Blog Archive

Thursday, 24 March 2011

දර්ශන උපකරන Display Devices


1. Cathode Ray Tube (CRT) කැතොඩ කිරන නල තාක්ෂනය
2.Liquid Crystal Displays (LCD) ද්‍රවමය ස්පටික තිර තාක්ෂනය
(TFT ,back light led)
3.Light-Emitting Diode (LED)ආලොක විමොචක දියොඩ තිර තාක්ෂනය
(OLED.AMLED)
4.Gas Plasma ma,diaud ප්ලාස්මා තිර තාක්ෂනය
5.Digital Light Processing (DLP) සංඛ්‍යංක ප්‍රක්ෂේපන තිර තාක්ෂනය

Display technology - CRT , LCD technologies ets.
Cable technology - VGA and DVI are the 2 common.
Viewable area (usually measured diagonally)
Aspect ratio and orientation (landscape or portrait)
Maximum resolution
Dot pitch
Refresh rate
Color depth
Amount of power consumption



Go to Main site
or click back


Abbreviations on LCD Module and TV No Terms Full Description



1. ACF Anisotropic Conductive Film අසමවර්ත සන්නායක පටලය

2 .B/L Back Light පසුපස දිප්ත පහන්

3. CCFL Cold Cathode Fluorescent Lamp සිහිල් කැතොඩ ප්‍රතිදිප්ත පහන්

4. CF Color Filter වර්න පෙරහනය

5. CR Contrast Ratio ( White / Black ) කන්ට්‍රාස්ට් අනුපාතය

6.LC Liquid Crystal ද්‍රව ස්පටික

7. LCD Liquid Crystal Display ද්‍රව ස්පටික දරශකය

8. LCM Liquid Crystal Module ද්‍රව ස්පටික මොඩියුලය

9. LD Line Defect මාර්ග දොශ

10. MNT Monitor මොනිටරය

11. POL Polarizer ධැවකය

12. Pixel Picture Element පික්සෙලය

13. TAB Tape Automatic Bonding

14.TCP Tape Carrier Package

15. TFT Thin Film Transistor තුනි පටල ට්‍රාන්සිස්ටරය

16. FPD Flat Panel Display පැතලි පටල දර්ශක

Go to Main site


or click back

එල් සිඩි හා සීඅර් ටී වල ගුන අගුන CRT LCD



Monday, 21 March 2011

වම්බටු වගාව හා ප්‍රඛෙදයන්





Main site
OR Clik Back

කාබනික පොහොර

කාබනික පොහොර


කාබනික පොහොර භාවිතයෙන්ද ශාකවල වර්ධනය සඳහා අවශ්‍ය පෝෂක ලබාදීමට හැක. කාබනික පොහොර සංයුතිය බොහෝ සෙයින් වෙනස් ස්වභාවයක කාබනික අමුද්‍රව්‍ය වලින්ම නිපදවා ගන්නා පොහොරකි.

මේ මඟින් ශාකවලට අවශ්‍ය ප්‍රධාන හා අංශුමාත්‍ර ශාක පෝෂක සියල්ලම ලබාදිය හැක. කාබනික පොහොර යෙදීම බෝග වගාවේදී ඉතා වැදගත් මේ මඟින් පහත ප්‍රතිඵල ලබාගත හැක.

  • පසේ ව්‍යුහය දියුණු වීම.
  • පසේ ජලය රදවාගැනීමේ හැකියාව වැඩිවීම.
  • පසේ වාතනය දියුණුවීම
  • පාංශු අංශ බැද තබන නිසා පාංශු ඛාදනය අඩුවීම.
  • පසට යොදන රසායනික පොහොරවල ඵලදායීතාවය වැඩි වීම.
  • පසේ සාරවත් භාවයට බලපාන ක්ෂුද්‍රජීවී ගහනය වැඩිවීම.
  • බෝග වගාවට අවශ්‍ය පෝෂක ලැබීම.

කාබනික පොහොර වර්ග

  • කොළ පොහොර
  • බෝග අවශේෂ
  • සත්ත්ව පොහොර
  • කුකුළු කොටුවල අතුරණුව
  • නාගරික අපද්‍රව්‍ය
  • කොම්පෝස්ට්



[]
කොම්පෝස්ට් නිෂ්පාදනයට බලපාන සාධක

කොම්පෝස්ට් නිෂ්පාදනය යනු ක්ෂුද්‍ර ජීවීන්ගේ මාර්ගයෙන් ශාක කොටස් හා සත්ව අපද්‍රව්‍ය දිරාපත් කිරීම මඟින් සරළ කාබනික ද්‍රව්‍ය නිපදවා ගැනීමේ ක්‍රියාවලියයි.

වාණිජ වටිනාකමක් ඇති ප්‍රධාන කාබනික පොහොර ලෙස කොම්පෝස්ට් හැඳින්විය හැකිය.



කොම්පෝස්ට්හි අන්තර්ගත දෑ

  • ජීර්ණය වූ කාබනික ද්‍රව්‍ය
  • මැරුණු ක්ෂුද්‍ර ජිවීන්
  • නොමැරුණු ක්ෂුද්‍ර ජිවීන්


භාවිතා කළ හැකි අමුද්‍රව්‍ය

  • කොළ වර්ග
  • බෝග අවශේෂ
  • ජලජ ශාක
  • සත්ව අපද්‍රව්‍ය
  • වල් පැළෑටි
  • කුණු රොඩු යනාදිය





අමුද්‍රව්‍ය වර්ග දෙකකි

  • ඉක්මණින් දිරාපත් වන
  • දිරාපත් වීමට අපහසු


ඉක්මණින් දිරාපත් වන අමුද්‍රව්‍ය

  • කොළ පැහැති ලපටි කොළ
  • සත්ව අපද්‍රව්‍ය
  • ජලජ ශාක


දිරාපත් වීමට අපහසු අමුද්‍රව්‍ය

  • දහයියා
  • වියළි වල් පැළෑටි
  • වියළි කොළ
  • ලී කුඩු
  • පිදුරු හා වෙනත් වියළි බෝග අවශේෂ

කොම්පෝස්ට් නිෂ්පාදනයේදී උසස් තත්වයේ කොම්පෝස්ට් නිෂ්පාදනය සඳහා අමුද්‍රව්‍ය ගණනාවක් භාවිතා කිරීම වැදගත්ය.


