Blog Archive

Tuesday 10 May 2011

8. සුදින්න බණවරl

1 එකල්හි වනාහි විශාලා නුවරට සමීප තැන්හි කලන්ද නම් ගමක් වේ.එහි සිටු පුත්‍රයෙකු වූ සුදින්න නම් කලන්ද පුත්‍රයෙක් වෙයි. එකල්හි සුදින්න නම් කලන්ද පුත්‍ර තෙම බොහෝ යහළුවන් සමග විශාලා නුවරට යම්කිසි කරුණක් නිසා ගියේය. එකල්හි වනාහි භාග්‍යවතුන් වහන්සේ මහත් පිරිසක් විසින් පිරිවරන ලද්දේ දහම් දෙසමින් වැඩහුන්නේ වෙයි. සුදින්න කලන්ද පුත්‍ර තෙම මහත් පිරිසක් විසින් පිරිවරන ලදුව දහම් දෙසමින් වැඩහුන්නා වු භාග්‍යවතුන් වහන්සේ දුටුවේය. දැක,ඔහුට මේ සිත විය. .මමද බණ අසන්නෙම් නම් යහපතැයි. කියායි. ඉක්බිති සුදින්න නම් කලන්ද ප්‍රත්‍ර තෙම ඒ පිරිස යම් තැනෙක්හිද එහි පැමිණියේය. පැමිණ,එකත්පසෙක හුන්නේය.

2 එකත්පසෙක හුන් සුදින්න නම් කලන්ද පුත්‍රයාට .මම වනාහි භාග්‍යවතුන් වහන්සේ විසින් (2) යම් යම් පරිද්දෙකින් දේශනා කරන ලද ධර්‍මය දනිමි.ගිහි ගෙයි වසන්නහු විසින් සර්‍වසම්පූර්‍ණ වූ සම්පූර්‍ණයෙන් පිරිසිදු , ලියවන ලද සකක් සේ පිරිසිදු මේ බ්‍රහ්මචය්‍ර්‍යයෙහි හැසිරීමට පහසු නො වේ. (3) මම හිසකේ රවුල් ගා දමා කහට පෙවූ වස්ත්‍ර ඇඳ, ගිහිගෙන් නික්ම අනගාරික යයි කියන ලද ශාසනයෙහි පැවිදි වන්නෙම් නම් යෙහෙකැයි . කියායි. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ විසින් ධාර්මික කථාවෙන් කරුණු ගෙනහැර දක්වන ලද සමාදන් කරවන ලද උත්සාහවත් කරන ලද සතුටු කරන ලද ඒ පිරිස හුන් තැනින් නැගිට භාග්‍යවතුන් වහන්සේ වටේ පැදකුණු කොට වැඳ ගියේය.

3 ඉක්බිති සුදින්න කලන්දක පුත්‍ර තෙමේ පිරිස නැගිට ගිය නොබෝ වේලාවකින් භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හිද එහි පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත්පසෙක සිටියේය. එකත්පසෙක සිටි සුදින්න

කලන්දක පුත්‍ර තෙම භාග්‍යවතුන් වහන්සේට .ස්වාමීනි, මම (මෙහි2 (2) යොදන්න) ස්වාමීනී, මම හිසකේ රැවුල් ගා දමා කහට පෙවූ වස්ත්‍ර හැඳ ගිහිගෙන් නික්ම අනගාරිය ශාසනයෙහි පැවිදිවන්ට කැමැත්තෙමි. භාග්‍යවතුන් වහන්සේ මා පැවිදි කරවනසේක්වා.යි භාග්‍යවතුන් වහන්සේට සැළකෙළේය.

4 ,සුදින්නය, ඔබ වනාහි ගිහිගෙන් නික්ම අනගාරිය ශාසනයෙහි පැවිදි වීමට මව්පියන් වෙතින් අවසර ගත්තෙහිදැයි, ඇසූසේක. ,ස්වාමීනි, මම ගිහිගෙන් නික්ම අනගාරික ශාසනයෙහි පැවිදි වීම පිණිස අවසර නො ගත්තේ වෙමි,යි කීයේය. ,සුදින්නය, තථාගතවරයෝ මව්පියන් වෙතින් අවසර නොගත් පුත්‍රයෙකු පැවිදි නො කරති,. ,යම්සේ මට ගිහිගෙන් නික්ම අනගාරික ශාසනයෙහි පැවිදි වීම පිණිස අවසර දෙත්ද ස්වාමීනි, මම එසේ කරන්නෙමියි, කීවේය.

5 ඉක්බිති සුදින්න නම් කලන්දක පුත්‍ර තෙම විශාලාවෙහි ඒ කටයුත්ත අවසන් කොට කලන්දක ගම යම්තැනෙක්හිද මව්පියෝ යම්තැනෙක්හිද එහි පැමිණියේය. පැමිණ මව්පියන්ට (2 ), මෑණියනි, පියාණනි, ගිහිගෙන් නික්ම අනගාරික ශාසනයෙහි පැවිද්ද මට අනුදන්නාසේක්වා යි, කීයේය. මෙසේ කී කල්හි සුදින්න කලන්දක පුත්‍රගේ දෙමව්පියෝ සුදින්න කලන්දක පුත්‍රයාට (3) , දරුව සුදින්නය, ඔබ වනාහි අපට ප්‍රිය වූ සිත සතුටු කරන්නා වූ සුවසේ වැඩුනා වු සුවසේ පොෂ්‍ය කරන ලද අපගේ එකම පුත්‍රයා වෙහිය. දරුව සුදින්නය, ඔබ කිසි දුකක් නොදන්නෙහිය. අපි මරණයෙනුදු ඔබගෙන් නොකැමැත්තෙන් මෙන් වන්නෙමු. කිමෙක්ද? අපි ජීවත්ව සිටියදීම ඔබට ගිහිගෙන් නික්ම අනගාරික ශාසනයෙහි පැවිද්ද පිණිස කෙසේ අනුදන්නෙමුදැයි, කීවාහුය.

