Blog Archive

Monday 9 May 2011

සන්ථත බණවර

1 ඒ කාලයෙහි විශාලා නුවර වූ බොහෝ වජ්ජි පුත.්‍රක භික්‍ෂූහු ඇතිතාක් අනුභව කළාහුය. ඇතිතාක් නිදාත්තාහ. ඇතිතාක් නෑවාහුය. ඇතිතාක් කා, ඇතිතාක් නිදාගෙන ඇතිතාක් නා නුනුවනින් මෙනෙහි කොට, සිල් බහා නොතබා දුර්‍වල බව ප්‍රකාශ නොකොට, මෛථුන ධර්‍මයෙහි යෙදුනාහ. ඔවුහු මෑත කාලයෙහි ඤාතීන්ගේ විපතක්ද සපර්‍ෂ කළාහු, රොග විපතක් ද සපර්‍ෂ කළාහු, ආයුෂ්මත් අනඳ තෙරුන් වෙත පැමිණ මෙසේ කියත්. ,ස්වාමීනි, ආනන්ද සථවිරයන් වහන්ස, ස්වාමීනි, අපි බුදුන්වහන්සේට ගර්‍හා නො කෙළෙමු. ධර්‍මයට ගර්‍හා නො කෙලෙමු. සංඝයාට ගර්‍හා නො කෙළෙමු. ස්වාමීනි, ආනන්ද සථවිරයන් වහන්ස. අපි තමාටම ගර්‍හා කරන ලද්දෝ වෙමු. අපි අන්‍යයෙකුට ගර්‍හා නො කරන ලද්දෝ වෙමු. අපි දෛව නැත්තෝ වෙමු. පින් නැත්තෝ වෙමු. යම්බදු වු අපි මෙසේ මනා කොට වදාළ ධර්‍මයෙහි පැවිදිව දිවි ඇතිතාක් සම්පූර්‍ණ පිරිසිදු බ්‍රහ්මචය්‍ර්‍යාවෙහි හැසිරෙන්ට නොහැකිවූමු. ස්වාමීනි, ආනන්ද සථවිරයන් වහන්ස, අපි දැන් භාග්‍යවතුන් වහන්සේ සමීපයෙහි පැවිද්ද ලබන්නෙමු. උපසම්පදාව ලබන්නෙමු. අපි දැනුදු විදර්‍ශනා කුශල ධර්‍මයන්ට පෙර පසු වූ බෝධි පක්‍ෂයෙහි වූ ධර්‍මයන් භාවනා කිරීමෙහි යෙදී සිටින්නෙමු ස්වාමීනි, ආනන්ද සථවිරයන් වහන්ස, භාග්‍යවතුන් වහන්සේට මේ කාරණය කියන්නෙහි නම් යහපත,.,ඇවැත්නි, එසේ යයි ,ආයුෂ්මත් ආනන්ද සථවිරයන් වහන්සේ විශාලා නුවර වජ්ජි පුත්‍රයන්ට පිළිතුරු දී භාග්‍යවතුන් වහන්සේ යම් තැනකද එහි පැමිණියහ. පැමිණ, භාග්‍යවතුන් වහන්සේට මේ කාරණය සැළ කළහ.

2 ,තථාගත තෙමේ ශ්‍රාවකයන්ට පණවන ලද ශික්‍ෂාපදයක් වජ්ජීන් හෝ වජ්ජි පුත්‍රයන් නිසා හෝ අවලංගු කරන්නේය යන මේ කාරණ නොසිදු වේ.අවකාශ නැත.,ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ මේ කාරණයෙහි මේ සිද්ධියෙහි දැහැමි කථා කොට භික්‍ෂූන් ඇමතුසේක. , මහණෙනි, යම් භික්‍ෂුවක් සිල් බහා නො තබා දුර්‍වලකම් ප්‍රකාශ නොකොට මෛථුන ධර්‍මය සේවනය කරයිද, ආවාවූ හෙතෙම උපසම්පදා නො කළ යුත්තේය.මහණෙනි යම් භික්‍ෂුවක් සිල්බහා තබා දුර්‍වල බව ප්‍රකාශ කොට මෛථුනය සේවනය කරයිද, ආවාවූ හෙතෙම උපසම්පදා කළ යුතුය. මහණෙනි, මෙසේ වනාහි මේ ශික්‍ෂාපදය කියවව්. ,යම්කිසි මහණෙක් භික්‍ෂූන් අතර අධි ශීල (මාර්‍ග ඵල) ශික්‍ෂාවෙහිද, පැනවූ ශික්‍ෂා පදයෙහිද යුක්ත වූයේ සිල් බහා නොතබා දුර්‍වල බව ප්‍රකාශ නො කොට යටත් පිරිසෙයින් තිරිසන්ගත ගැහැනු සතකු සමගද මෛථුන ධර්‍මයෙහි හැසිරේද ( ඔහු ) පැරදුනු, ආශ්‍රයට නුසුදුස්සෙකු වේ.,

4 පදභාජනිය

1 යමෙක් වනාහි යනු යම් බඳු යම් සේ යෙදුනු යම් ජාති ඇති , යම් නමක් ඇති, යම් ගෝත්‍රයක් ඇති, යම් ස්වභාවයක් ඇති, යම් සේ වාසය කරණ, යම් සේ ආශ්‍රය කරන, සථවිර නමක් හෝ නවක නමක් හෝ මධ්‍යම නමක් හෝ යන මේ තෙමේ යමෙක් වනාහි යයි කියනු ලැබේ.