කොම්පෝස්ට් නිෂ්පාදනයේදී බලපාන සාධක

  • අමුද්‍රව්‍ය වල කාබන් හා නයිට්‍රජන් අනුපාතය
  • උෂ්ණත්වය
  • තෙතමනය
  • වාතනය
  • ප්‍රතික්‍රියා තත්වය
  • පෙරලීම
  • ක්ෂුද්‍ර ජිවීන්ගේ ක්‍රියාකාරීත්වය
  • අමුද්‍රව්‍ය කැබලි වල ප්‍රමාණය
  • මූලද්‍රව්‍ය සැප‍යීම


අමුද්‍රව්‍යවල කාබන් නයිට්‍රජන් අතර අනුපාතය

  • කාබන් මඟින් ක්ෂුද්‍ර ජිවීන් ශක්තිය ලබාගනී. ක්ෂුද්‍ර ජිවීන්ගේ සෛලවල ප්‍රෝටීන් නිපදවා ගැනීම සඳහා නයිට්‍රජන් අත්‍යාවශ්‍යවේ.
  • කාබන් හා නයිට්‍රජන් අනුපාතය අඩු අමුද්‍රව්‍ය ඉක්මණින් දිරාපත්වේ.
  • කාබන් හා නයිට්‍රජන් අනුපාතය වැඩි අමුද්‍රව්‍ය දිරාපත් වීමට කල් ගත වේ.
  • කාබන් හා නයිට්‍රජන් අනුපාතය අඩු වූ විට ක්ෂුද්‍ර ජිවීන්ගේ ක්‍රියාකාරිත්වය වැඩිවේ. වැඩිපුර නයිට්‍රජන් අන්තර්ගත අමුද්‍රව්‍ය ලෙස රනිල ශාක, ළපටි කොළ, සත්ව අපද්‍රව්‍ය යනාදිය භාවිතා කළ හැකිය.
  • කාබන් හා නයිට්‍රජන් අනුපාතය වැඩි අමුද්‍රව්‍ය, අනුපාතය අඩු අමුද්‍රව්‍ය සමඟ මිශ්‍රකර භාවිතා කිරීම මඟින් දිරාපත් වීම ඉක්මන් කළ හැකිය.


උෂ්ණත්වය


උෂ්ණත්වය ඉහළ යාමේ ප්‍රයෝජන

  • වල් ඇට මැරීයාම
  • රෝග කාරක විනාශ වීම
  • අහිතකර ක්ෂුද්‍ර ජිවීන් විනාශ වීම

සෙන්ටිග්‍රේඩ් අංශක 70 ට වඩා අධික උෂ්ණත්වය කොම්පෝස්ට් නිෂ්පාදනයට හානිදායකය. අධික උෂ්ණත්ව වලදී ක්ෂුද්‍ර ජිවීන් විනාශ වීම නිසා දිරාපත් වීම අඩු වේ.

වැඩි කාබන් හා නයිට්‍රජන් අනුපාතයක් ඇති අමුද්‍රව්‍ය අධික ලෙස භාවිතා කිරීමෙන් ප්‍රශස්ථ උෂ්ණත්වයක් පවත්වා ගැනීමටද අපහසුවේ. ප්‍රශස්ථ උෂ්ණත්වය සෙන්ටිග්‍රේඩ් අංශක 55 – 60 වේ.


උෂ්ණත්වයට බලපාන සාධක

  • ගොඩේ ප්‍රමාණය
  • තෙතමනය
  • කාබන් හා නයිට්‍රජන් අනුපාතය
  • පෙරළීම

ගොඩ ආවරණය කිරීමෙන් ගොඩේ උෂ්ණත්වය වැඩි කරගත හැකිවේ.


තෙතමනය

  • ක්ෂුද්‍ර ජිවීන්ගේ ක්‍රියාවලියට ජලය අවශ්‍ය වේ.
  • තෙතමනය අඩු විට ක්ෂුද්‍ර ජිවීන්ගේ ක්‍රියාවලිය අඩුවේ.
  • අධික ලෙස ජලය තිබීමෙන් වාතය අඩුවීම නිසා දිරාපත් වීමට අපහසුතා ඇති කරයි.
  • භාවිතා කරන අමුද්‍රව්‍යවල ප්‍රශස්ථ තෙතමනය 50% - 60% කි.
  • අධික ලෙස ජලය තිබීමෙන් නිර්වායු තත්වයක් ඇති වේ.
  • වියළි කාලයේදී උල් කරගත් ලීයක් ගොඩ තුලට ඇතුල් කිරීමෙන් තෙතමනය පරීක්ෂා කර බලා දින කිහිපයකට වරක් ජලය යෙදීම සිදුකළ යුතුවේ.
  • කොම්පෝස්ට් ගොඩ වර්ෂා ජලයෙන් ආරක්ෂා කරගත යුතුය.


වාතනය

කොම්පෝස්ට් නිපදවීමේදී ගොඩ තුලට ඔක්සිජන් ලැබිය යුතු අතර නිෂ්පාදනය වන කාබන්ඩයොක්සයිඩ් පිටවිය යුතුය.

  • ඔක්සිජන් ‍නොලැබුනහොත් ගොඩ තුල නිර්වායු තත්වයක් ඇති වේ.
  • එවිට ගොඩ තුල ආම්ලික තත්වයක් ඇති වී දුඟදක් ඇතිවේ.
  • හොඳ වාතනයකට විවිධ අමුද්‍රව්‍ය මාරුවෙන් මාරුවට තට්ටු ලෙස භාවිතා කළයුතුය.
  • හොඳ වාතනයකට පෙරළීම ප්‍රයෝජනවත් වේ.
  • අවශ්‍ය නම් උණ බම්බු, ලී, පීවීසි බට තබා ගොඩ සෑදීමෙන් ගොඩ තුළට වාතය ලබාදිය හැකිය.
  • ගොඩේ පළල වැඩි වීමෙන් එහි වාතනය දුර්වල වනු ඇත.


ප්‍රතික්‍රියා තත්වය

  • කොම්පෝස්ට් ගොඩේ පී එච් අගය ක්ෂුද්‍ර ජිවීන්ගේ ක්‍රියාකාරීත්වයට වැදගත් වේ.
  • භාෂ්මික තත්වයකදී ක්ෂුද්‍ර ජිවීන්ගේ ක්‍රියාකාරිත්වය අඩු වේ.
  • මේ නිසා කොම්පෝස්ට් නිෂ්පාදන ක්‍රියාවලියේදී අළු හෝ අළුහුණු භාවිතා කිරීම සිදු නොකල යුතුය.
  • එසේම භාෂ්මික තත්වයකදී අමුද්‍රව්‍යවල අන්තර්ගත නයිට්‍රජන් ඇමෝනියා වායුව ලෙස පිටවී අපතේ යනු ඇත.
  • කොම්පෝස්ට් නිෂ්පාදනය අවසන් වූ පසු පමණක් බෝගයට යෙදීමේදී අළු මිශ්‍ර කිරීම සිදු කරන්න.


පෙරළීම


  • ගොඩේ ඇතුළත ප්‍රදේශවලට වාතය සැපයේ.
  • දිරාපත් නොවූ අමුද්‍රව්‍ය ක්ෂද්‍ර ජිවීන්ට නිරාවරණය වේ.
  • අවශ්‍ය නම් ගොඩ තුළට ජලය සැපයිය හැකි වේ.
  • පෙරළීම සඳහා ශ්‍රමය හා මුදල් වැය වේ.
  • මේ නිසා කොම්පෝස්ට් නිපදවීමේදී පෙරළිය යුතු අවස්ථා ගණන උපරිම ලෙස 03 කි.
  • පෙරළීමෙන් වැඩි තෙතමනයක් ඇත්නම් වියළීමට අවස්ථාවක් උදාවේ.