6 දෙවනුවත් සුදින්න කලන්දක පුත්‍ර තෙමේ මව්පියන්ට (මෙහි 5 (2) (3) යොදන්න ) තුන්වෙනුවත් සුදින්න කලන්දක පුත්‍රයාගේ මව්පියන්ට (මෙහි 5 (2) (3) යොදන්න )

7 ඉක්බිති සුදින්න කලන්දක පුත්‍ර තෙම .මව් පියෝ මට ගිහිගෙන් නික්ම අනගාරිය ශාසනයෙහි පැවිද්දට අවසර නොදෙත්යයි මෙහිම මගේ මරණය හෝ පැවිද්ද හෝ වේවායි. එහි කිසිවක් නො අතුරන ලද බිම වැදහොත්තේය. ඉක්බිති සුදින්න කලන්දක පුත්‍ර තෙම එක් වේලක් නොකා සිටියේය. දෙවේලක් නොකා සිටියේය. තුන් වේලක් නොකා සිටියේය. සතරවේලක් නොකා සිටියේය. පස්වේලක් නොකා සිටියේය. සය වේලක් නොකා සිටියේය. සත් වේලක් නොකා සිටියේය.

8 ,ඉක්බිති සුදින්න කලන්‍දක පුත්‍රගේ මව්පියෝ සුදින්න කලන්‍දක පුත්‍රට (2) (මෙහි 5 (3) යොදන්න ). .දරුව සුදින්න, නැගිටින්න කන්න, බොන්න, පිරිවරන්න, කන්නේ, බොන්නේ, පිරිවරන්නේ, කාම වස්තූන් පරිභොග කරන්නේ , පින් කරන්නේ, ගිහි ගෙහි ඇලෙව, අපි ගිහිගෙන් නික්ම අනගාරිය ශාසනයෙහි පැවිද්ද පිණිස අවසර නොදත්නෙමුයි. කීවාහුය . මෙසේ කී කල්හි සුදින්න කලන්‍දක පුත්‍ර තෙම නිශ්ශබ්ද විය.

9 දෙවනුවත් ( මෙහි 8 (2) යොදන්න ) තුන්වෙනුවත් සුදින්න කලන්‍දක පුත්‍රගේ මව්පයෝ (මෙහි 8 (2) යොදන්න) තුන්වෙනුවත් සුදින්න කලන්‍දක පුත්‍ර තෙමේ නිශ්ශබ්ද විය.

10 ඉක්බිති සුදින්න කලන්‍දක පුත්‍රගේ යහලුවෝ සුදින්න කලන්‍දක පුත්‍ර තෙම යම් තැනෙක්හිද එහි පැමිණියාහුය. පැමිණ , සුදින්න කලන්‍දක පුත්‍රට , ( මෙහි 8 (2) යොදන්න. ,දරුව, වෙනුවට ,යහලුව, යොදන්න.) දෙවනුවත් (මෙහි 10 මෙන් 8 (2) යොදන්න ) තුන්වෙනුවත් සුදින්න කලන්‍දක පුත්‍රගේ යහලුවෝ කලන්‍දක පුත්‍ර සුදින්නට ,යහලු සුදින්නය,ඔබ (මෙහි 10 මෙන් 8 (2) යොදන්න) තුන්වෙනුවත් සුදින්න කලන්‍දක පුත්‍ර තෙමේ නිශ්ශබ්ද විය.

11 ඉක්බිති සුදින්න කලන්‍දක පුත්‍රගේ යහලුවෝ සුදින්න කලත්‍දක පුත්‍රගේ මව්පියන් යම් තැනෙක්හිද එහි පැමිණියාහුය. පැමිණ සුදින්න කලත්‍දක පුත්‍රගේ මව්පියන්ට ,මෑණියනි,පියාණනි, මේ සුදින්න තෙමේ .මෙහිම මගේ මරණය හෝ පැවිද්ද හෝ වන්නේයයි. කිසිවක් නො අතුරන ලද භූමියෙහි වැදහොත්තේය. ඉදින් තෙපි ගිහිගෙන් නික්ම අනගාරිය ශාසනයෙහි පැවිද්දට සුදින්නට අවසර නො දෙන්නහු නම්, එහිම මරණය වන්නේය. ඉදින් තෙපි සුදින්නට ගිහිගෙන් නික්ම අනගාරිය ශාසනයෙහි පැවිද්දට අවසර දෙන්නහු නම් පැවිද්දේ සිටින ඔහු දකින්නාහුය. ඉදින් සුදින්න තෙමේ ගිහිගෙන් නික්ම අනගාරිය ශාසනයෙහි පැවිද්දෙහි නො ඇලෙන්නෙහි නම් ඔහුගේ ගතිය කවරක් වන්නේද? මෙහිම නැවත එන්නේය. සුදින්නට ගිහිගෙන් නික්ම අනගාරිය ශාසනයෙහි පැවිද්දට අවසර දෙව ,

12 .දරුවෙනි, සුදින්නට ගිහිගෙන් නික්ම අනගාරික ශාසනයෙහි පැවිද්දට අවසර දෙමු.. ඉක්බිති සුදින්න කලන්‍දක පුත්‍රගේ යහලුවෝ කලන්‍දක පුත්‍ර සුදින්න යම් තැනෙක්හිද එහි පැම්ිණියාහුය. පැමිණ කලන්‍දක පුත්‍ර සුදින්නට , යහලු සුදින්න,නැගිටින්න මව්පියන් විසින් ගිහිගෙන් නික්ම අනගාරිය ශාසනයෙහි පැවිද්දට අවසර දෙන ලද්දෙයයි, කීවාහුය.