2 . භික්‍ෂුව යනු ඉල්වානුයි භික්‍ෂූ නමි. පිඩු සිඟීමට පැමිණියේනුයි භික්‍ෂු නමි. කඩන ලද වස්ත්‍ර ( මසා ) දරානුයි භික්‍ෂු නමි. නාමයෙන් භික්‍ෂු නමි. පිළි ගැනීමෙන් භික්‍ෂු නමි. . එව මහණයි. භික්ඛු නම් වේ. සරණාගමන තුනින් උපසම්පදා වූයේයි භික්‍ෂු නම් වේ. යහපත් භික්‍ෂුව, අරටු ඇති භික්‍ෂුව, හික්මෙන භික්ඛු හික්වීමට නුවූවමනා භික්‍ෂුව සමගි සංඝයා විසින් ඥත්තිය ( දැනුම් දීම ) සතරවෙනි කොට ඇති නො වරදිනසුලු තැනට සුදුසු උපසම්පදාවෙන් උපසම්පදා වූයේයයි භික්ඛු නම් වේ. එහි යම් මේ භික්‍ෂුවක් නොවරදින තැනට සුදුසු ලෙස පැවති ඥත්තිය සතරවැනි කොට ඇති උපසම්පදාවෙන් උපසම්පදා වූ මේ තෙමේ මේ අර්‍ථයෙහි අදහස් කරන භික්‍ෂුව නම් වේ.

3 ශික්‍ෂා යනු තුන් හික්වීමයි ශ්‍රේෂ්ඨ ශීලය, ශෙ.්‍රෂ්ඨ සිත ශ්‍රේෂඨ ප්‍රඥාව යන තුන වේ. එහි මේ ශ්‍රේෂඨ ශික්‍ෂාව මේ අර්‍ථයෙහි අදහස් කරන හික්මීමයි .

4 .සමග පැවැත්ම .යනු භාග්‍යවතුන් වහන්සේ විසින් යම් ශික්‍ෂාපදයක් පතවන ලද්දේද, මෙය සාජීව නම්. එහි හික්මෙයි. එහෙයින් මනා පැවැත්මට පැමුණුනේය යනුයි.

5 . සිල් බහා නොතබා දුර්‍වල බව නොපෙන්නා. යනු මෙහි .මහණෙනි, දුර්‍වල බව ප්‍රනාශ කිරීමක්ද ඇත්තේය, සිල් බහා නො තැබීමක් ද ඇත්තේය, මහණෙනි, දුර්‍වල බව ප්‍රකාශ කිරීමක්ද ඇත්තේය, සිල් බහා තැබීමක්ද ඇත්තේය, මහණෙනි, කෙසේ නම් දුර්‍වල බව ප්‍රකාශ කිරීමද සිල් බහා නො තැබීමද වේ ද? (2) මහණෙනි, මේ ශාසනයෙහි මහණ තෙමේ කළකිරුණේ නො ඇලුනේ ශ්‍රමණ භාවයෙන් චුතවනු කැමත්තේ භික්‍ෂු බව පෙලනු ලබන්නේ , භික්‍ෂු බවට ලජ්ජා වන්නේ, භික්‍ෂු බව පිළිකුල් කරන්නේ , ගිහි බව පතන්නේ උපාසක බව පතන්නේය. ආරාමයේ වැඩපල කරන්ට බලාපොරොත්තු වන්නේ සාමණේර බව පතන්නේ තීර්‍ථක බව පතන්නේ, තීර්‍ථක ශ්‍රාවක බව, ශ්‍රමණයෙකු නොවන බව පතන්නේ, ශාක්‍යපුත්‍ර (2) නොවන බව පතන්නේ .මම බුදුන් අත්හරින්නෙම් නම් යහපත්යයි. කියයි.හගවයි. මහණෙනි, මෙසේ දුර්‍වල බව ප්‍රකාශ කිරීමද ශික්‍ෂා බහා නො තැබීමද වේ.

6 නැවතද වනාහි කලකිරුනේ නො ඇලුනේ ( මෙහි 5 (2) යෙදීමේදී. බුදුන් අත්හරින්නෙම් නම් යහපත් යයි. වෙනුවට .ධර්‍මය අත්හරින්නෙම් නම්. කියා වෙනස් කර යොදා ගත යුතුය.)

7 ( මෙහි 6 යෙදීමේදී .බුදුන් .යන්නට .සංඝයා .කියා වෙනස් කර යොදා ගත යුතුයි )

8 මම සිල් බහා තබන්නේ නම් යහපකැයි කියයි. අගවයි. ( 9- 23 දක්වා ඡෙද අගට,යහපතැයි,කියයි අගවයි , යෙදිය යුතුයි.)