ක්ෂුද්‍ර ජිවීන් එක් කිරීම

  • දිරාපත් වීම සඳහා ක්ෂුද්‍ර ජිවීන් උපකාරි වේ.
  • කොම්පෝස්ට් නිෂ්පාදන ක්‍රියාවලිය ප්‍රධාන වශයෙන් දිලීර මඟින් සිදු කෙරේ.
  • දිරාපත් කිරීමේ ක්‍රියාවලියට ක්ෂුද්‍ර ජිවීන් අත්‍යාවශ්‍ය නිසා කොම්පෝස්ට් නිපදවීමේදී ස්ථර කිහිපයකට වරක් නිෂ්පාදනය කළ කොම්පෝස්ට් (මුහුන්) ස්වල්පයක් ඉසීම කළ යුතුය.
  • මෙමඟින් ගොඩ තුළට ක්ෂුද්‍ර ජිවීන් එක් කිරීම සිදු කෙරේ.


අමුද්‍රව්‍ය කැබලිවල ප්‍රමාණය

  • කුඩා කැබලි පහසුවෙන් ක්ෂුද්‍ර ජිවීන්ට ක්‍රියා කිරීමට හැකිය.
  • කැබලි වඩාත් කුඩා වීමෙන් තද වීම නිසා ගොඩ තුලට වාතය ලැබීමට හා පිටවීමට බාධා පමුණුවයි.
  • විශාල ප්‍රමාණයේ කැබලි මත ක්ෂුද්‍ර ජිවීන්ට ක්‍රියා කිරීමට අපහසු වේ.
  • ප්‍රශස්ථ කැබලි ප්‍රමාණය සෙ.මී. 5 ක් පමණ වේ.
  • යන්ත්‍රානුසාරයෙන් ගොඩට වාතය සපයන්නේ නම් කැබලිවල ප්‍රමාණය සෙ.මී. 1 ක් දක්වා වුවද කුඩා විය හැකිය.
  • කැබලි කිරීම සඳහා මුදල් හා ශ්‍රමය වැයවේ.
  • මේ නිසා සාමාන්‍ය කොම්පෝස්ට් නිෂ්පාදනයේදී කැබලි කිරීම අවශ්‍ය නොවේ.


මූල ද්‍රව්‍ය සැපයීම

  • බොහෝ විට අමුද්‍රව්‍යවල අන්තර්ගත පොස්පරස් ප්‍රමාණයද අඩුය.
  • ලංකාවේ දක්නට ලැබෙන ප‍ෙස් අන්තර්ගත පොස්පරස් ප්‍රමාණයද අඩු මට්ටමක පවති.
  • එබැවින් කාබනික පොහොරවල අන්තර්ගත පොස්පරස් ප්‍රමාණය වැදගත්වේ.
  • මේ සඳහා කොම්පෝස්ට් නිෂ්පාදනයේදී එප්පාවල රොක්පොස්පේට් භාවිතා කල හැකිය.
  • එවිට ක්ෂුද්‍ර ජිවීන්ගේ ක්‍රියාකාරීත්වයද වැඩි වේ.
  • කොම්පෝස්ට් නිෂ්පාදනයේදී රොක්පොස්පේට් වල ද්‍රාව්‍යතාවයද වැඩිවනු ඇත.
  • රොක්පොස්පේට් භාවිතා කර නිෂ්පාදනය කල කොම්පෝස්ට් කාබනික වගාවට වුවද භාවිතා කල හැකිය.


ප්‍රධාන කොම්පෝස්ට් නිෂ්පාදන ක්‍රම


  • ගොඩ ක්‍රමය
  • වල ක්‍රමය
  • බැරල් ක්‍රමය
  • කෝටු රාමු ක්‍රමය



ගොඩ ක්‍රමය

ගොඩ ක්‍රමයේ කොම්පෝස්ට් නිපදවීමේදි අනුගමනය කළ යුතු වැදගත්ම ක්‍රමය ලෙස සැලකේ. වෙනත් ක්‍රම හා සැසදීමේදි මෙහි ප්‍රයෝජන ගණනාවක් දක්නට ලැබේ.

ගොඩ ක්‍රම‍ෙය් වාසි.

  • පහසු ක්‍රමය වේ.
  • ඉක්මණින් දිරාපත් වීම සිදුවේ.
  • හොඳින් වාතාශ්‍රය ලබා දීමට හැකි වේ.
  • ප්‍රශස්ත තෙතමනයක් පවත්වා ගැනිමට හැකි වේ.
  • පෙරළිම‍ට පහසු වේ.
  • නිෂ්පාදනය කරනු ලබන කොම්පෝස්ට් වලට පස් හෝ වැලි මිශ්‍ර වීම අවම වේ.
  • මහා පරිමාණයේ කොම්පෝස්ට් නිෂ්පාදන‍යට සුදුසුම ක්‍රමය වේ.
  • කුඩා පරිමාණයේ කොම්පෝස්ට් නිෂ්පාදන‍ සඳහා ද සුදුසු වේ.
  • සියළුම වාණිජ කොම්පෝස්ට් නිෂ්පාදකයින් අනුගමනය කරනු ලබන ක්‍රමය වේ
  • දිරාපත් වීම ‍ෙබාහෝ විට සාර්ථකව මෙන්ම ඒකාකාරීව සිදු වේ
  • මැස්සන් ඇති වීම හා දුගදක් හැමීම වැනි ගැටළු ඇති නොවේ

මේ නිසා කොම්පෝස්ට් නිෂ්පාදන‍ෙය් සාර්ථකත්වය සඳහා කරුණු ගණනාවක් නිසා පහසු, ලාභදායී හා සාර්ථක ක්‍රමය වන ගොඩ ක්‍රමය අනුගමනය කිරිම වැදගත්ය.

ගොඩ ක්‍රමයේදි නිපදවන ගොඩේ ප්‍රමාණය අමුද්‍රව්‍ය සුලභතාවය මත වෙනස් කරගත හැකිය.

ගොඩ ක්‍රමෙය්දි දිරාපත් වීම හොඳින් සිදු වීමට ගොඩේ පළල වැඩි කර ගැනීම නොකළ යුතුය. එසේම, ගොඩේ උස වැඩි කර ගැනීමෙන් ගොඩේ විවිධ ක්‍රියාකාරකම් සිදු කිරීමේදී අපහසුතා ඇති වේ. නමුත් ගොඩේ දිග අමුද්‍රව්‍ය සුලභතාවය මත වෙනස් කරගත හැකිය. එය නිෂ්පාදන ක්‍රියාවලියට එතරම් බලනොපානු ඇත.


වල ක්‍රමය

ග්‍රාමීයව කොම්පෝස්ට් නිපදවා ගැනීමේදි සමහර ගොවීන් මෙම ක්‍රමය අනුගමනය කරනු ලැබේ. එසේම ගෙවතු ආශ්‍රිතව ද බොහෝ විට වල ක්‍රමය උපයෝගී කර ගනු ලබන බව දැකගත හැකි වේ. කෙසේ නමුත්, මෙය ගොඩ ක්‍රමය හා සැසදීමේදී සාර්ථක ක්‍රමයක් ලෙස නොසැලකේ. මෙම ක්‍රමයේ විවිධ ගැටළු දක්නට ලැබේ.