13 ඉක්බිති කලන්‍දක පුත්‍ර සුදින්න තෙමේ .මව්පියන් විසින් ගිහිගෙන් නික්ම අනගාරිය ශාසනයෙහි පැවිද්දට අවසර දෙන ලද්දේලුයි. ප්‍රීති වූයේ ඔදවැඩි සිත් ඇත්තේ අතින් අවයව පිසිමින් නැගිට්ටේය.ඉක්බිති කලන්‍දක පුත්‍ර සුදින්න තෙමේ කීප දවසක් ශක්තිමත් වී, භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හිද එහි පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත්පසෙක සිටියේය. එකත්පසෙක සිටි කලන්‍දක පුත්‍ර සුදින්න තෙමේ භාග්‍යවතුන් වහන්සේට, ,ස්වාමීනි, මම මව්පියන් විසින් ගිහිගෙන් නික්ම අනගාරිය ශාසනයෙහි පැවිද්දට අවසර ලද්දෙමි. භාග්‍යවතුන් වහන්සේ මා පැවිදි කරනසේක්වායි, කීයේය.කලන්‍දක පුත්‍ර සුදින්න තෙමේ භාග්‍යවතුන් වහන්සේ සමීපයෙහි පැවිද්ද ලැබුයේය. උපසම්පදාව ලැබුයේය. උපසම්පදා වී
වැඩිකල් නොගිය සුදින්න තෙමේ අරණ්‍යයෙහි වාසය කරන්නේ,පිණ්ඩපාතයෙන් යැපෙන්නේ, පාංසුකුල සිවුරු දරන්නේ, ගෙපිළිවෙලින් පිඩු පිණිස හැසිරෙන්නේ, මෙබඳු කෙලෙස් කම්පා කරණ ධුත ගුන සමාදන් වී සිටියි.වජ්ජි ගම ඇසුරු කොට වාසය කරයි.

14 ඒ කාලයෙහි වජ්ජි රට දුර්භික්‍ෂයක් ඇත්තේය. ජීවත් වේ දෝ නොවේ දෝයි සැක ඇති විය. ශෂ්‍ය සුදු බොල් ඇටින් යුක්තය. සීට්ටු ක්‍රමයෙන් දිවි පැවැත් වීය. උත්සාහයෙන් පිඩු සිගිමෙන් යැපෙන්නට පහසු නොවේ. ඉක්බිති ආයුෂ්මත් සුදින්නට , දැන් වනාහි වජ්ජි රට ජීවත් වේ දෝ නොවේ දෝයි සැක ඇති, සුදු බොල් ඇට ඇති, සීට්ටු ක්‍රමයෙන් ජීවත්වන දුර්භික්‍ෂය වෙයි, උත්සාහයෙන් පිඩු සිගිමෙන් යැපෙන්නට පහසු නොවේ, මාගේ පොහොසත් වු, මහත් වස්තු ඇති , මහත් භෝග ඇති බොහෝ රන්රුවන් ඇති, බොහෝ වස්තු උපකරණ ඇති, බොහෝ ධන ධාන්‍ය ඇති නෑයෝ බොහෝ වෙත් මම ඤාතීන් ඇසුරු කොට ජීවත් වන්නෙම් නම් යෙහෙක, නෑයෝ මා නිසා දන් දෙන්නාහුය, පින් කරත්, භික්‍ෂුහුද ලාභ ලබන්නාහුය, මමද පිඩුවලින් වෙහෙස නොවන්නෙමි යි, සිතුවේය.

15 ඉක්බිති ආයුෂ්මත් සුදින්න තෙමේ සෙනසුන අකුලා පාසිවුරු ගෙන විශාලා නුවර යම් තැනෙක්හිද එහි ගියේය. පිළිවෙලින් ගොස් විශාලා නුවර යම් තැනෙක්හිද එහි පැමිණියේය. ආයුෂ්මත් සුදින්න තෙමේ ඒ විශාලා නුවර මහා වනයෙහි වාසය කරයි. ආයුෂ්මත් සුදින්නගේ නෑයෝ, .කලන්‍ද පුත්‍ර සුදින්න තෙමේ විශාලා නුවරට ආයේයයි. ඇසුවාහුය. ඔව්හු ආයුෂ්මත් සුදින්නට සැටක් පමණ තැටිවල පිසූ දානයක් ගෙනාවාහුය. ඉක්බිති ආයුෂ්මත් සුදින්න තෙමේ ඒ සැටක් පමණ තැටි බත් භික්‍ෂුන්ට බෙදා දී පෙරවරු වේලෙහි හැඳ පොරවා පා සිවුරු ගෙන කලන්ද ගමට පිඩු පිණිස ඇතුල්වූයේය. කලන්ද ගමෙහි ගෙපිළිවෙලින් පිඩු පිණිස හැසිරෙන්නේ තමාගේ පියාගේ ගෙය යම් තැනෙක්හිද එහි පැමිණියේය.

16 ඒ වේලාවෙහි ආයුෂ්මත් සුදින්නගේ ඥාති දාසියක් පෙරදින සවස තැම්බූ පිට්ටුවක් විසිකරනු කැමැති වූවාය. ඉක්බිති ආයුෂ්මත් සුදින්න තෙමේ ඒ ඥති දාසියට, නැගණිය,විසිකරන ස්වභාව ඇති එය මාගේ පාත්‍රයෙහි මෙහි දමවයි, කීයේය. ඉක්බිති ආයුෂ්මත් සුදින්නගේ ඥාති දාසී ඒ පෙර දින සවස තැම්බූ පිට්ටුව ආයුෂ්මත් සුදින්නගේ පාත්‍රයෙහි බහන්නී ඔහුගේ අත්වලද පාවලද ශබ්දයේද ආකාරය ගත්තීය. ඉක්බිති ආයුෂ්මත් සුදින්නගේ ඥාති දාසී තොමෝ ආයුෂ්මත් සුදින්නගේ මව් යම් තැනෙක්හිද එහි පැමිණීයාය. පැමිණ, ආයුෂ්මත් සුදින්නගේ මවට ,ආය්‍ර්‍යාවෙණි,දන්නෙහිද ? ආය්‍ර්‍යයන් වහන්සේගේ පුත්‍ර වූ සුදින්න තෙමේ පැමිණියේයයි, කීවාය. , බොල, ඉදින් ඇත්තක් කියන්නෙහිද? තී දාස භාවයෙන් මුදවමියි , කීවාය.

