Thursday 9 June 2011

ශබ්දය Sound


ඕනෑම වස්තූවක් යම් කම්පනයට ලක්විමෙන් හඩ උපදී
එම කම්පනයට අනුරුපව වාතයේ සිදුවන සම්පීඩන විරලන හේතූවෙන් කම්පනය වන වායූ ධාරා මනුෂ්‍ය කනෙ ඇති කරණ පටහාපටලය කම්පනය කරයි
එම කම්පනයට අනුකූලව සංඥාවක් ශ්‍රවන ස්නායුව ඔස්සේ මොලේ ශබ්දය පිළිබද කොටසට ලබා දෙයි
එමගින් ශබ්දය දැනේ හදුනා ගනියි

මෙලෙස හඩ මොළයට දැනීමට නම් කරණ පටහාපටලයේ ඇතිවන කම්පනය අවම හා උපරිම මටිටම් අතර තිබිය යුතූය

තවත් ආකරයට විග්‍රහ කලහොත තප්පයට කම්පන 20ත් 20000ත් අතර කම්පන පමනක් ම්නිස් කන සංවෙදි වෙයි

ම්නිසාට කන් යුගලක් පිහිටීම නිසාත් සංකීර්න මොලයේ ක්‍රියාකාරිත්වය නිසාත් ම්නිසාට හඩෙහි ඇති යම් ගුනාංග හදුනාගතහැක

ප්‍රමානය, තියුරතාව ,දිශාව, ගැබුර, සංඛ්‍යාතය ,පෙර ඇසුනිද නැද්ද බව ,තරතාව ,වර්නය, ඉන් කිපයකි

මෙලෙස මිනිසා සතුව ඇති හඩ තෙරුම්ගැනිම හා වටහාගැනිමෙ හැකියාවත් එම හඩ ගබඩාකිරිමෙ හා ප්‍රතිවදන තක්ෂනික අවශ්‍යතාවනුත් පදනම් කොටගෙන නවින ශබිද විකාශන ක්‍රම (sound systems) ශබ්ද ආකෘති (sound formats) ස්පිකර් සිස්ටම්ස් Speaker systems බිහිව් ඇත







ශබ්දය සංගිතය මගින් අප ශරිරයට හා මනසට කලහැකි බලපැම් වෙනස්කම් බොහෝයි
සංගිතයේ මනෝ විද්‍යාව වැනි විශයන්ද බිහිව් ඇත්තේ එබැවිනි
සංගිතයේ ආරම්භය ඡිවයේ අරම්භය තෙක් දිවයන කතාවකි නමුත් පසුකාලිනව මානවයා ශබ්දයේ යමි යමි ගුනාංග ලබාගතහැකි වාදනයකලහැකි භාන්ඩ නිපදවිය
එම භාන්ඩ වතය මගින් හෝයමි තවත් භාන්ඩයක් මගින්හෝ යමි අවවයකින් කෙලින්ම හෝ කම්පනය කරමින් එම ශබ්ද ලබාගත්හ
මෙහිදි විශේෂ විප්ලවය වුයේ විදුලිය හා ඉලෙක්ට්‍රොනික තාක්ෂය පැමිනිමත් සමගයි

ඉන් පසු මිනිසුන් යම් යම් ගුනාංගයන්ගෙන් යුත් ශබ්ද නිපදවිමටත් විද්‍යත් ශක්තිය ධවනි ශක්තියට හැරවිමටත් ශබිදය ගබඩාකිරිමටත් විද්‍යතය හා ඉලෙක්ට්‍රොනික තාක්ෂනය උපයෝගිකොට ගත්හ
ශබ්දය ප්‍රතිවදනය කිරිමෙ හැකියාවත් සමග ස්පිකරය බිහිවිම විශේෂ සිදුවිමකි
එමගින් විද්‍යත් ශක්තිය ද්වනි ශක්තයට හරවයි
මෙ අනුව අද මානවයා හඩ ගබඩාකිරිමටත් නැවත ප්‍රතිවානය කිරිමටත් ශබ්දයේ ඇති යම් ගුනාංග වන ගැබුර දිශාව වර්නය තාරතාව සංඛ්‍යාතය විස්තාරය වෙගය ආදි රාශින් වෙනස් කරම්න් බාහිර පරිසරයේදි නිරොගි පුද්ගලයෙකුව අතවිදිහ හැකි ආකාරයට ශබිදය ප්‍රතිනිර්මාය කිරිමෙ ප්‍රයත්නයේ යෙදි සිටියි

මුලික වශයේන් සරලව අධ්‍යනය කිරිමෙ පහසුව තකා අප ශබිද ක්‍රම කොටස් හතරකට ඛෙදමු
1 සවුන්ඩ් සිස්ටම්
2 සවුන්ඩ් ෆොමැට්
3 ස්පිකර් සිස්ටම්ස්
4 සවුන්ඩ් ඩිවයිස්








http://lankatronic.blogspot.com/2010/09/sound-system.html