වල ක්‍රමයේ අවාසි

  • වලක් සැකසීමට අධික ශ්‍රමයක් වැය වේ
  • මෙය වියදම් අධික ක්‍රමයකි
  • දිරාපත් වීමට වැඩි කාලයක් ගත වේ
  • හොඳින් වාතාශ්‍රය නොලැබේ
  • වර්ෂා කාලයේදී වලේ අධික ලෙස ජලය එකතුවීම සිදුවේ
  • ප්‍රශස්ථ තෙතමනයක් පවත්වා ගැනීම අපහසුය
  • මෙම ක්‍රමයේදී පෙරලීම අපහසුය
  • මහා පරිමාණයේ කොම්පෝස්ට් නිපදවීමට සුදුසු ක්‍රමයක් නොවේ
  • වැඩි කොම්පෝස්ට් ප්‍රමාණයක් නිපදවා ගත නොහැකි වේ
  • වාණිජ කොම්පෝස්ට් නිෂ්පාදකයින් අනුගමනය නොකරන ක්‍රමයකි
  • නිෂ්පාදනය කරනු ලබන කොම්පෝස්ට් බොහෝ අවස්ථා වලදී හොඳින් දිරාපත් නොවී පවතින අතර දිරාපත් නොවූ කොටස්ද අන්තර්ගත වේ
  • නිෂ්පාදනය කරනු ලබන කොම්පෝස්ට්වල සැලකිය යුතු ප්‍රමාණයක් පස් හා වැලි අන්තර්ගත වේ
  • දුඟදක් ඇතිවීම හා මැස්සන් ඇතිවීම බොහෝ විට දක්නට ලැබේ
  • වර්ෂාව වැඩි තෙත් කලාපය වැනි ප්‍රදේශ වලට සුදුසු නොවේ

මෙම හේතු නිසා කොම්පෝස්ට් නිපදවී‍ෙම්දී වල ක්‍රමය එතරම් සාර්ථක ක්‍රමයක් ලෙස නොසැලකේ.


බැරල් ක්‍රමය

බැරල් ක්‍රමය කුඩා පරිමාණයේ ගෙවතුවල කොම්පෝස්ට් නිපදවා ගැනීමට යොදාගත හැකි ක්‍රමයකි. මෙය විශේෂයෙන් නාගරික පරිසරයක සීමිත අමුද්‍රව්‍ය ප්‍රමාණයක් හා ඉඩ ප්‍රමාණයක් ඇති පෙදෙසකට යෝග්‍ය වේ. කෙසේ නමුත් වැඩි ප්‍රමාණ වලින් කොම්පෝස්ට් නිපදවීමට මෙය සුදුසු ක්‍රමයක් නොවේ. මේ සඳහා සිමෙන්ති, යකඩ හා ප්ලාස්ටික් බැරල් භාවිතා කරනු ලැබේ. මෙම ක්‍රමයේ වාතාශ්‍රය සඳහා බැරල්හි බඳේ සිදුරු සාදනු ලබන අතර, එමගින් දිරාපත්වීම ඉක්මන් කළ හැකිය.

බැරල් ක්‍රමයේ වාසි

  • දිනපතා ගෙදර දොරේ එකතුවන අපද්‍රව්‍ය කළමනාකරණයට අවස්ථාවක් උදාවේ
  • ගෙවත්තේ එකතුවන අමුද්‍රව්‍ය කළමනාකරණය කර ගැනීමට උපයෝගී කරගත හැකිය
  • මෙම ක්‍රමයේදී වාතාශ්‍රය හොඳින් ලබාදීමට හා තෙතමනය ආරක්ෂා කර ගැනීමට පහසු වේ.

බැරල් ක්‍රමයේ අවාසි

  • අමුද්‍රව්‍ය සීමිත ප්‍රමාණයක් ඇති ගෙවත්තකට පමණක් යෝග්‍ය ක්‍රමයකි
  • මෙම ක්‍රමයේ භාවිතා කරනු ලබන බැරල් සඳහා සැලකිය යුතු වියදමක් දැරීමට සිදුවේ
  • මෙහිදී අමුද්‍රව්‍ය පෙරලීමකට භාජනය කරනු නොලබන නිසා දිරාපත් වීමට වැඩි කාලයක් ගත වේ
  • මෙහිදී නිපදවා ගත හැකි කොම්පෝස්ට් ප්‍රමාණය සීමාසහිතය


කෝටු රාමු ක්‍රමය

කෝටු රාමු ක්‍රමය බොහෝ විට කුඩා ගොවිපල වල හෝ ගෙවතුවල භාවිතා කරන ක්‍රමයකි. දිනපතා අපද්‍රව්‍ය එකතු වන ගොවිපලවල හෝ ගෙවතු වලට කුඩා ප්‍රමාණයෙන් කොම්පෝස්ට් නිපදවා ගැනීමට පමණක් මෙම ක්‍රමය භාවිතා කල හැකිය.

කෝටු රාමු ක්‍රමයේ වාසි

  • වතාශ්‍රය හොඳින් ලැබීම
  • දුඟදක් ඇතිවීම හා මැස්සන් ඇති නොවීම

මෙම ක්‍රමය කුඩා ගොවිපලවලට හා ගෙවතුවලට තම අවශ්‍යතාවය මත කොම්පෝස්ට් නිපදවා ගැනීමට අනුගමනය කළ හැකිය. මෙහි ඇති ප්‍රධාන වාසිය නම් දිනපතා අමුද්‍රව්‍ය ජනිත වන ස්ථාන සඳහා එම අමුද්‍රව්‍ය ඒ ඒ අවස්ථාවේදිම කොම්පෝස්ට් නිෂ්පාදනය සඳහා භාවිතා කිරීමට ඇති හැකියාවයි.


කෝටු රාමු ක්‍රමයේ අවාසි

  • ගෙවතුවලට හා කුඩා ගොවිපලවලට පමණක් සුදුසු වේ
  • කෝටු මඟින් රාමුව සෑදීමට වැඩි ශ්‍රමයක් වැයවේ
  • මෙහි නිෂ්පාදනය කළ හැකි කොම්පෝස්ට් ප්‍රමාණය සීමා සහිතය
  • නිරන්තරයෙන් මෙය වාතයට නිරාවරණය වී ඇති නිසා වර්ෂාවට හසුවීම හා වියලීම සිදුවේ
  • මෙම ක්‍රමයේ කොම්පෝස්ට් නිපදවීමට අධික කාලයක් ගත වේ
  • ක්‍රමානුකූලව තට්ටු තැම්පත් නොකිරීම නිසා දිරාපත් වීම හොඳින් සිදු නොවේ
  • වාතයට හා වර්ෂාවට නිරාවරණය වීම නිසා කොම්පෝස්ට්හි පෝෂ්‍ය පදාර්ථ ප්‍රමාණය බොහෝ විට අපතේ යාම සිදුවේ
  • කෝටු රාමු ක්‍රමයේදී තෙතමනය ආරක්ෂා කර ගැනීම අපහසුය
  • මෙහිදී අමුද්‍රව්‍ය පෙරලීමකට භාජනය කරනු නොලබන නිසා දිරාපත් වීමට වැඩි කාලයක් ගත වේ
  • කාලයක් ගත වීමෙන් කෝටු දිරාපත් වීම සිදුවේ
  • නිෂ්පාදනය කළ පොහොර පිටතට ගැනීමද අපහසු වේ