17 ඒ වේලාවෙහි ආයුෂ්මත් සුදින්න තෙමේ ඊයේ සවස තැම්බූ ඒ පිට්ටුව එක්තරා බිත්ති අයිනක් ළග සිට අනුභව කරයි. ආයුෂ්මත් සුදින්නගේ පිය තෙමේද වැඩපලින් එන්නේ ආයුෂ්මත් සුදින්න ඊයේ රාත්‍රියේ පිසූ පිට්ටුව එක්තරා ගහක් යටට වී අනුභව කරනු දැක, ආයුෂ්මත් සුදින්න යම් තැනෙක්හිද එහි පැමිණියේය. පැමිණ, ආයුෂ්මත් සුදින්නට , දරුව සුදින්නය, ඊයේ සවස පිසූ පිට්ටුවක් අනුභව කරන්නෙහිද? දරුව සුදින්නය, ගෙට යායුතු නොවේද?, , ගෘහපතිය, තොපගේ ගෙට ගියෙමි. මේ ඊයේ රෑ පිසූ පිට්ටුව (එතැනින්) ලැබුනේයයි , කීවේය.

18 ඉක්බිති ආයුෂ්මත් සුදින්නගේ පිය තෙමේ ආයුෂ්මත් සුදින්නගේ අතින් අල්වාගෙන ආයුෂ්මත් සුදින්නට . දරුව සුදින්නය,එන්න ගෙට යන්නෙමුයි. කීයේය . ඉක්බිති ආයුෂ්මත් සුදින්න තෙමේ තම පියාගේ ගෙය යම් තැනෙක්හිද එහි පැමිණියේය. පැමිණ, පණවන ලද අස්නෙහි වැඩහුන්නේය, ඉක්බිති ආයුෂ්මත් සුදින්නගේ පිය තෙමේ ආයුෂ්මත් සුදින්නට ,දරුව, යහපත්ව දෙන ලදී අනුභව කරවයි, කීයේය. , ගෘහපතිය, වුවමනා නැත, මා විසින් අද ආහාර අනුභව කෙළෙමියි, කීයේය. , දරුව,සුදින්න හෙට දවසට ආහාර ඉවසනු මැනවයි , කීයේය. ආයුෂ්මත් සුදින්න තෙමේ නිශ්ශබ්දව පිළිගත්තේය.

19 ඉක්බිති ආයුෂ්මත් සුදින්න තෙමේ අස්නෙන් නැගිට වැඩියේය. ඉක්බිති ආයුෂ්මත් සුදින්නගේ මව් තොමෝ ඒ රාත්‍රියගේ ඇවෑමෙන් අලුත් ගොමින් බිම පිරිබඩ ගන්වා ගොඩවල් දෙකක් කරවූවාය. එකක් අමු රන්ද අනික රන්ද විය. ගොඩවල් කොපමණ මහත්වුයේද යත්, එහා පැත්තේ සිටි පුරුෂයාට මෙහා පැත්තේ සිටි පුරුෂයා නොදකියි. ඔව්හු ගොඩවල් පැදුරුවලින් වස්වා මැද අස්නක් පණවා ආවරණයක් කරවා ආයුෂ්මත් සුදින්නගේ පෙර බිරිඳ කැඳවූයේය. ,පුත්‍රිය, එසේ නම් ඔබ යම් අලංකාරයකින් සරසන ලද්දාවූ සුදින්න නම් මාගේ පුත්‍රයාව ප්‍රියමනාප වූවාද ඒ අලංකාරයකින් සැරසෙන්නැයි, කීවාය.,ආය්‍ර්‍යාවෙනි, එසේයයි, ආයුෂ්මත් සුදින්නගේ පෙර බිරිඳ ආයුෂ්මත් සුදින්නගේ මවට පිළිතුරු දුන්නීය.

20 ඉක්බිති ආයුෂ්මත් සුදින්න තෙමේ පෙරවරු වේලෙහි හැඳ පොරවා පාත්‍ර සිවුරු ගෙන සිය පියාගේ ගෙය යම් තැනෙක්හිද එහි පැමිණියේය. පැමිණ, පණවන ලද අස්නෙහි වැඩහුන්නේය. ඉක්බිති ආයුෂ්මත් සුදින්නගේ පිය තෙමේ ආයුෂ්මත් සුදින්න තෙමේ යම් තැකේහිද එහි පැමිණියේය. පැමිණ, ඒ ගොඩවල් විවෘත කරවා ආයුෂ්මත් සුදින්නට (2) ,දරුව සුදින්නය, මේ තොපගේ මවු පසට අයත් ස්ත්‍රියකට අයත් වන ස්ත්‍රිධනයකි. අනික පියාගෙන් ආ දෙයකි. අනික්වා මුත්තණුවන්ගෙන් ආ දේය. දරුව සුදින්න, ගිහි වී වස්තුවද පරිභෝග කරන්නට. පින් ද කරන්නට හැකිය. දරුව සුදින්නය, ඔබ මෙහි එන්න, ගිහි වී වස්තුවද පරිභෝග කරව, පිනුත් කරවයයි, කීයේය. ,පියාණෙනි, (3) උත්සාහ නො කරමි. සමත්‍ර්‍ථ නො වෙමි. මම ඇලුනේ බ්‍රහ්මචය්‍ර්‍යයෙහි හැසිරෙමියි , කීයේය.