9 මම විනය අත්හරින්නෙම් නම්-

10 මම ප්‍රාතිමොක්‍ෂය (හික්වීම් රාශිය ) අත්හරින්නෙම් නම් -

11 මම ඉගෙණීම අත්හරින්නෙම් නම් -

11 මම උපාධ්‍යායයන් ( අවවාද දෙන්නන් ) අත්හරින්නෙම් නම් -

12 මම ගුරුවරයා අත්හරින්නෙම් නම්-

13 එකට වසන්නා අත්හරින්නෙම් නම් -

14 මම ගෝලයා අත්හරින්නෙම් නම්-

15 මම අවවාද දෙන සමාන ගුරුවරයෙකු ඇත්තා අත්හරින්නෙම් නම් -

16 මම සමාන ආචාය්‍ර්‍යවරයෙකු ඇත්තා අත්හරින්නෙම් නම්-

18 මම සමාන සිල් ඇත්තා අත්හරින්නෙම් නම් -

19 මම ගිහි වෙම් නම් -

20 මම උපාසකයෙක් වන්නෙම් නම් -

21 මම ආරාමයෙහි කෙනෙක් වන්නෙම් නම්-

22 මම සාමණෙරයෙක් වන්නෙම් නම් -

23 මම තීර්‍ථක ශ්‍රාවකයෙක් වන්නෙම් නම්-

24 මම ශාක්‍ය පුත්‍රයෙක් නොවන්නේ නම් යහපතැයි කියයි අගවයි. මහණෙනි, මෙසේ දුර්‍වලකම ප්‍රකාශ කිරීම වේ. සිල් දුරු නොකළේ වේ.

25 ( මෙහි 5 (2) සිට 24 දක්වා යෙදීමේදී ,අත්හරින්නෙම් නම් යහපති ,වෙනුවට , ඉදින් මම අත්හරින්නෙමියි , යොදාගත යුතුයි ).

26 නැවතද වනාහි ( මෙහි 5 (2) සිට 24 දක්වා යෙදීමේදී ,අත්හරින්නෙම් නම් යහපති,, වෙනුවට ,ඉදින් මම අත්හරින්නෙම් දැයි , යොදා ගත යුතුය ).

27 නැවතද වනාහි ( මෙහි 5 (2) සිට 24 දක්වා යෙදීමේ දී , අත්හරින්නෙම් නම් යහපත, වෙනුවට ,එසේ නම් අත්හරින්නෙමියි , යොදා ගත යුතුය.)

28 (නැවතද වනාහි ( මෙහි 5 (2) සිට 24 දක්වා යෙදීමේදී , අත්හරින්නෙම් නම් යහපති., වෙනුවට , එසේ නම් මාගේ අතහැරීම වෙයි ,යොදා ගත යුතුය.)

29 (1) නැවතද වනාහි කළකිරුනේ නො ඇලුනේ ශ්‍රමණ භාවයෙන් චුතවනු කැමත්තේ භික්‍ෂු භාවය පෙළනු ලබන්නේ භික්‍ෂු බවට ලජ්ජාවන්නේ භික්‍ෂු බව පිළිකුල් කරවන්නේ, ගිහි බව පතන්නේ, උපාසක බව පතන්නේ, ආරාමයෙහි වැඩපල කරන්නට බලාපොරොත්තු වන්නේ, සාමණේර බව පතන්නේ, තීර්‍ථක බව පතන්නේ ,තීර්‍ථක ශ්‍රාවක බව පතන්නේ, ශ්‍රාවකයෙකු නොවන බව පතන්නේ, ශාක්‍ය පුත්‍ර නොවන බව පතන්නේ, (2) මව සිහි කරමියි කියයි අඟවයි. මහණෙනි, මෙසේ දුර්‍වල බව ප්‍රකාශ කිරීමද ශික්‍ෂාව බහා නොතැබීමද වේ. (3) පියා සිහිකරමියි කියයි අඟවයි. ( මෙහි පහත දැක්වෙන වචන අගට ,සිහිකරමියි කියයි.

අඟවයි, යොදන්න. ) සහොදරයා, නැගණිය, පුතා, දුව, භාය්‍ර්‍යාව, නෑයන්, මිත්‍රයන්,ගම්, නියම් ගම්, කුඔුරු, ඉඩම්, අමු රන්, රුවන්, ශිල්පය, පෙර කරනලද හිනාව, කථාව, ක්‍රීඩාව සිහිකරමියි කියයි අඟවයි. මහණෙනි, මෙසේද වනාහි දුර්‍වලකම ප්‍රකාශ කිරීමද සිල් අත් නො හැරීමද වේ.

30 නැවතද වනාහි ( මෙහි 29 (1) (2) යෙදීමේදී , සිහි කරමියි ,වෙනුවට ,ඇත. මා විසින් පොෂ්‍ය කටයුතුයයි , යොදා ගත යුතුය.)

31 මාගේ පියා ඇත. හෙතෙම මා විසින් පොෂ්‍ය කට යුතුයයි කියයි අගවයි.(මෙහි පහත දැක්වෙන වචන අගට ,මා විසින් පොෂ්‍ය කටයුතුයයි කියයි අඟවයි , යොදන්න.) මාගේ සහොදරයා ඇත, හෙතෙම මාගේ නැගණිය ඇත, ඕතොමෝ මාගේ පුත්‍රයා ඇත, හෙතෙම මාගේ දියණිය ඇත, ඈ මාගේ භාය්‍ර්‍යාව ඇත, ඈ මාගේ නෑයෝ ඇත, ඔවූහු මාගේ මිත්‍රයෝ ඇත . මහණෙනි, මෙසේද දුර්‍වලකම ප්‍රකාශ කිරීමද වේ. ශීක්‍ෂා පද අත් නොහැරියේ වේ.

