සකට අඩු හෝ සැහැල්ලු පිරිකරක් වේද, සොර සිත ඇත්තේ වේද, එය අල්වයිද, දුකුලා වේ. සොලවයි ද දුකුලා ඇවැත් වේ. තැනින් සොලවයිද ථුලැසි වේ.

48 ක්‍රම පසකින් නුදුන් දේ ගන්නාහට දුකුලා ඇවැත් වේ. අනුන්ට අයත්වේද.අනුන්ට අයත්ය යන හැඟීම ඇත්තෙවේද, මස්සක් හෝ මස්සකට අඩුවෙන් හෝ වටිනා සැහැල්ලු පිරිකරක් වේද, සොර සිත ඉදිරිපත්වුයේ වේද, අල්වයිද,දුකුලා වේ. සොලවයි ද දුකුලා ඇවැත් වේ. තැනින් සොලවයිද දුකුලා ඇවැත වේ.

49 ක්‍රම සයකින් නුදුන් දෙය ගන්නාහට පාරාජිකා ඇවැත වේ. තමන්ගේ නොවේය යන හැඟීම ඇත්තේ ද, විශ්වාසයකින් ගන්නේ නොවේද, තාවකාලිකව ගන්නේ නොවේද, මසු පසක් හෝ මසුපසකට වැඩියෙන් හෝ වටිනා පිරිකරක් වේද, සොර සිත ඉදිරිපත් වුයේ වේද,අල්වයිද දුකුලා ඇවැත් වේ.සොලවයිද ථුලසි ඇවැත් වේ.තැනින් අස් කරයිද පාරාජිකා වේ.

50 සය ක්‍රමයනින් නුදුන්දෙය ගන්නාහට ථුලසි ඇවැත් වේ. තමන්ගේ නොවේය යන හැඟීම ඇත්තේ වේද, විශ්වාසයෙන් නො ගන්නේය යන හැඟීම ඇත්තේද, තාවකාලිකව නොවේද, මස්සකට වඩා හෝ මසු පසකට අඩු හෝ වේද, සොර සිත ඉදිරිපත් වුයේ ද, අල්වයිද දුකුලා ඇවැත් වේ. සොලවයිද දුකුලා ඇවැත් වේ.තැනින් අස් කරයිද ථුලසි ඇවැත් වේ.

51 ක්‍රම සයකින් නුදුන් දේ ගන්නාහට දුකුලා ඇවැත් වේ. තමන්ගේය යන අදහස් නැත්තේ වේද, විශ්වාසයට නො ගන්නේ වේද, තාවකාලික නොවේද, මස්සක් හෝ මස්සකට අඩු හෝ ලාභ පිරිකරක් වේද, සොර සිත ඉදිරිපත් වුයේ වේද, අල්වයිද දුකුලා ඇවැත් වේ. සොලවයිද දුකුලා ඇවැත් වේ. තැනින් අස් කරයිද දුකුලා ඇවැත් වේ.

52 ක්‍රම පසකින් නුදුන් දෙය ගන්නාහට දුකුලා ඇවැත් වේ. අනුන්ට අයත් නොවේද, අනුන් අයත්ය යන හැඟීම ඇත්තේද, මසු පසක් හෝ ඊටවැඩි හෝ වටිනා පිරිකරක් වේද, සොර සිත ඉදිරිපත් වුයේ වේද, අල්වයිද දුකුලා ඇවැත් වේ.සොලවයිද දුකුලා ඇවැත් වේ. කැනින් අස්කරයිද දුකුලා ඇවැත් වේ.

53 ක්‍රම පසකින් නුදුන් දෙය ගන්නාහට දුකුලා ඇවැත් වේ.අනුන්ට අයත් නොවේද, අනුන්ට අයත්ය යන හැඟීම ඇත්තේද, නො වටිනා පිරිකරක් වේද, මස්සකට වඩා හෝ පස් මස්සකට අඩු වේද, සොර සිත වේද, අල්වයිද දුකුලා ඇවැත් වේ. සොලවයිද දුකුලා ඇවැත් වේ. තැනින් අස්කරයිද දුකුලා ඇවැත් වේ.

54 ක්‍රම පසකින් නුදුන් දෙය ගන්නාහට දුකුලා ඇවැත් වේ.අනුන්ට අයත් නොවේද, අනුන්ට අයත්ය යන හැඟීම ඇත්තේවේද, නො වටිනා පිරිකරක් වේද, මස්සක් හෝ මස්සකට අඩු අගය වේද, සොර සිත ද ඉදිරිපත් වුයේ වේ ද, අල්වයිද දුකුලා ඇවැත් වේ.සොලවයිද දුකුලා ඇවැත් වේ. තිබූ තැනින් තැනින් ඈත්කරයිද දුකුලා ඇවැත් වේ. තමන්ගේය යන හැඟීම ඇත්තාහටද විශ්වාසයෙන් ගැනීමටද,තාවකාලිකව ගැනීමටද, අමනුෂ්‍යයන්ට අයත් දේ ගැනීමෙහිද, තිරිසනුන්ට අයත් දේ ගැනීමෙහිද, පාංශකූලය යන අදහස පිටද, පිස්සාටද, සිහි නැති තැනත්තාටද,වේදනාවෙන් පෙළෙන්නාටද,ඒ වැරැද්ද මුලින්ම කළහටද,ඇවැත් නො වේ. (නුදුන් දෙය ගැනීමේ මුල් බණවරයි. )


ප්‍රධාන වෙබි අඩවියට පිවිසෙන්න ලංකාට්‍රොනික්



No comments:

Post a Comment