21 දෙවෙනුවත් ආයුෂ්මත් සුදින්නගේ පියා ආයුෂ්මත් සුදින්නට ( මෙහි 20 (2) යොදන්න ) තුන්වෙනුවත් ආයුෂ්මත් සුදින්නගේ පියා ආයුෂ්මත් සුදින්නට ( 20 (2) යොදන්න ) ,ගෘහපතිය, ඉදින් ඔබ නො ඉක්මවන්නෙහි නම් ඔබට කියන්නේ , , දරුව සුදින්නය, කියව , ,ගෘහපතිය, එසේ නම් ඔබ මහත් මහත් හණ මලු කරවා රන්රුවනින් පුරා ගංගා නම් ගග මැද්දෙහි සැඩපාරෙහි දමව, ඊට හේතු කවරේද? ගෘහපතිය, ඒ හේතුවෙන් තොපට භයක් හෝ තැතිගැන්මක් හෝ ලොමු දැහැගැනීමක් හෝ ආරක්‍ෂාවක් හෝ යම්හෙයකින් වන්නේද, එය තොපට නො වන්නේය. ,

22 මෙසේ කී කල්හි ආයුෂ්මත් සුදින්නගේ පිය තෙමේ නො සතුටු වූයේය. පුත්‍ර වූ සුදින්න තෙමේ කෙසේ නම් මෙසේ කියයිද? ඉක්බිති ආයුෂ්මත් සුදින්නගේ පිය තෙමේ ආයුෂ්මත් සුදින්නගේ පෙර බිරිඳට කථා කළේය. ,සත්‍රිය, එසේ නම් ඔබත් යාඥා කරව.පුත්‍ර වූ සුදින්න තෙමේ තොපගේ වචනයද කරන්නෙ නම් යෙහෙක., ,ඉක්බිති ආයුෂ්මත් සුදින්නගේ පුරාන භාය්‍ර්‍යා තොමෝ ආයුෂ්මත් සුදින්නගේ දෙපා අල්වාගෙන ආයුෂ්මත් සුදින්නට ,ආය්‍ර්‍ය පුත්‍රය, දිව්‍යාඞ්ගනාවන් කෙබඳුද ? යම් කෙනෙකු නිසා ඔබ බ්‍රහ්මචය්‍ර්‍යාවෙහි හැසිරෙන්නෙහිදැයි , ඇසීිය. , නැඟනිය, මම දිව්‍යාඞ්ගනාවන් බලාපොරොත්තුවෙන් බ්‍රහ්ම චය්‍ර්‍යාවෙහි නොහැසිරෙමි,.

23 ඉක්බිති ආයුෂ්මත් සුදින්නගේ පෙර බිරිඳ අද සිට මට සුදින්න ආය්‍ර්‍ය පුත්‍ර තෙමේ නැගනි කථාවෙන් කථා කෙරේයයි එහිම සිහි නැතිව වැටුනාය. ඉක්බිති ආයුෂ්මත් සුදින්න තෙමේ පියාට , ගෘහපතිය, ඉදින් කෑයුතු දෙයක් ඇත්නම් දෙව. නො වෙහෙසවයි, කීවේය. ,දරුව සුදින්නය, අනුභව කරවයි , කීයේය. ඉක්බිති ආයුෂ්මත් සුදින්නගේ මව් ද පියා ද ආයුෂ්මත් සුදින්න ප්‍රණීතවූ කෑයුතු දෙයින් බුදිය යුතු දෙයින් සියතින් සැනහුවාහුය, පැවරුවාහුය.

24 ඉක්බිති ආයුෂ්මත් සුදින්නගේ මව් තොමෝ වැළඳු පාත්‍රයෙන් මෑත් කළ අත ඇති ආයුෂ්මත් සුදින්නට (2) ,දරුව සුදින්නය, මේ කුලය පොහොසත්ය. මහත් ධන ඇත්තේය. මහත් වස්තු ඇත්තේය. බොහෝ රන් රුවන් මසු කහවණූ ඇත්තේය. බොහෝ වස්තු උපකරන ඇත්තේය. බොහෝ ධන ධාන්‍ය ඇත්තේය. දරුව සුදින්නය, ගිහි වී වස්තු පරිභෝග කරන්නටද පින් කරන්නටද ලබන්නේය. දරුව සුදින්නය, එන්න ගිහි වී වස්තු පරිභෝග කරව. පින්ද කරවයි, කීවාය. (3),මෑණියනි, (මෙහි 20 (3) යොදන්න ) දෙවනුවත්, ( මෙහි 20 (2) ( 3) යොදන්න ) තුන්වෙනුවත් ආයුෂ්මත් සුදින්නගේ මව් තොමෝ ආයුෂ්මත් සුදින්නට ( මෙහි 20 (2) (3) යොදන්න ) (4) ,දරුව සුදින්නය, එසේ වී නම් බීජයක්වත් දෙව. දරුවන් නැති වස්තුව ලිචඡවීහු ඇද නො ගණිත්වායි, (5) කීවාය. , මෑණියනි, මෙය කරන්ට හැකියයි , කීවේය. ,දරුව සුදින්නය, දැන් කොහි වාසය කරන්නෙහිද?, , මෑණියනි, මහා වනයෙහිය,. ඉක්බිති ආයෂ්මත් සුදින්න තෙමේ අස්නෙන් නැගිට ගියේය.

25 ඉක්බිති ආයුෂ්මත් සුදින්නගේ මව් තොමෝ ආයුෂ්මත් සුදින්නගේ පෙර බිරිඳට කථා කළාය. , එසේ නම් සත්‍රිය යම් දවසක සෘතු වූවාද තට ඔසප් උපන්නේද ඉක්බිති මට කියව., ,ආය්‍ර්‍යාවෙනි, එසේයයි, ආයුෂ්මත් සුදින්නගේ පෙර බිරිඳ ආයුෂ්මත් සුදින්නගේ මව්ට පිළිතුරු දුන්නීය. ඉක්බිති ආයුෂ්මත් සුදින්නගේ පෙර බිරිඳ නොබෝ කලකින්ම සෘතු වූවාය. ඈට ඔසප් උපන්නේය. ඉක්බිති ආයුෂ්මත් සුදින්නගේ පෙර බිරිඳ ආයුෂ්මත් සුදින්නගේ මවට ,ආය්‍ර්‍යාවෙනි, සෘතු වූවෙමි. මට ඔසප් උපන්නේය, ,සත්‍රිය, එසේ නම් අලංකාරයකින් අලංකාර වූයේ පුත්‍ර සුදින්නට ප්‍රියද සතුටුද වූයේද ඒ අලංකාරයෙන් අලංකාර වේවයි , කීවාය. ,ආය්‍ර්‍යාවෙනි, එසේයයි ,ආයුෂ්මත් සුදින්නගේ පෙර බිරිඳ ආයුෂ්මත් සුදින්නගේ මවට ප්‍රති වචන දුන්නීය. ඉක්බිති ආයුෂ්මත් සුදින්නගේ මව් තොමෝ ආයුෂ්මත් සුදින්නගේ පෙර බිරිඳ ගෙන මහා වනය යම් තැනෙක්හිද අයුෂ්මත් සුදින්න තෙමේ යම් තැනෙක්හිද එහි පැමිණියාය. පැමිණ, ආයුෂ්මත් සුදින්නට මෙසේ කීවාය.