32 නැවතද වනාහි ( 29 (2) යෙදීමේදී, සිහි කරමි , වෙනුවට , ඇත ඈ මා පොෂ්‍ය කරන්නේය, යොදා ගත යුතුයි.)

33 මාගේ පියා ඇත . හෙතෙම ( මේ වාක්‍ය අගට , මා පොෂණය කරන්නේයයි කියයි අගවයි., යොදන්න.) මගේ සහොදරයා ඇත හෙතෙම -මගේ නැගණිය ඇත, ඈ- මගේ දුව ඇත, ඈ- මාගේ භාය්‍යර්‍ූාව ඇත, ඈ- මාගේ නෑයෝ ඇත, ඔවුහු -මගේ මිත්‍රයෝ ඇත, ඔවුහු-මගේ ගම ඇත, ,ඉන්ද මා ජීවත් වෙමියි, කියයි අඟවයි, යොදන්න.) මගේ නියම් ගම ඇත- මගේ කුඔුර ඇත- මගේ ඉඩම් ඇත- මගේ අමු රන් ඇත- රුවන් මට ඇත- මගේ ශිල්පය ඇත- මහණෙනි, මෙසේද දුර්‍වල බව ප්‍රකාශකිරීමද වෙයි. සිල්ද අත්හැරියේ නොවේ.

34 නැවතද වනාහි ( 29 ( 1 ) යොදා ගත යුතුයි ) දුෂ්කර යයි කියයි අගවයි. පහසු නො වේයයි මේ වාක්‍ය අගට . කියයි අගවයි. යොදන්න ) දුක සේ හැසිරෙන්නෙමියි-සුවසේ

නො හැසිරෙමියි- උත්සාහ නො කරමියි- නො හැක්කෙමියි- ආශා නැතැයි- නො ඇලෙමියි- මහණෙනි, මෙසේ ද වනාහි දුර්‍වල බව ප්‍රකාශ කිරීම ද ශික්‍ෂාව අත්හැරීම ද වේ.

35-46 ,මහණෙනි, කෙසේ නම් දුර්‍වලකම ප්‍රකාශ කිරීම ද සිල් අත්හැරීම වේ ද? මහණෙනි, මේ ශාසනයෙහි මහණ තෙම (මෙහි 5 (2 ) සිට 24 ඡෙද දක්වා ,අත් හරින්නෙම් නම්,වෙනුවට ,අත්හරින්නෙම් ද, බහා නොතැබීම, වෙනුවට, බහා තැබීම, යොදා ගත යුතුයි ) මහණෙනි, මෙසේද වනාහි දුර්‍වලකම ප්‍රකාශ කිරීමද සිල් අත්හැරීමද වේ.

47 නැවත ද වනාහි (29- (1) යොදා ගත යුතුයි) මට බුදුන්ගෙන් වැඩක් නැතැයි කියයි, අගවයි. ( 6 සිට 18 දක්වා ඡෙදවල , අත්හරින්නෙම් නම්, වෙනුවට ,ගෙන් වැඩක් නැත,යොදා ගත යුතුයි. ) මහණෙනි, මෙසේ ද වනාහි දුර්‍වල කම ප්‍රකාශ කිරීම ද සිල් අත් හැරීම ද වේ.

48 නැවත ද වනාහි ( 29 (1) යොදා ගත යුතුයි ) බුදුන් කිනම් ප්‍රයොජන දැයි කියයි අඟවයි. (මෙහි 6 සිට 18 ඡෙද වල , අත්හරින්නේ නම් , වෙනුවට , ගෙන් කිනම් ප්‍රයෝජන ද, යොදා ගත යුතුයි.)

49 නැවත ද වනාහි 29 (1 ) යොදන්න ) බුදුන්ගෙන් මට වැඩක් නැතයි කියයි අඟවයි . (මෙහි 6 සිට 18 දක්වා ඡෙදයන්හි ,අතහරින්නෙම් නම්,වෙනුවට , ගෙන් මට වැඩක් නැත, යොදා ගත යුතුයි

50 නැවතද වනාහි (29 (1) යොන්න ) මම බුදුන්ගෙන් මිදුනෙමි කියයි, අගවයි (මෙහි 6-18 දක්වා ඡෙදවල, අත්හරින්නෙම් නම් , වෙනුවට, ගෙන් මිදුනෙමි, යෙදා ගත යුතුයි )

51 අනිකුදු යම් බුදුන්ට සමාන නම් ඇතිවෙත් නම් හෝ ( මේ වචන අගට , සමාන නම් ඇති වෙත් නම් හෝ, යොදන්න) ධර්‍මයට- සංඝයාට- සිල්වලට- විනයට-ශික්‍ෂාපදවලට- ඉගෙනීමට-උපාධ්‍යායන්ට-ආචාය්‍ර්‍යයන්ට-එකට වාසය කරන්නන්ට-ගෝලයින්ට- එකසමාන උපාධ්‍යායයන්ට-එකසමාන ගුරුවරුන්ට- සමාන සිල්රකින්නන්ට- ගිහියන්ට-උපාසක

යන්ට-ආරාමයේ සිටින අයට – සාමණේරයන්ට- තීත්‍ර්‍ථකයන්ට – තීත්‍ර්‍ථකයන්ගේ ශ්‍රාවකයන්ට-ශ්‍රමණ නො වන්නන්ට -ශාක්‍ය පුත්‍ර නො වන්නන්ට- ඒ ආකාරයෙන් ඒ සලකුණේන් ඒ කරුණින් කියයි, අඟවයි. මහණෙනි, මෙසේ වනාහි දුර්‍වල කම ප්‍රකාශ කිරීමද ශික්‍ෂාව අත්හැරීමද වේ.