කොම්පෝස්ට් නිෂ්පාදනයට භාවිතා කළහැකි අමුද්‍රව්‍ය

කොම්පෝස්ට් නිෂ්පාදනයේදී අමුද්‍රව්‍ය ලෙස ශාක කොටස් හා සත්ව අපද්‍රව්‍ය භාවිතා කරනු ලැබේ. විවිධ ශාක කොටස් කොම්පෝස්ට් නිෂ්පාදනයට භාවිතා කළහැකි වුවත්, ශාක පත්‍ර කොම්පෝස්ට් නිෂ්පාදනයට වඩාත් යෝග්‍ය වේ. එයට හේතුව, කොළ වර්ග ඉතා ඉක්මනින් දිරාපත් වීමේ හැකියාවයි. කොළවල සැළකිය යුතු ප්‍රමාණයක් නයිට්‍රිජන් අන්තර්ගත වීම නිසා පහසුවෙන් දිරාපත් වීම සිදුවේ. ශාක පත්‍ර ළපටි හා කොළ පාට අවස්ථාවේදී පහසුවෙන් දිරාපත් කරගැනීමේ හැකියාවක් ඇත. එසේම සමහර සත්ව පොහොර පහසුවෙන් දිරාපත් වන අතර බ්‍රොයිලර් කුකුළු අපද්‍රව්‍ය එහි අන්තර්ගත දහයියා අතුරනුව නිසා දිරාපත් වීමට අපහසු වේ. කෙසේ නමුත් කොම්පෝස්ට් නිෂ්පාදන ක්‍රියාවලිය ක්‍රමවත්ව සිදු කිරීමෙන් දිරාපත් වීමට අපහසු අමුද්‍රව්‍ය පවා දිරාපත් කර ගැනීමේ හැකියාවක් ඇත.



කොළ පොහොර

  • කොළ පොහොර පහසුවෙන් දිරාපත් වීමේ හැකියාවක් ඇත
  • පත්‍ර හා ළපටි දඬු කොම්පෝස්ට් නිෂ්පාදනයට වඩාත් යෝග්‍ය වේ
  • වැඩි කොළදාවක් ඇති ශාක වර්ග කොම්පෝස්ට් නිෂ්පාදනයට වඩාත් සුදුසුය
  • විශේෂයෙන් රනිල කුලයේ ශාක වර්ග කොම්පෝස්ට් නිෂ්පාදනයට යොදාගැනීම වැදගත්ය
  • කොළ පොහොර මඟින් කොම්පෝස්ට්වලට සැළකිය යුතු නයිට්‍රිජන් ප්‍රමාණයක් ලබාදෙනු ඇත

කොළ වර්ග

මේ සඳහා පහත සඳහන් කොළ වර්ග වඩාත් සාර්ථකව භාවිතා කළ හැකිය. පහතරට වියලි කල‍ාපයේ හා පහතරට අතරමැදි කලාපයේ ඇති කොළ පොහොර ලෙස භාවිතා කළ හැකි ශාක

ශාක විශේෂයශාක කුලයදේශීය නම
Aleurites moluccanaEuphorbiaceacකැකුණ
Alstonia macrophyllaApocynaceaeහවරි නුග
Barringtonia recemosaLecythidaceaeමිදෙල්ල
Cebera manghasApocynaceaeමුදු කදුරු, ගොඩ කදුරු
Croton lacciferusEuphorbiaceae (Leguminosae)කැප්පිටියා
Curcuma zedoariaZingiberaceaeහරන්කහ
Datura metelSolanaceaeඅත්තන
Erythrina SPFabaceae (Leguminosae)එරබදු
Gliricidia sepiumFabaceae (Leguminosae)වැටහිර, සෙවන ගස්
Jatropha curcasEuphobiaceaeවැටඉදරු
Manihot glazioviiEuphobiaceaeඉන්දියන් රබර්
Manihot SPEuphobiaceaeඅලි මඤ්ඤොක්කා
Melia dubiaMeliaceaeලූනුමිදෙල්ල
Michelia champacaMangokiaceaeසපු, ගිනිසපු
Micolossa ceylanicaAsteraceae (Composiae)පුපලා
Mikania cordataAsteraceae (Composistae)වතුපාලු, ගහල වැල්
Oroxylum indicumBigoniaceaeතොටිල්ල
Pagiantha dichotomaApocynaceaeදිවි කදුරු
Pavatta indicaRubiaceaeපාවට්ටා
Pongamia pinnataFabaceae (Leguminosae)කරඳ, මඟුල් කරඳ
Premna tomentosaVerbenaceaeසේරු
Samanea samanMimmosaceae (Leguminosae)මාරා
Tephrosia purpureaFavaceae (Leguminosae)පිල
Thespesia populneaMalvaceaeගංසූරිය, සූරිය
Tithonia diversifoliaAsteraceae (Composiae)නත්තසූරිය, තිත්ත
Wickstroemia canescensThymelaeceaeනමහදුනු, මහාපට්ටා




කෙසේ නමුත්, මේ සඳහා ප්‍රදේශයේ සුලභ ඕනෑම කොළ වර්ගයක් භාවිතා කිරීමේ හැකියාව ඇත.

කොළ වර්ග භාවිතා කිරීමේ වැදගත්කම

  • ඉක්මනින් දිරාපත් වීමේ හැකියාව
  • කොම්පෝස්ට්හි වැඩි නයිට්‍රිජන් ප්‍රමාණයක් අන්තර්ගත වීම
  • නිෂ්පාදනය කරනු ලබන කොම්පෝස්ට්හි හොඳ පැහැයක් ලබාගත හැකිවීම

බෝග අවශේෂ

විවිධ බෝග අවශේෂ වුවද සුලභතාවය මත කොම්පෝස්ට් නිපදවා ගැනිමේදී අමුද්‍රව්‍ය ලෙස භාවිතා කළහැකිය. විශේෂයෙන් විවිධ බෝග අවශේෂ කාබනික පොහොර ලෙස භාවිතා කිරීමේදී කොම්පෝස්ටි නිෂ්පාදනය කර භාවිතා කිරීම වැදගත්ය. එයට හේතුව, බෝග අවශේෂවල දක්නට ලැබෙන විවිධ රෝගකාරක පවා විනාශ වීම කොම්පෝස්ට් නිෂ්පාදනයේදී සිදු වීමයි. බෝග අවශේෂ ලෙස පහත සඳහන් දෑ භාවිතා කළහැකිය.

  • පිදුරු
  • එළවළු බෝග අවශේෂ
  • වෙළඳපොළ එළවළු අපද්‍රව්‍ය
  • වෙනත් බෝග අවශේෂ

මෙම බෝග අවශේෂ දිරාපත් නොකර එක එල්ලේ වගාවට යෙදීමේදී විවිධ ගැටළු ඇතිවන අතර, දිරාපත් වීමට සැලකිය යුතු කාලයක් ගත වේ. මෙවැනි බෝග අවශේෂ බෝග වගාවට සාර්ථකව භාවිතා කළහැකි ක්‍රමය නම්, ඒවා උපයෝගී කර ගැනීමෙන් කොම්පෝස්ට් නිෂ්පාදනය කර භාවිතා කිරීමයි.