26 දරුව සුදින්නය, මේ කුලය (මෙහි 24 (2) හා (3) (4 ) ) දෙවනුවත් ( මෙහි 24 (2) හා (3) (4) ) තුන්වෙනුවත් ආයුෂ්මත් සුදින්නගේ මව් තොමෝ ආයුෂ්මත් සුදින්නට ( මෙහි 23 (2) ( 3 )(4 ) එසේ නම් එය කළ හැකියයි පෙර බිරිඳ අතින් ගෙන මහා වනයට වැද ශික්‍ෂාපද නො පැනවීම නිසා දොස් නො දක්නේ පෙර බිරිඳ සමග තුන් වරක් මෛථුන ධර්‍මයෙහි හැසුරුනේය. ඕ තොමෝ ඒ කරණ කොට ගැබ් ගත්තීය. භූමි නිශ්‍රිත දේවතාවෝ (2) .ඒකාන්තයෙන් භික්‍ෂු සංඝ තෙමේ පිළිකා නැතිව සිටියේය. දොස් නැත්තේය.කලන්දපුත්‍ර සුදින්න විසින් පිළිකාවක් උපදවන ලදී.දොෂයක් උපදවන ලද්දීයයි. ශබ්ද පැවැත්වූවාහුය. (3) බිම ඇසුරු කළ දෙවියන්ගේ ශබ්දය අසා චාතුර්මහාරාජික දෙවියෝ ශබ්ද පැවැත්වුවාහුය. තාවතිංස,යාම, තුසිත, නිර්මානරතී, පරනිර්මිත, වසවර්ති , බ්‍රහ්ම කොටසට අයත් දෙවියෝ ( මෙහි 2 ) මෙසේ ඒ මොහොතෙහි, ඒ ක්‍ෂණයෙහි බ්‍රහ්ම ලෝකය දක්වා ශබ්දය උඩට පැන නැංගේය.

27 ඉක්බිති ආයුෂ්මත් සුදින්නගේ පෙර බිරිඳ ඇගේ ගර්‍භය මේරුණ බවට පැමිණ පුතකු වැදුවාය. ඉක්බිති ආයුෂ්මත් සුදින්නගේ යහලුවෝ,ඒ දරුවාට .බීජක. යයි නමක් තැබුවාහුය. ආයුෂ්මත් සුදින්නගේ පෙර බිරිඳට බීජක මව් යයි නමක් කළාහුය. ආයුෂ්මත් සුදින්නට බීජක පියා යයි නමක් කළාහුය. ඒ දෙදෙන මෑත කාලයෙහි ගිහිගෙයින් නික්ම ශාසනයෙහි පැවිදිව රහත් බව ප්‍රත්‍යක්‍ෂ කළාහුය. ඉක්බිති ආයුෂ්මත් සුදින්න (2) , මට ඒකාන්තයෙන් අලාභයෙක. මට ඒකාන්තයෙන් ලාභයක් නොවේ.මා ඒකාන්තයෙන් නපුරට ලබන ලදී.යහපතට ලබන ලද්දේ නොවේ. යම් බඳු වූ මම මෙබඳුවූ යහපත්ව ප්‍රකාශ කරන ලද ධර්‍ම විනයෙහි පැවිදිව දිවි ඇතිතාක් සම්පූර්‍ණවූ පිරිසිදු වූ බ්‍රහ්මචය්‍ර්‍යාවෙහි හැසිරෙන්නට නොහැකි විය. (3) හෙතෙම ඒ සැකයෙන් ඒ පසුතැවිල්ලෙන් කෙට්ටු විය. කර්‍කශ වූයේ දුර්‍වර්‍ණවූයේ පඩුවන් පැහ ඇතිවූයේ නහර මතු වූ අවයව ඇත්තේ ඇතුලතට යොමු වූ සිත් ඇත්තේ සැගවුණු සිත් ඇත්තේ දුක් වූයේ අයහපත් සිත් ඇත්තේ විපිළිසර වූයේ දැවුණේය.

28 ඉක්බිති ආයුෂ්මත් සුදින්නගේ යහලු භික්‍ෂූහු ආයුෂ්මත් සුදින්නට ,ඇවැත්නි සුදින්නය, ඔබ පෙර නම් පැහැයෙන් යුක්ත විය. පිනාගිය ඉන්‍ද්‍රියයන් ඇතිවූ වෙහිය, පැහැදුණ මුහුනේ පාටක් ඇත්තෙකි, අතිශයින් පෑදුන පාට සිවියක් ඇත්තෙහිය, ඔබ දැන් මේ කාලයෙහි කෘශය, රලුය,දුර්‍වර්‍ණය, පඩුවන්ය, නහර මතු වූ අවයව ඇත්තෙහිය,ඇතුලතට යොමු වූ සිත් ඇත්තේ සැගවුණු සිත් ඇත්තේ දුක් වූයේ අයහපත් සිත් ඇත්තේ විපිළිසර වූයේ දැවෙන්නෙහිය. ඇවැත්නි සුදින්නය, කිමෙක්ද? ඔබ කලකිරී බ්‍රහ්මචය්‍ර්‍යාවෙහි හැසිරෙන්නෙහිද?,

29 ,ඇවැත්නි, මම නොඇලී බ්‍රහ්මචය්‍ර්‍යයෙහි නො හැසිරෙමි. මා විසින් පාප කර්‍මයක් කරණලදී. පෙර බිරිඳ හා මෛථුන ධර්‍මයෙහි හැසුරුනෙමි. ඇවැත්නි, ඒ මට සැකයක් පිණිස විය. විපිළිසරයක් විය., ( මෙහි 27 (2 ) යොදන්න )