52 මහණෙනි, සීලය කෙසේ අත්නොහැරියේ වේ ද? මහණෙනි, මේ ශාසනයෙහි මහණ තෙම යම් ආකාරයකින්, යම් සලකුණකින්, යම් කරුණකින්, සිල් අත්හළේ වෙයිද, ඒ ආකාරයේ ඒ සලකුණෙන්, ඒ කරුණින් පිස්සෙක් සිල් අත්හරියි ද සිල් අත් නොහැරියේ වෙයි. (මෙහි පහත දක්වන වාක්‍ය අගට ,සිල් අත් නො හැරියේ වෙයි, යොදන්න ) පිස්සෙකු ළග සිල් අත්හරියි ද-විසුරුණු සිත් ඇත්තෙක් සිල් අත්හරියි ද – විසිරුණු සිත් ඇති කෙනෙකු ළග සිල් අත්හරියි ද-වේදනාවෙකින් පෙලුනේ සිල් අත්හරියිද-වේදනාවෙන් පෙලෙන්නෙකු ළග සිල් අත්හරියි ද-දේවතාවෙකු සමීපයේ සිල් අත්හරියි ද-තිරිසන් ගත සතෙකු ඉදිරියෙහි සිල් අත්හළේ ද- අශීලාචාරයෙකු ඉදිරියේ සිල් අත්හළේ ද – හෙතෙම නො පිළිගනී ද-අශීලාචාරයෙකු විසින් උසස් අයෙකු සමීපයෙහි සිල් අත්හරියි ද- ඔහු ද නො පිළිගනී ද-උසස් අයෙකු උසස් අයෙකු සමීපයේ සිල් අත්හළේ ද හෙතෙම නො පිළිගනී ද-අශීලාචාරියෙකු අශීලාචාරියෙකු සමීපයේ සිල් අත්හළේද හෙතෙම නො පිළිගනීද-ක්‍රීඩා පිණිස සිල් අත්හරී ද-ශබ්දය පිණිස සිල් අතහරියි ද- නො අස්වනු කැමැත්තේ අස්වයි- අස්වනු කැමැත්තෙන් නො අස්වයි -නුවණ නැත්තෙකුට අස්වයි ද- ඤාණවන්තයාට නො අස්වයි-සියල්ල හෝ නො අස්වයිද සිල් අත් නො හළේ වේ. මහණෙනි , මෙසේ වනාහි සිල් අත් නො හැරියේ වේ.

53 මෛථුන ධර්‍මය නම් යම් ඒ වරුදි ධර්‍මයක් ඇද් ද, ගම්මුන්ට අයිති දෙයක් ඇද් ද, නීච ධර්‍මයක් ඇද් ද, නපුරු ආශ්‍රය කෙළේ ද, ලාමක දෙයක් කොට ඇත්තේද, දෙදෙනෙකුගේ රහස් එක්වීමක් වේ ද, මේ මෛථුන ධර්‍මය වේ,

54 සේවනය කරයි යනු හෙතෙම සත්‍රී නිමිත්තෙන් පුරුෂනිමිත්ත පුරුෂ ලිඞ්ගයෙන් සත්‍රී ලිඞගය යටත් පිරිසෙයින් තල ඇටක් පමණ කුදු ඇතුල් කරයි ද මේ තෙමේ ප්‍රවිෂට කරයි නම් වේ.

55 ,යටත් පිරිසෙයින් තිරිසන්ගත ගැහැණු සතකු සමග ද , යනු තිරිසන්ගත සත්‍රියෙකු සමග ද මෛථුන ධර්‍මය සේවනය කොට ශ්‍රමණයෙකු නොවන බවට යේ. ශාක්‍යපුත්‍ර නොවන බවටයේ. මනුෂ්‍ය ස්ත්‍රියෙකු ගැන කියනුම කවරේ ද? එහෙයින් යටත්පිරිසෙයින් තිරිසන්ගත ගැහැණු සතෙකු සමගය කිය යුතු.

56 , පැරදුනේ වේ,යනු යම් සේ පුරුෂයෙක් තෙම හිස සිඳුනේ ඒ ශරීරයෙන් ජීවත් වීමට නො හැක්කේද, මහණ තෙම එසේම මෛථුන ධර්‍මයෙහි හැසිර ශ්‍රමණ නොවූවෙක් ශාක්‍ය පුත්‍ර නොවූවෙක් වේ. එහෙයින් පැරදුනේ වේ.

57 , එක්වීමට නො සුදුසුය, යනු එක්වීම නම් එකට විනය කර්‍මය, එකටඉගෙනීම, සමාන සිල් ඇති බව වේ. මේ එකට විසීමයි. එය ඔහු සමග නැත, එහෙයින් එක්වීමට නො සුදුසු යයි කියනු ලැබේ.