පිදුරු භාවිතා කිරීමේ වැදගත්කම

  • පහසුවෙන් සපයා ගැනීමේ හැකියාව
  • පොටෑසියම් පෝෂ්‍ය පදාර්ථය සැළකිය යුතු ප්‍රමාණයක් අන්තර්ගත වීම
  • කොම්පෝස්ට් නිෂ්පාදනයේදී භාවිතා කිරීමේ පහසුව
  • ඒකාකාරී සංයුතියකින් යුක්ත වීම

ජලජ වල් පැළෑටි

විවිධ ජලජ වල් පැළෑටි පවා කොම්පෝස්ට් නිෂ්පාදනයේදී අමුද්‍රව්‍ය ලෙස භාවිතා කළහැකිය. මෙම අමුද්‍රව්‍ය භාවිතා කිරීමේදී වැව් හා ජලාශ ආශ්‍රිතව කොම්පෝස්ට් නිපදවා ගැනීමට යොදාගැනීම වඩාත් වැදගත්ය. මක්නිසාද යත්, සමහර ජලජ වල් පැළෑටි ප්‍රවාහනය කිරීම තහනම්කර ඇති බැවිනි. මේ සඳහා සැල්වීනියා, ජපන් ජබර වැනි දෑ කොම්පෝස්ට් නිෂ්පාදනයේදී පහසුවෙන් දිරාපත් කරගත හැකි බව පෙනී ගොස් ඇත.

ජලජ වල් පැළෑටි භාවිතා කිරීමේ වැදගත්කම

  • ඉක්මණින් දිරාපත් වීම
  • හොඳ පැහැයකින් හා තත්ත්වයෙන් උසස් කොම්පෝස්ට් ලබාගැනීමේ හැකියාව
  • ජලාශ වලට සිදුවන හානිය අවම කර ගැනිම
  • විනාශකාරී ජලජ වල් පැළෑටි වඳ කිරීමේ හැකියාව
  • දිවයිනේ විවිධ ප්‍රදේශවල පහසුවෙන් සපයා ගැනීමේ හැකියාව
  • කුඩා ප්‍රදේශයකින් වැඩි අමුද්‍රව්‍ය ප්‍රමාණයක් සපයා ගැනීමේ හැකියාව
  • කොම්පෝස්ට් නිෂ්පාදනයෙන් සම්පූර්ණ බීජ හා දඬු මැරී යාම නිසා පැතිරීමක් සිදු නොවීම

තණකොළ

ගොඩබිම්හි දක්නට ලැබෙන විවිධ තණකොළ වර්ග කොම්පෝස්ට් නිෂ්පාදනයේදී අමුද්‍රව්‍ය ලෙස භාවිතා කළහැකිය. බොහෝවිට තණකොළ පහසුවෙන් දිරාපත් කරගැනීමේ හැකියාවක් ඇත. මෙසේ වල් පැළෑටි කොම්පෝස්ට් නිපදවා ගැනීමට යොදා ගැනීමෙන් වල්නාශක යෙදීම නිසා සිදුවන පරිසර දූෂණය අවම කරගැනීමටත්, එසේම වල් නාශක සඳහා වියදම් වන මුදල් අවම කරගැනීමටත් අවස්ථාවක් උදා වේ. මේ සඳහා ගිනි තණ වැනි රළු ස්භාවයක් ඇති තණකොළ වර්ගවලින් පවා සාර්ථකව කොම්පෝස්ට් නිෂ්පාදනය කරගත හැකි බව පෙනී ගොස් ඇත. ගිනි තණ සීඝ්‍රයෙන් වර්ධනය වන නිසා මෙන්ම ලංකාවේ බොහෝ ප්‍රදේශවල දක්නට ලැබෙන නිසා එය කොම්පෝස්ට් නිෂ්පාදනයට භාවිතා කිරීම වැදගත්ය.

තණකොළ භාවිතා කිරීමේ වැදගත්කම

  • පහසුවෙන් දිරාපත් වීම
  • සැලකිය යුතු පෝෂ්‍ය පදාර්ථ ප්‍රමාණයක් අන්තර්ගත වීම
  • පහසුවෙන් හා ලාභදායීව සපයා ගැනීමේ හැකියාව
  • පරිසරය පවිත්‍රව තබා ගැනීමේ හැකියාව
  • කොම්පෝස්ට් නිෂ්පාදනයෙන් සම්පූර්ණයෙන් බීජ හා දඬු මැරීයාම නිසා පැතිරීමක් සිදු නොවීම

තෝරාගත් කොළ පොහොර හා පිදුරු වල අන්තර්ගත ප්‍රධාන ශාක පෝෂක ප්‍රමාණයන්

ශාක වර්ගයවියළි බර අනුව %
නයිට්‍රජන්පොස්පරස්පොටෑසියම්
ග්ලිරිසීඩියා4.20.32.1
එරබදු4.00.32.4
වල් සූරියකාන්ත4.70.43.2
ගංසූරිය3.40.32.2
සන් හෙම්2.90.30.7
ඉපිල් ඉපිල්1.50.21.2
පිදුරු0.60.22.2



සත්ව පොහොර

කොම්පොස්ට් නිෂ්පාදනයේදී ශාක කොටස්වලට අමතරව සත්ව අපද්‍රව්‍ය භාවිතා කිරීමද වැදගත්ය. මෙහිදී සත්ව මල හා මූත්‍රා භාවිතා කරනු ලැබේ. කොම්පෝස්ට් නිෂ්පාදනයේ සාර්ථකත්වයට සත්ව පොහොරවල දායකත්වය ඉමහත්ය.

මේ නිසා කොම්පෝස්ට් නිෂ්පාදනයේදී ශාක කොටස්වලට අමතරව හැකි සෑම අවස්ථාවකම සත්ව පොහොර භාවිතා කිරීම වැදගත්ය. එමඟින් තත්වයෙන් උසස් කොම්පෝස්ට් නිෂ්පාදනය කරගැනීමට හැකි වේ.

සත්ව පොහොර භාවිතයේ වාසි

  • වැඩිපුර පෝෂ්‍ය පදාර්ථ ප්‍රමාණයක් ලබාදීම
  • බොහෝ සත්ව පොහොරවල දක්නට ලැබෙන හොඳින් දිරාපත් වීමේ හැකියාව
  • බොහෝවිට අපද්‍රව්‍ය ලෙස විවිධ ප්‍රදේශවල පහසුවෙන් සපයා ගැනීමේ හැකියාව
  • නිෂ්පාදනය කරනු ලබන කොම්පෝස්ට්හි බර වැඩි කිරීමට දායක වීම
  • බොහෝ සත්ව පොහොර භාවිතා කිරීමෙන් නිෂ්පාදනය කරනු ලබන කොම්පෝස්ට්හි හොඳ පැහැයක් ලැබීම
  • කොම්පෝස්ට් නිෂ්පාදනයට අවශ්‍ය ක්ෂුද්‍ර ජිවීන් එක් වීම
  • අමුද්‍රව්‍ය ලෙස භාවිතා කිරීමේ පහසුව



ගොම

කොම්පෝස්ට් නිෂ්පාදනයට විවිධ ප්‍රදේශවල වැඩි වශයෙන් භාවිතා කරන සත්ව පොහොරය වේ. ගොමවල අන්තර්ගත වල් ඇට විනාශ වීමටද කොම්පෝස්ට් නිෂ්පාදනයේදී සිදු වේ. ගොම සමඟ හැකි සෑම අවස්ථාවකදීම ගව මූත්‍රාද භාවිතා කළහැකි නම්, දිරාපත් වීම තවදුරටත් ඉක්මන්කළ හැකි අතර නිෂ්පාදනය කරනු ලබන කොම්පෝස්ට්වලට සැලකිය යුතු ප්‍රමාණයක් නයිට්‍රිජන් ලබා දීමේ හැකියාවද ඇත.