30 , ඇවැත්නි සුදින්නය,තොපට සැක කිරීමෙන් කම් නැත. පසුතැවීමෙන් කම් නැත. යම් බදු වූ තෝ මෙසේ මනා කොට වදාරණ ලද ධර්‍මවිනයෙහි පැවිදිව දිවි ඇතිතාක් සම්පූර්‍ණ වූ පිරිසිදු වූ බ්‍රහ්මචය්‍ර්‍යයෙහි හැසිරෙන්නට නො හැකිවෙහිය.ඇවැත්නි, භාග්‍යවතුන් වහන්සේ විසින් නොයෙක් ක්‍රමයෙන් (2 ) නො ඇලීම පිණිස ධර්‍ම දේශනා කරන ලදී.ඇලීම පිණිස ධර්‍ම දේශනා නො කරන ලදී. වෙන්වීම පිණිස ධර්‍ම දේශනා කරන ලදී. එක්වීම පිණිස ධර්‍ම දේශනා නො කරන ලදී.දැඩි කොට නොගැනීම පිණිස ධර්‍ම දෙශනා කරණ ලදී. ගැනීම පණිස ධර්‍ම දේශනා නො කරණ ලදී. ඇවැත්නි, කෙසේනම් නුඔ භාග්‍යවතුන් වහන්සේ විසින් නොඇලීම පිණිස බණ වදාරද්දී ඇලීම පිණිස වෑයම් කරන්නෙහිද?වෙන්වීම පිණිස බණ වදාරද්දී එක්වීම පිණිස වෑයම් කරන්නෙහිද? දැඩි සේ නොගැනීම පිණිස බණ වදාරද්දී දැඩි සේ ගැනීම පිණිස වෑයම් කරන්නෙහිද? ඇවැත්නි, භග්‍යවතුන් වහන්සේ විසින් නොයෙක් ආකාරයෙන් රාගය තුනී කිරීම පිණිස ධර්‍ම දේශනා කළේ නොවේද? මත් වීම නැති කිරීම පිණිස, පිපාසා දුරු කිරීම පිණිස, ආශාව නැසීම පිණිස, සසර කැඩීම පිණිස, තෘෂ්ණාව නැතිකිරීම පිණිස, නො ඇලීම පිණිස, නැති වීම පිණිස, නිවන පිණිස ධර්‍මය දේශනා කළේ නොවේද? (3) ඇවැත්නි, භග්‍යවතුන් වහන්සේ විසින් නොයෙක් ආකාරයෙන් (4) කාමයන්ගේ පහ කිරීම වදාරන ලද්දේ නොවේද? කාම හැගීම්වල විශිෂ්ට ඥානය කියන ලද්දේ, කාම පිපාසාවල සංසිඳීම කියන ලද්දේ, කාම සිතිවිලිවල මුලින් නැසීම කියන ලද්දේ නොවේද? කාම දැවීම්වල සංසිඳීම කියන ලද්දේ නො වේද? (5) ඇවැත්නි, මෙය නො පැහැදුනවුන්ගේ පැහැදීම පිණිස පැහැදුනවුන්ගේ විශේෂ පැහැදීම පිණිස නොවේ. ඇවැත්නි, නැවතද මෙය නො පැහැදුනවුන්ගේ නො පැහැදීම පිණිස පැහැදුන ඇතෙමෙකුගේ වෙනස්වීම පිණිස වන්නේය. ,

31 ඉක්බිති ඒ භික්‍ෂූහු ආයුෂ්මත් සුදින්නට නොයෙක් ආකාරයෙන් නින්දා කොට භාග්‍යවතුන් වහන්සේට මේ කාරණය සැළකළාහුය. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ මේ කාරණයෙහි මේ සිද්ධියෙහි භික්‍ෂු සංඝයා රැස්කරවා ආයුෂ්මත් සුදින්නගෙන් , සුදින්නය, ඔබ පෙර බිරිඳ සමග මෛථුන ධර්‍මයෙහි හැසුරුනේ ඇත්තදැයි ඇසීය. .භාග්‍යවතුන් වහන්ස, ඇත්තය . බුද්ධවූ භාග්‍යවතුන් වහන්සේ ගර්‍හා කළසේක. (2) , හිස් පුරුෂය,නොසුදුසු වූ නො ගැලපෙන, ශ්‍රමණයන්ට නො ගැලපෙන අකැප නො කටයුත්තක් කෙළෙහිද. හිස් පුරුෂය, කෙසේ නම් ඔබ මෙබදු මනා කොට දේශනා කරන ලද ධර්‍ම විනයෙහි පැවිදිවී දිවි ඇතිතාක් කල් සම්පූර්‍ණ වූ පිරිසිදු වූ බ්‍රහ්මචය්‍ර්‍යයෙහි හැසිරෙන්නට නොහැක්කේද? (3) හිස් පුරුෂය, මා විසින් නොයෙක් ආකාරයෙන් නො ඇලීමට ධර්‍ම දේශනා කරන ලද්දේ නොවේද? රාග සහිත නොවීමට, වෙන් වීමට, එක් නොවීමට ධර්‍ම දේශනා කරන ලද්දේ නොවේද? බැමි ලිහන්ට දැඩි කොට නො ගැන්මට ධර්‍ම දේශනා කරන ලදදේ නො වේද? දැඩි කොට නො ගැන්මට දේශනා කරන ලද්දේ නොවේද? හිස් පුරුෂය, ඔබ කෙසේ නම් මා විසින් නො ඇලීම පිණිස ධර්‍මය දේශනා කළ කල්හි රාග සහිත බව පිණිස සිතන්නෙහිද? වෙන්වීම පිණිස ධර්‍මය දේශනා කළ කල්හි එක් වීම පිණිස සිතන්නෙහිද? දැඩි සේ නො ගැනීම පිණිස ධර්‍ම දේශනා කළ කල්හි ගැනීම පිණිස සිතන්නෙහිද? හිස් පුරුෂය, මා විසින් (3) ( මෙහි 30 ඡෙදයේ (2) යොදන්න. ) හිස් පුරුෂය, මා විසින් නොයෙක් ආකාරයෙන් ( මෙහි 30 ඡෙදයේ ( 4 ) යොදන්න. (4) හිස් පුරුෂය, තා විසින් දරුණු විෂ ඇති සර්‍පයෙකුගේ් කටෙහි පුරුෂ ලිඞ්ගය දමන ලද්දේ නම් යහපත. සත්‍රියගේ සත්‍රී නිමිත්තෙහි පුරුෂ ලිඞ්ගය නො දමන ලද්දේ නම් යහපත. හිස් පුරුෂය, තා විසින් කලු සර්‍පයෙකුගේ කටෙහි පුරුෂ ලිඞ්ගය දමන ලද්දේ නම් යහපත. සත්‍රියගේ සත්‍රී නිමිත්තෙහි පුරුෂ ලිඞ්ගය නො දමන ලද්දෙ නම් යහපත.