58 සත්‍රීවරු තුන් දෙනෙකි. මනුෂ්‍ය සත්‍රිය, අමනුෂ්‍ය සත්‍රිය, තිරිසන් සත්‍රිය යන තුන් දෙනයි. සත්‍රි පුරුෂ නිමිති දෙකම ඇති සත්‍රීවරු තුන්දෙනෙකි.මනුෂ්‍ය අමනුෂ්‍ය,තිරිසන් කියායි. නපුංසකයෝ තුන්දෙනෙකි.මනුෂ්‍ය අමනුෂ්‍ය තිරිසන් කියායි. පුරුෂයෝ තුන්දෙනෙකි.මනුෂ්‍ය අමනුෂ්‍ය තිරිසන් කියායි.

59 මනුෂ්‍ය ස්ත්‍රියකගේ (2) මල මාර්‍ගය, මූත්‍ර මාර්‍ගය, කට යන මාර්‍ග තුනෙහි මෛථුන ධර්‍මය සෙවනය කරන්නාට පාරාජිකා පාපය වේ. (3 ) අමනුෂ්‍ය සත්‍රියකගේ මෙහි (2)තිරිසන් ගත සත්‍රියකගේ මෙහි (2) මනුෂ්‍යවූ සත්‍රී පුරුෂ නිමිති දෙකම ඇත්තකුගේ (මෙහි (2 ) අමනුෂ්‍ය වූ සත්‍රි පුරුෂ නිමිති දෙකම ඇත්තකුගේ ( මෙහි ( 2 ) තිරිසන් ගත වු සත්‍රීපුරු නිමිති දෙකම ඇත්තෙකුගේ ( මෙහි (2) මනුෂ්‍ය නපුංසකයකුගේ (4) මල මාර්‍ගය කට යන මාර්‍ග දෙකෙහි මෛථුන සේවනය කරන්නාට පාරාජිකා පාපය වේ. අමනුෂ්‍ය නපුංසකයෙකුගේ ( 3) තිරිසන්ගත නපුංසක යෙකුගේ ( මෙහි (3) මනුෂ්‍ය පුරුෂයෙකුගේ ( මෙහි (3) අමනුෂ්‍ය පුරුෂයෙකුගේ (මෙහි (3) තිරිසන්ගත පුරුෂයෙකුගේ ( මෙහි (3)

60 (1) භික්‍ෂුවට සේවනය කිරීමේ සිතක් උපන් කල්හි මනුෂ්‍ය සත්‍රීයකගේ (2) මල මාර්‍ගයේ (3) පුරුෂ නිමිත්ත ඇතුල් කරන්නාට පාරාජිකා පාපය වේ. (4) (මෙහි (1) යොදන්න) මුත්‍ර මාර්‍ගයේ (3) යොදන්න) (මෙහි (1) යොදන්න ) කටෙහි ( මෙහි (3) යොදන්න) මේ ඡේදයේ , මනුෂ්‍ය , වෙනුවට , අමනූෂ්‍ය ,කියා යොදා ගත යුතුය) ( මේ ඡේදයේ ,මනුෂ්‍ය , වෙනුවට ,තිරිසන් ,යොදා ගතයුතුයි) ( මේ ඡේදයේ , මනුෂ්‍ය සත්‍රියකගේ , වෙනුවට ,මනුෂ්‍ය වු සත්‍රි පුරුෂ නිමිති ඇත්තෙකුගේ , යොදාගතයුතුයි. ) මෙහි .මනුෂ්‍ය සත්‍රියකගේ . වෙනුවට . අමනුෂ්‍ය වූ සත්‍රිපුරුෂ නිමිති ඇත්තෙකුගේ. යන්න යොදන්න ) මනුෂ්‍ය සත්‍රියකගේ වෙනුවට . තිරිසන්ගත සත්‍රීපුරුෂ නිමිති ඇත්තෙකුගේ. යොදාගත යුතුයි )
61 භික්‍ෂුවට සේවනය කරන සිත උපන් කල්හි මනුෂ්‍ය නපුංසකයෙනුගේ (මෙහි 59 (2 ) යොදාන්න )

62 භික්‍ෂුන්ට විරුද්ධ කරුවෝ මනුෂ්‍ය සත්‍රියක් භික්‍ෂුව සමීපයට ගෙනවිත් මල මාර්‍ගයෙන් පුරුෂ නිමිත්ත උඩ හිඳුවත්.හෙතෙම ඉඳින් ඇතුල් කිරීම ඉවසයිද, ඇතුල්වීම ඉවසයිද, තිබීම ඉවසයි,ද ගැනීම ඉවසයිද පාරාජිකා පාපය වේ.

63 භික්‍ෂූන්ට විරුද්ධ කරුවෝ මනුෂ්‍ය සත්‍රියක් භික්‍ෂුව සමීපයට ගෙනවිත් මල මාර්‍ගයෙන් පුරුෂ නිමිත්ත උඩ හිඳුවත්. හෙතෙම ඉඳින් ඇතුල් කිරීම නො ඉවසයිද, ඇතල්විම ඉවසයිද, තිබීම ඉවසයිද , ගැනීම ඉවසයිද පාරාජිකා පාපය වේ

64 භික්‍ෂුන්ට විරුදධ කරුවෝ මනුෂ්‍ය සත්‍රියක් භික්‍ෂුවක් සමීපයට ගෙනවිත් මල මාර්‍ගයෙන් පුරුෂ නිමිත්ත උඩ හිඳුවත්. හෙතෙම ඉඳින් ඇතුල් කරීම නො ඉවසයිද, ඇතුල්වීම නො ඉවසයිද, තැබීම ඉවසයිද, ගැනීම ඉවසයිද. පාරාජිකා පාපය වේ.