ගොම භාවිතා කිරීමේ වැදගත්කම

  • වැඩි පෝෂ්‍ය පදාර්ථ ප්‍රමාණයක් ලබාදීම
  • ඉක්මණින් දිරාපත් වීමේ හැකියාව
  • කොම්පෝස්ට් නිෂ්පාදනයට අවශ්‍ය ක්ෂුද්‍ර ජිවීන් එක්වීම
  • නිෂ්පාදනය කරනු ලබන කොම්පෝස්ට් සඳහා හොඳ පැහැයක් ලැබීම
  • වැඩි බර ප්‍රමාණයක් ලබාගැනීමට හැකිවීම



කුකුල් පොහොර

මේ සඳහා වඩාත් වැදගත් ලේයර් කුකුල් පොහොර වේ. බ්‍රොයිලර් කුකුල් පොහොරවල අන්තර්ගත දහයියා හෝ ලී කුඩු දිරාපත් වීමට අපහසුය. නමුත් බ්‍රොයිලර් අතුරණුව කොම්පෝස්ට් නිෂ්පාදනයට භාවිතා කරන අවස්ථාවලදී ඒ සඳහා විශේෂ ක්‍රියාමාර්ග අනුගමනය කිරීම තුළින් බ්‍රොයිලර් අතුරණුවද දිරාපත් කරගත හැකිවේ. ලේයර් කුකුල් පොහොර හොඳින් දිරාපත් වී ඇති නිසා කොම්පෝස්ට් නිෂ්පාදනයට පහසුවෙන් භාවිතා කළහැකිය.

කුකුල් පොහොර භාවිතා කිරීමේ වැදගත්කම

  • වැඩි පෝෂ්‍ය පදාර්ථ ප්‍රමාණයක් ලබාදීම
  • කොම්පෝස්ට්වලට හොඳින් පොස්පරස් ලබාදීමට හැකිවීම
  • සැලකිය යුතු ක්ෂුද්‍ර ජිවීන් ප්‍රමාණයක් එක්වීම
  • දිවයිනේ බොහෝ ප්‍රදේශවල පහසුවෙන් සපයා ගැනීමේ හැකියාව


බ්‍රොයිලර් අපද්‍රව්‍ය මඟින් කොම්පෝස්ට් නිෂ්පාදනය

‍ෙබ්‍රායිලර් අපද්‍රව්‍ය යනු බ්‍රොයිලර් කුකුල් කුඩුවලින් ඉවත් කරනු ලබන අපද්‍රව්‍ය සහිත ආස්තරණය වේ. බෝහෝවිට මෙම ආස්තරණය ලෙස දහයියා හො‍් ලී කුඩු භාවිතා කරනු ලැබේ. බ්‍රෙයිලර් අපද්‍රව්‍යවල දහයියා හෝ ලී කුඩු, කුකුලන්ගේ අපද්‍රව්‍ය කුකුල් කෑම වැනි දෑ අන්තර්ගත වේ. ලංකාවේ අද සුලභව දැකිය හැකි නමුත් නිසි පරිදි භාවිතයට නොගන්නා අ‍පතේ යන කාබනික ද්‍රව්‍යයක් ලෙස බ්‍රෙ‍ායිලර් අපද්‍රව්‍ය හැඳින්විය හැකිය. මෙම අපද්‍රව්‍ය දින 40 – 45 ක් වැනි ඉතා කෙටි කාලයකදී ලබාගත හැකිය. මෙය වැඳගත් කාබනික පොහොරක්ද වේ.

බ්‍රොයිලර් අපද්‍රව්‍යවල සැලකිය යුතු ප්‍රමාණයක් ශාක පෝෂක අන්තර්ගත වේ. මේ නිසා ලංකාවේ කාබනික පොහොර හිඟයට පිළියමක් ලෙස භාවිතා කළ හැකි සාර්ථක කාබනික පොහොරක් ලෙස බ්‍රොයිලර් අපද්‍රව්‍ය සැලකිය හැකිය. මෙම අපද්‍රව්‍ය සාමාන්‍ය ව්‍යවහාරයේ බ්‍රොයිලර් කුකුල් පොහොර ලෙස හඳුන්වනු ලැබේ. ‍ෙබ්‍රායිලර් කුකුල් පොහොර භෝග වර්ධනයට අත්‍යවශ්‍ය ශාක පෝෂක සියල්ලම අන්තර්ගත කාබනික පෙහොරකි. විශේෂයෙන්ම වෙනත් කාබනික ද්‍රව්‍ය හා සසඳා බැලීමේදී බ්‍රොයිලර් අපද්‍රව්‍යයේ සැලකිය යුතු පෝෂ්‍ය පදාර්ථ ප්‍රමාණයක් අන්තර්ගත වේ. මේ නිසා බ්‍රොයිලර් ආස්තරණය අපතේ නොයවා කාබනික පොහොරක් ලෙස භාවිතා කිරීම වැදගත්ය.

බ්‍රොයිලර් ආස්තරණයේ ඇති අධික කාබන් ‍හා නයිට්‍රජන් අතර අනුපාතය දිරාපත්‍වීමේ ක්‍රියාවලිය පමා කෙරේ. මේ නිසා බ්‍රොයිලර් අපද්‍රව්‍ය මඟින් කොම්පෝස්ට් ‍නිපදවීමේදී කාබන් හා නයිට්‍රජන් අතර අනුපාතය අඩුකර ගැනීමට ක්‍රියාමාර්ග ගැනීම කාර්ය කාර්යක්‍ෂම කොම්පොස්ට් නිපදවීමට හේතුවේ.

මේ සඳහා ප්‍රදේශයේ හෝ ගෙවත්තේ සොයා ගත හැකි ශාකවල අමු තණ කොළ රොඩු භාවිතා කිරීම වෙනත් සත්ව පෙහොර භාවිතා කිරීම, යුරියා ස්වල්පයක් එක් කිරීම, තම ගෙවත්තේ හෝ ප්‍රදේශයේ ගවයින් ඇත්නම් ගව මුත්‍රා හෝ ගව ආස්තරණය භාවිතා කිරීම වැනි ක්‍රම කොම්පොස්ට් නිපදවීමේදී අනුමගමනය කළ හැකිය.

බ්‍රොයිලර් අපද්‍රව්‍ය බොහෝදුරට එකාකාරී සංයුතියකින් යුක්තය. මේ නිසා බ්‍රොයිලර් අපද්‍රව්‍ය භාවිතා කර නිපදවන කොම්පෝස්ට්වල සංයුතිය බෝහෝදුරට එකාකාරිව පවත්වා ගැනීමට පහසු වේ. මෙය විශේෂයෙන් වාණිජ කොම්පෝස්ට් නිෂ්පාදනයේ වැදගත් ලක්‍ෂණයකි.