, හිස් පුරුෂය, තා විසින් ගිනි ගත් දැල් වෙන ගිනි සිලු ඇති අගුරු වලෙක්හි පුරුෂ ලිඞගය දමන ලද්දේ නම් යහපත. සත්‍රියකගේ සත්‍රී නිමිත්තෙහි පුරුෂ ලිඞගය නො දමන ලද්දේ නම් යහපත. ඊට හේතු කවරේ්ද? හිස් පුරුෂය, ( මුලින් කී කරුණෙන් ) ඒ හේතුවෙන් මරණයට හෝ පැමිණෙන්නේය. මරණය හා සමාන දුකකට පැමිනෙන්නේය. ඒ හේතු කොට ගෙන ශරීරයාගේ බිඳමෙන් මරණින් මතු සැප නැති, නපුරු ගති ඇති , නපුරු වැටීම් ඇති නරකයෙහි නූපදින්නේය. හිස් පුරුෂය (දෙවනු කීකරුනෙන්) මේ හේතු කොට ගෙන ශරීරයාගේ බිඳීමෙන් මරණින් මතු සැප නැති නපුරු ගති ඇති , නපුරු වැටීම් ඇති නරකයෙහි උපදින්නෙය. (5)

,හිස් පුරුෂය, යම්බදු වූ ඔබ සත්පුරුෂ ධර්‍මයක් නො වූ ග්‍රම්‍ය ස්වභාවයක් වූ, නීච ස්වභාවයක් වූ නපුර ඇසුරු කළ දෙයක් වූ පහත් ස්වභායක්වූ රහසිගත වූ දෙදෙනෙක් අතර ඇති සමවැදීමකට පැමිණියෙහිද, හිස් පුරුෂය, නුඔ බොහෝ අකුශල ධර්‍මයන්ට ආදිකර්‍තෘය. පෙරටුව යන්නාය. හිස් පුරුෂය, මෙය නො පැහැදුනවුන්ගේ පැහැදීම පිණිස පැහැදුනවුන්ගේ වැඩිවීම පිණිස නො වේ. හිස් පුරුෂය, නැවත මෙය නො පැහැදුනවුන්ගේ නො පැහැදීම පිණිස පැහැදුනාවූ සමහරුන්ගේ වෙනස් බව පිණිස වේ. , ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ ආයුෂ්මත් සුදින්නට නොයෙක් ආකාරයෙන් නිග්‍රහ කොට සැහැල්ලු නොවූ පැවැත්මෙහි, සැහැල්ලු නොවූ ජීවිකාවෙහි, මහා ආශා ඇති බැව්හි, ලද දෙයින් සතුටු නොවන බැව්හි, පිරිසෙහි ඇලුණ බැව්හි, කුසීත බැව්හි, නුගුණ කියා නොයෙක් ආකාරයෙන් සැහැල්ලු පැවැත්මෙහි සැහැල්ලු ජීවිකාවෙහි අලෝභ බැව්හි ලද දෙයින් සෑහෙන බැව්හි කෙළෙස් තවන බැව්හි කෙළෙස්කම්පා කිරීමෙහි සතුටු ගෙන දෙන බැව්හි කෙළෙස් සිඳින බිඳින බැව්හි වීය්‍ර්‍යයෙහි ගුණ කියා භික්‍ෂූන්ට ඊට ගැලපෙන දැහැමි කථාව කොට භික්‍ෂූන් ආමන්ත්‍රණය කළ සේක.

32 ,මහණෙනි, එසේ නම් භික්‍ෂූන්ට ප්‍රයෝජන දහයක් නිසා ශික්‍ෂාපද පණවන්නෙමි. සංඝයාගේ යහපත් භාවය පිණිස, සංඝයාගේ පහසුව පිණිස, හික්ම වීමට අපහසු පුද්ගලයන්ට දඩුවම් පිණිස, ශීලාචාර භික්‍ෂූන්ගේ පහසුව පිණිස, මෙලොව කෙළෙස් සංවරය පිණිස, පරලොව විපාක දෙන කෙළෙස්නැසීම පිණිස, නො පැහැදුනවුන්ගේ පැහැදීම පිණිස, පැහැදුනවුන්ගේ වැඩි පැහැදී පිණීස, සද්ධර්‍මයාගේ පැවැත්ම පිණිස විනයට උපකාර පිණිස ද යන දසය ගැනයි. මහණෙනි, මේ ශික්‍ෂාපදය මෙසේ කියවන්නෙය. (3) ( කෙසේද ) , යම්කිසි භික්‍ෂුවක් මෛථුන ධර්‍මයෙහි යෙදෙන්නේද (ඔහු) සස්නෙන් පැරදුනේ වේ. ආශ්‍රයට නො සුදුස්සෙක් වෙයි,. භාග්‍යවතුන් වහන්සේ විසින් මෙසේ මේ ශික්‍ෂාපදය පණවන ලද්දේ වේ


Click

No comments:

Post a Comment