65 භික්‍ෂුන්ට විරුද්ධ කරුවෝ මනුෂ්‍ය සත්‍රියක් භික්‍ෂුවක් සමීපයට ගෙනවිත් මල මාර්‍ගයෙන් පුරුෂ නිමිත්ත උඩ හිඳුවත්. හෙතෙම ඉඳින් ඇතුල් කිරීම නො ඉවසයිද, ඇතුල් වීම නො ඉවසයිද, තිබීම නො ඉවසයිද , ගැනීම ඉවසයිද පාරාජිකා වේ.

66 භික්‍ෂූන්ට විරුද්ධ කරුවෝ මනුෂ්‍ය සත්‍රියක් භික්‍ෂුවක් සමීපයට ගෙනවුත් මල මාර්‍ගයෙන් පුරුෂ නිමිත්ත උඩහිඳුවත්. හෙතෙම ඉඳින් ඇතුල් කිරීම නො ඉවසයිද, ඇතුල්වීම නො ඉවසයිද, සිටීම නො ඉවසයිද, ගැනීම නො ඉවසයිද ඇවත් නො වේ.

67-71 ( මෙහි 62-66 ඡෙදවල ,මල , යනු වෙනුවට ,මුත්‍රා , යනු යොදන්න ) 72-76 (62-66 ඡෙදවල , මල , වෙනුවට ,කටින් ,යනු යොදන්න )

77-91( මෙහි 62-76 ඡෙදවල , මනුෂ්‍ය සත්‍රියක් , වෙනුවට ,නොනිඳා සිටින මනුෂ්‍ය සත්‍රියක්, යොදා ගත යුතුයි )
(මෙතැන් සිට ඡේද 15 න් 15 ට ඡේද 62-76 යෙදීමේදී ,මනුෂ්‍ය ස්ත්‍රියක් ,වෙනුවට යෙදිය යුතු වචනය සඳහන් කරනු ලැබේ.)

92-106 ,මනුෂ්‍යසත්‍රියක් ,වෙනුවට ,නිදිගත් සත්‍රියක් , යොදාගත යුතුය.

107 -121 මත්වු සත්‍රියක්

122-136 උමතු වු සත්‍රියක්

137-151 විශේෂයෙන් මත් වු සත්‍රියක්

152-166 මැරුනු නො දිරුණු සත්‍රියක්

167-181 මරුනු බොහෝ සෙයින් නොදිරුණු සත්‍රියක්

182-197 මැරී බොහෝ සේ දිරා ගිය සත්‍රියක්

(, පාරාජිකා පාපය, වෙනුවට ,ථුලසි නම් ඇවත වේ. යන්න යොදා ගත යුතු)

198-212 අමනුෂ්‍යසත්‍රියක්

213 -227 තිරිසන් ගත සත්‍රියක්

228-242 මනුෂ්‍ය ස්ත්‍රි නිමිති පුරුෂ නිමිති ඇති සත්‍රියක්

243-257 අමනුෂ්‍ය ස්ත්‍රි නිමිති පුරුෂ නිමිති ඇති සත්‍රියක්

258-272 තිරිසන් ගත ස්ත්‍රිපුරුෂ නිමිති ඇති සත්‍රියක්

273-287 තිරිසන් ගත නො නිඳා සිටින ස්ත්‍රි පුරුෂ නිමිති ඇති සත්‍රියක්

(මෙහි , පාරාජිකා පාපය , වෙනුවට , ථුලසි නම් ඇවත වේ., යොදන්න)

288-303 මනුෂ්‍ය නපුංසකයෙක්

304-318 අමනුෂ්‍ය නපුංසකයෙක්

319-333 තිරිසන්ගත නපුංසකයෙක්

334-343 (62-66 ද 72-76 යෙදීමේ දී.මනුෂ්‍ය සත්‍රියක් . වෙනුවට .මනුෂ්‍ය පුරුෂයෙකු. යොදන්න

344-353 අමනුෂ්‍ය පුරුෂයෙකු

354-363 තිරිසන්ගත පුරුෂයෙකු

364-374 (මෙහි 62-76 ඡෙද යෙදීමේ දී මැරුණු ,මල මාර්‍ගයෙන්, වෙනුවට .වැසුණේ නො වැසූ මල මාර්‍ගයෙන්, මුත්‍ර මාර්‍ගයෙන්, කටින්,නො වැසුනාහු විසින් වැසුනහුට,වැසුනහු විසින් වැසුනහුට, නො වැසුනහු විසින් නො වැසුනහුට,

375-385 ( මෙහි 62-76 ඡෙද යෙදීමේ දී , මනුෂ්‍ය සත්‍රියක් ,වෙනුවට මෙහි පහත දැක්වෙන වචන යොදා ගත යුතුයි )