එසේම මෙම ආස්තරණයේ නගරබද කුණු කසලවල මෙන් පොලිතීන්, වීදුරු, ලී, යකඩ, හා බෙලෙක් කැබලි වැනි අපද්‍රව්‍ය අන්තර්ගත නොවේ. බ්‍රොයිලර් ආස්තරණයේ දක්නට ලැබෙන අපද්‍රව්‍ය කුඩා කැබලි ලෙස තිබීම නිසා කැබලි කිරීමේ අවශ්‍යතාවයක්ද පැන නොනගී. මේ නිසා බ්‍රොයිලර් ආස්තරණය පහසුවෙන් හා ලාභදායීව කොම්පෝස්ට් නිපදවීමට භාවිතා කළ හැකිය. බ්‍රොයිලර් අපද්‍රව්‍ය ක්‍ෂුද්‍ර ජීවීන් සැලකිය යුතු ප්‍රමාණයක් අන්තර් ගතවන මාධ්‍යයකි. එයට හේතුව දින 40 සිට 45 දක්වා කුකුලන්ගේ අපද්‍රව්‍ය, ආහාර අවශේෂ ආදිය දහයියා සමඟ එකතු වීමයි. එහි අන්තර්ගත ක්‍ෂුද්‍ර ජීවීන්ගේ ක්‍රියාරීත්වය නිසා කොම්පෝස්ට් නිෂ්පාදනයේදී අමුද්‍රව්‍ය පහසුවෙන් දිරාපත්වීමට ද හැකියාවක් ඇත.

‍ෙබ්‍රායිලර් අපද්‍රව්‍ය නිසි පරිදි කළමනාකරණය කර ගත නො‍හැකිවීම වරතමාන‍ෙය් එම කර්මාන්තයේ යෙදී සිටින්නන් මුහුණ පා ඇති ප්‍රධාන ගැටළුවකි. මේ හේතුව නිසා පාරිසරික ගැටළු පවා ඇති වී ඇත. බ්‍රොයිලර් අපද්‍රව්‍ය විවිධ ස්ථානවල දැමීමෙන් පරිසරය හා‍ ජලය අපවිත්‍රවීම් බොහෝවිට වාර්තා වී ඇත.

බ්‍රොයිලර් අපද්‍රව්‍ය නිසි පරිදි කළමන‍ාකරණය නොකිරීමෙන් කුකුල් පාල‍නයේ “ගම්බෝරෝ” වැනි රෝග පැතිරීම නිසා ද ගැටළු ඇති වී ඇත. මෙම රෝග පාලනය කිරීමට අධික ලෙස මුදල් වැය කිරීමට සිදුවන අතර ඒ නිසා බොහෝ කුකුල් කොටු පාඩුදායක තත්වයකට පවා පත්වී ඇත. කෙසේ නමුත් බ්‍රොයිලර් අපද්‍රව්‍ය මඟින් කොම්පොස්ට් නිපදවීමේදි ඇතිවන අධික උෂ්ණත්වය නිසා බෝහෝ රෝගකාරකයින් විනාශවීම සිදු වේ. මේ නිසා කුකුල් කර්මාන්තයේ විවිධ රෝග අවම කර ගැනීමට පවා බ්‍රොයිලර් අපද්‍රව්‍ය ප්‍රතිචක්‍රීකරණය හේතුවේ.

බොහෝ බ්‍රොයිලර් කර්මාන්තකරුවන්හට තම අපද්‍රව්‍යය බැහැර කර ගැනීම පිළිබඳව ගැටළු මතු වී ඇත. එබැවින් මෙම අපද්‍රව්‍ය ප්‍රතිචක්‍රීයකරණය කර කොම්පෝස්ට් පොහොර නිපදවා ගැනීම තුළින් අතිරේක ආදායම් මාර්ගයක් ඇති කර ගැනීමටද හැකිවේ.

අද ලංකාවේ කෘෂිකර්මානතයේ සාර්ථක අස්වැන්නක් ලබා ගැනීමට ඇති ප්‍රධාන ගැටළුවක් ලෙස පසේ අඩු සාරවත් බව සැලකිය හැකිය. මෙයට ප්‍රධාන ගැටළුවක් ලෙස පසේ අඩු සාරවත් බව සැලකිය හැකිය. මෙයට ප්‍රධාන හේතුව වී ඇත්තේ පසේ අන්තර්ගත අඩු කාබනික ද්‍රව්‍ය ප්‍රමාණයයි. මේ සඳහා කළයුත්තේ පසට කාබනික ද්‍රව්‍ය එක් කිරීමයි. කෙසේ නමුත් අද එලෙස යෙදිය හැකි සුදුසු කාබනික පොහොර වර්ග හා ප්‍රමාණ සීමාසහිත වන අතර මිලද සැලකිය යුතු ‍ෙලස අධික වේ. මේ නිසා සුලභව දක්නට ලැබෙන බ්‍රොයිලර් අපද්‍රව්‍ය මඟින් කොම්පොස්ට් නිෂ්පාදනය කර කාබනික පෙ‍ාහොරක් ලෙස භාවිතා කිරීම ‍පසේ සාරවත් බව වැඩි කිරීමට හේතු වේ. එය භෝග වගාවේ සාර්ථකත්වයට හා පසේ දිගුකාලීන සාරවත් බව ආරක්‍ෂා කර ගැනීමට ද උපකාරී වේ.


එළු පොහොර

එළු පොහොර සපයා ගතහැකි ප්‍රදේශවල කොම්පෝස්ට් නිෂ්පාදනයට මෙම සත්ව‍ පොහොර වර්ගයද සාර්ථකව භාවිතා කළහැකිය. විශේෂයෙන් බෙටි ආකාරයට දක්නට ලැබෙන එළු පොහොර කොම්පෝස්ට් නිෂ්පාදනයේදී හොඳින් කුඩු වී විනාශ වීම සිදුවේ.

එළු පොහොර භාවිතා කිරීමේ වැදගත්කම

  • වැඩි පෝෂ්‍ය පදාර්ථ ප්‍රමාණයක් ලබාදීම
  • සැලකිය යුතු ක්ෂුද්‍ර ජිවීන් ප්‍රමාණයක් එක් වීම
  • නිෂ්පාදනය කරනු ලබන කොම්පෝස්ට් සඳහා හොඳ පැහැයක් ලබාදීම

කොම්පෝස්ට් නිෂ්පාදනයට ඒ ඒ ප්‍රදේශවල සුලභව දක්නට ලැබෙන ඕනෑම සත්ව පොහොරක් භාවිතා කළහැකිය. මේ සඳහා ඉහත සඳහන්කළ සත්ව පොහොරවලට අමතරව ඌරු පොහොර, වවුල් පොහොර හා වෙනත් ඕනෑම සත්ව පොහොරක් භාවිතා කළහැකිය. ප්‍රදේශයේ සුලභතාව මත ඒවා තෝරා ගැනීම වඩාත් වැදගත්ය.

විවිධ සත්ව පොහොරවල අන්තර්ගත ප්‍රධාන ශාක පෝෂක ප්‍රමාණයන්


සත්ව පොහොරවියළි බර අනුව %
නයිට්‍රජන්පොස්පරස්පොටෑසියම්
ගොම1.70.70.8
ලේයර් කුකුල් පොහොර2.31.22.2
බ්‍රොයිලර් කුකුල් පොහොර2.20.81.9
එළු පොහොර2.20.71.2
ඌරු පොහොර1.50.80.7



ප්‍රධාන වෙබ් අඩවිය
Main Site