386-396 නිදිගත් මනුෂ්‍ය සත්‍රියක්

397-407 මත් වූ සත්‍රියක්

408-418 විශේෂයෙන් මත් වූ සත්‍රියක්

419-429 මැරුණු නොදිරූ සත්‍රියක්

430-440 මැරුණු බොහෝ නොදිරූ සත්‍රියක්

441-451 මළ බොහෝ සෙයින් දිරූ සත්‍රියක්

452-462 අමනුෂ්‍ය සත්‍රියක්

463-473 තිරිසන්ගත සත්‍රියක්

474-484 මිනිස් පුරුෂස්ත්‍රි නිමිති ඇත්තෙක්

485-495 නොමිනිස් මිනිස් පුරුෂස්ත්‍රි නිමිති ඇතියෙක්

496-506 තිරිසන් මිනිස් නොමිනිස් නිමිති ඇතියෙක්

507-521 (මෙහි 62-76 ඡෙදවල ,පුරුෂනිමිත්ත උඩ හිඳුවත්, වෙනුවට , වැසූ හෝ නො වැසූ පුරුෂ නිමිත්ත උඩ ඉඳගනිත්, නො වැසූ-වැසූ- වැසූ-වැසූ- නො වැසූ නො වැසූ, යෙදිය යුතුයි)

522-536 ( 507-521 යෙදීමේ දී , මනුෂ්‍ය ස්ත්‍රියක් , වෙනුවට , නොනිදා සිටින සත්‍රියක් , යන්න යොදන්න )

527-551 , මනුෂ්‍ය ස්ත්‍රියක්, වෙනුවට ,නිදි ගත් ස්ත්‍රියක් ,).

551-565 ( , මනුෂ්‍යස්ත්ර්‍‍රියක් , වෙනුවට , මත් වූ ස්ත්‍රියක් , )

566-580 ( ,මනුෂ්‍ය ස්ත්‍රියක් ,වෙනුවට , බොහෝ මත් වූ ස්ත්‍රියක් , )

581-595 ( , මනුෂ්‍ය ස්ත්‍රියක් , වෙනුවට , උමතු වූ ස්ත්‍රියක් ,)

596-610 ( , මනුෂ්‍යස්ත්‍රියක් , වෙනුවට , විශෙෂයෙන් මත් වූ ස්ත්‍රියක් ,)

611-625 ( මෙහි 507- 521 යෙදීමේදී , මනුෂ්‍යස්ත්‍රියක් , වෙනුවට ,මෙහි පහත දක්වන වචනය ඒ ඒ ඡෙද කාණ්ඩවලට යොදන්න. , මිනිස් නපුංසකයෙක් ,

626-640 , නොමිනිස් නපුංසකයෙක් ,

641-655 , තිරිසන් ගත නපුංසකයෙක් ,

656-670 , මිනිස් පුරුෂයෙක් ,

671-685 , නොමිනිස් පුරුෂයෙක්,

686-700 , තිරිසන්ගත පුරුෂයෙක්

701 ( රජවරුන්ගේ සතුරෝ .සොරුන්ගේ සතුරෝ. ධූතයින්ගේ සතුරෝ . පපුව පළන සොරු .යන පදද යෙදා මෙසේම ඡෙද යොදා ගත යුතුයි.)
මගින් මග ප්‍රවේශ කරයි ද, පාරාජිකා ඇවත් වේ. මගින් නොමග ස්පර්‍ෂ කරයි ද පාරාජිකා ඇවැත් වේ. නො මගින් මග ස්පර්‍ෂ කරයි ද පාරාජිකා ඇවැත් වේ. නො මගින් නොමග ප්‍රවේශ කරයි ද ථුලසි වේ .

702 භික්‍ෂුවක් නිදිගත් භික්‍ෂුවක් කෙරෙහි වරදවා පිළිපදිනා විට පිබිදියේ ඉවසා ද, දෙදෙනාම දඩුවම් ලැබිය යුතුය. පිබිදියේ නො ඉවසයි ද, දුෂකයාට දඩුවම් කළ යුතුය. භික්‍ෂුවක් නිදිගත් සාමණේරයකු කෙරෙහි වරදවා ද, පිබිදියේ ඉවසයිද දෙදෙනාටම දඩුවම් කළ යුතුය. පිබිදියේ නො ඉවසයිද, දූෂකයාට දඩුවම් කළයුතුය.

703 සාමණේර තෙමේ නිදිගත් භික්‍ෂුව කෙරෙහි වරදවා පිළිපදීද, පිබිදියේ ඉවසයි ද දෙදෙනාටම දඩුවම් කළ යුතුය. පිබිදියේ නො ඉවසයි ද, දූෂකයාට දඩුවම් කළ යුතුය. සාමණේර තෙමේ නිදිගත් සාමණේරයෙකු කෙරෙහි වරදවයි ද, පිබිදියේ ඉවසයි ද , දෙදෙනම නැසිය යුතුය. (මහණකමින් නෙරපිය යුතුයි.) පිබිදියේ නො ඉවසයි ද දූෂකයාට දඩුවම් කළ යුතුය. නො දන්නාහට, නො ඉවසන්නාට උමතු වූවාහුට, සිත් පිත් නැත්තාට, වේදනාවෙන් පෙළෙන්නාට ආදිකර්මිකයාට ඇවැත් නො වේ.


ප්‍රධාන වෙබි අඩවියට පිවිසෙන්න ලංකාට්‍රොනික්



No comments:

Post a Comment